DFCC බැංකුවේ නවතම MySpace ස්වයං-බැංකුකරණ සේවා පරිශ්‍රයක් පසුගියදා MAS Fabric Park හි MAS Intimates තුරුලී පරිශ්‍රයේ විවෘත කරන ලදි. මෙමගින් MAS Intimates කාර්ය මණ්ඩලයට සහ ප්‍රදේශවාසීන්ට දවසේ පැය 24 පුරා බැංකු සේවාවන් ලබාගත හැකි වේ. Pay and Go යන්ත්රද සහිත MySpace Self Banking සේවා පරිශ්‍රවලින් ගනුදෙනුකරුවන්ට බැංකු සේවාවන්ට අමතරව බිල්පත් ගෙවීම, විවිධ ආයතනවලට ගෙවීම් කිරීම සහ ජංගම දුරකථන රීලෝඩ් කිරීම ඇතුළු තවත් බොහෝ සේවාවන් ලබාගත හැකි අතර, LankaPay ජාලයට සම්බන්ධ බැංකුවල කාඩ්පත් මෙන්ම දේශීය හා විදේශීය කාඩ්පත් භාවිතයෙන් මුදල් ආපසු ගැනීමද සිදුකළ හැක.
“MAS Intimates තුරුලී පරිශ්‍රයේ විවෘත කළ DFCC බැංකුවේ MySpace Self Banking සේවා පරිශ්‍රය දැන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මකයි. මේ සඳහා MAS සමාගම ලබාදුන් සහයෝගය වෙනුවෙන් අප එම සමාගමට ස්තූතිවන්ත වනවා. MAS Intimates කාර්ය මණ්ඩලයට හා ප්‍රදේශවාසීන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීම අපගේ අරමුණයි. ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු හා මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම වර්තමානයේ අතිශයින් වැදගත්. අප මේ වනවිට ඩිජිටල් සේවාවන් රාශියක් හඳුන්වා දී තිබෙනවා. එම සේවාවන් ජනතාවට තවදුරටත් සමීප කරවමින් DFCC MySpace ජාලය ඉටුකරන කාර්යභාරය සුවිශාලයි. දවසේ ඕනෑම වේලාවක තම බැංකු සේවා සහ අනෙකුත් අවශ්‍යතාවන් සඳහා මේ නව MySpace Self Banking සේවා පරිශ්‍රය භාවිතා කරන මෙන් අප සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.
2023 පෙබරවාරි 08 දින DFCC බැංකුව සහ MAS Intimates හි කළමනාකරණ සහ ඒකාබද්ධ උපදේශක කමිටුව එක්ව පවත්වන ලද සුවිශේෂී උත්සවයකදී, MAS Intimates තුරුලී පරිශ්‍රයේ DFCC MySpace සේවා පරිශ්‍රය නිල වශයෙන් විවෘත කරන ලදි. DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ, උප සභාපති (ඩිජිටල් ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි, උප සභාපති සහ ප්‍රාදේශීය කළමනාකරු ටෙරන්ස් ඇතුගල සහ කෑගල්ල ශාඛාවේ කළමනාකරු සංජය ජයතිලක යන මහත්වරුන්ද, MAS Intimates වෙනුවෙන් එහි මානව සම්පත් කළමනාකරු හිරාන් කුලරත්න සහ සාමාන්‍යාධිකාරී (Intimates) ඉරංග ජයවික්‍රම යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වූහ. ඊට අමතරව DFCC බැංකුවේ විකුණුම්/ඩිජිටල් කණ්ඩායම සහ MAS Intimates කළමනාකරණ සහ ඒකාබද්ධ උපදේශක කමිටුව නියෝජනය කරන පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.