DFCC බැංකුවේ මාර්ගගත බැංකුකරණ සේවාව ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට අමතර 0.5% ක පොලියක්

05% (1)

ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, සිය මාර්ගගත බැංකුකරණ සේවාව (Online Banking) ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පොලියට අමතරව 0.5% ක අමතර පොලියක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. අන්තර්ජාල බැංකුකරණ පහසුකම ඇතුළුව ඩිජිටල් නාලිකා ඔස්සේ ස්ථාවර තැන්පතු විවෘත කරන ගනුදෙනුකරුවන්ට මෙම අමතර පොලිය හිමිවනු ඇත.

 



 

DFCC බැංකුවේ ඩිජිටල් බැංකු සේවාවන් සැලසුම් කර ඇත්තේ, ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන්, ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිට තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකිවන පරිද්දෙනි. මෙම දීමනාව මගින් වැඩි පිරිසක් ඩිජිටල් බැංකුකරණ සේවාවන් භාවිතයට යොමුවනු ඇතැයි DFCC බැංකුව විශ්වාස කරයි.

ඩිජිටල් බැංකුකරණ සේවාවන් යනු ඉතාමත් පහසුවෙන් මෙන්ම සුරක්ෂිත ලෙස බැංකු සේවා අවශ්‍යතා සපුරාගැනීමට අවස්ථාව සලසා දෙන මාධ්‍යයකි. රු. 10,000/- හෝ ඊට වැඩි ස්ථාවර තැන්පතු විවෘත කිරීම සඳහා DFCC බැංකුවේ මාර්ගගත බැංකුකරණ පහසුකම භාවිතා කළ හැකි වේ.

“අපගේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් මගින් ලැබෙන පහසුව සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට අපට අවශ්‍ය වුණා. මෙවැනි දීමනාවක් හඳුන්වා දීම අප කටයුතු කළේ ඒ නිසයි. 100% ක්ම කඩදාසි භාවිතයෙන් තොරව, ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ස්ථාවර තැන්පතු විවෘත කිරීම සඳහා අපගේ මාර්ගගත බැංකුකරණ පහසුකම භාවිතා කිරීමට පුළුවන්. මෙය අපගේ තිරසාර සහ පරිසර හිතකාමී මෙහෙවරට සමගාමී පියවරක් ලෙසත් හැඳින්විය හැකියි. එම මෙහෙවර තුළදී අප උත්සාහ කරන්නේ, කඩදාසි භාවිතා කිරීම අවම කරන අතරම ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛා වෙත පැමිණීමෙන් තොරව තව අවශ්‍යතා ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දීමටයි. පොලී අනුපාත පහළ යමින් පවතින මේ මොහොතේ තම ඉතුරුම්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා මෙම  දීමනාව භාවිතා කරන මෙන් මා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

Digital Onboarding යනු DFCC බැංකුව මෑතකදී හඳුන්වා දුන් තවත් සුවිශේෂී ඩිජිටල් පහසුකමකි. නව ගනුදෙනුකරුවන්ට DFCC බැංකුවේ ගිණුමක් විවෘත කිරීම සඳහා  මෙම පහසුකම භාවිතා කළ හැකි වේ. Digital Onboarding යනු කඩදාසි භාවිතා කිරීමෙන් හෝ බැංකු ශාඛා වෙත පැමිණීමෙන් තොරව ඩිජිටල් ක්‍රමයට ගිණුම් විවෘත කිරීම සඳහා අවස්ථාව සලසා දෙන සුවිශේෂී ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය භාවිතා කරමින් ගිණුමක් විවෘත කිරීමෙන් අනතුරුව ගනුදෙනුකරුවන්ට DFCC මාර්ගගත බැංකුකරණ පහසුකම ඔස්සේ ස්ථාවර තැන්පතුවක් විවෘත කර, නියමිත පොලියට වඩා 0.5% ක අමතර පොලියක් හිමිකරගත හැකි වේ.

https://online.dfcc.lk/DFCCRetail/servletcontroller වෙත පිවිසී DFCC මාර්ගගත බැංකුකරණ පහසුකම සඳහා ලියාපදිංචි වීම මගින් ස්ථාවර තැන්පතුවක් විවෘත කළ හැක. නව ගනුදෙනුකරුවන්ට https://applyonline.dfcc.lk/ වෙත පිවිසීමෙන් DFCC බැංකුවේ සේවාවන් සඳහා ලියාපදිංචි විය හැකි වේ.

වැඩිදුර තොරතුරු සඳහා 0112 350000  අමතන්න. නැතිනම් www.dfcc.lk වෙත පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව