3 (1) (LBN)

John Keells Properties සමාගම DFCC බැංකුව සමගින් ඇති කරගනු ලැබූ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගනිමින් සිය වටිනා බැංකු ගනුදෙනුකරුවන් හට, John Keells Properties හී ජා-ඇළ නවීනතම ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට ආරාධනා කළේය.

DFCC බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වය යටතේ, තම ගනුදෙනුකරුවන් අතර සිටින අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට විමන් හි ඔවුන්ගේ අනාගත නිවාස සිහිනය සැබෑ කර ගැනීමට වටිනා අවස්ථාවක් සලසා දෙමින් ඒ සඳහා ආකර්ෂණීය වූ නිවාස ණය යෝජනා විසඳුම් ලබා දීමට ඉදිරිපත්ව සිටියි. මෙම සුවිශේෂී උත්සව අවස්ථාව, කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි John Keells Properties සමාගමෙහි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ජා-ඇළ ‘විමන්’ මහල් නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවහනේදී පැවැත්විණි.

 



 

John Keells Properties සමාගමේ පළපුරුදු අලෙවි උපදේශක කණ්ඩායම විසින් පැමිණ සිටි නිවාස අපේක්ෂිත ආරාධිතයන් හට තම නිවාස වෙනුවෙන් ලඟා විය හැකි නිවාස ණය යෝජනා විසඳුම් සහ එහි ප්‍රතිලාභ පිළිබඳව අවබෝධයක් ලබා දෙනු ලැබීය. මෙම අගනා සබඳතාවය හරහා පාරිභෝගිකභවතුන් හට නිවාස ව්‍යාපෘතිය සහ එහි සුවිශේෂී දීමනා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

මේ අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties හි විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය. ”ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කර ඇති John Keells Properties සමාගම සමග DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් වන නිවාස අපේක්ෂාවෙන් සිටින නිවාස හිමියන් මෙම අවස්ථාවට සම්බන්දවීම පිළිබඳව මම  ආඩම්බර වෙනවා. ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය ජා-ඇළ නගර මධ්‍යයේ වර්තමාන ජීවන රටාව ගැළපෙන අයුරින් සහ නිවැසියන්ට පදිංචියට සුදුසු සාමකාමී පරිසරයක් නිර්මාණය කර දෙනවා. කොළඹ වරාය හා අධිවේගී මාර්ගයට පිවිසීමට ඇති පහසුව ජා-ඇළ විමන් සතු සුවිශේෂී ප්‍රතිලාබයක්. අපගේ ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ණය යෝජනා පැකේජ පිරිනැමීමට DFCC බැංකුව සමග එක් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.”

DFCC  බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ මූල්‍ය සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”ඕනෑම අනාගත නිවාස හිමියෙකුගේ හෝ ආයෝජකයෙකුගේ ආයෝජන සඳහා මූලික වන්නේ ඊට ලැබෙන ආරක්‍ෂාව සහ සුරක්ෂිත බව.  එමෙන්ම DFCC බැංකුව John Keells Properties සමාගමේ විමන් නිවාස ව්‍යාපෘතිය සමග සහයෝගීතාවය ඇතිව කටයුතු කරනු ලබන්නේ ඔවුන්ගේ පිළිගනිම සහ DFCC බැංකුවේ දිගුකාලීන උරුමය යන කරුණු දෙක මත පදනම්වයි. අපගේ ගනුදෙනුකරුවන් හට අනාගත නිවසක් හිමිකර ගැනීමේ සිහිනයට සහයක් වෙමින් නම්‍යශීලී පහසු ණය යෝජනා  ක්‍රම ඇතුළු මූල්‍ය විසඳුම් ලබා දීමට හැකිවීම පිළබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම ජා-ඇළ විමන් නිවාස ව්‍යාපෘතිය කා හටත් වටිනා ආයෝජන අවස්ථාවක් වන බවට සැකයක් නැහැ.”

John Keells Properties සමාගම ‘නව ලොවක් නිර්මාණය කරමින් ජීවිතයේ අත්දැකීම් යළි අර්ථවත් කෙරෙන අවකාශයක් ගොඩනැගීමේ’ දැක්ම මත පදනම් වේ. අක්කර 6ක් පුරා පැතිරී ඇති විමන් මහල් නිවාස ව්‍යාපෘතිය හරහා මහල් නිවාස 418ක් සමගින් නවීන සුව පහසුකම්වල එකතුවක් ඔබ වෙත පිරිනමයි. ජා-ඇළ නගර මධ්‍යයේ ඉදිකෙරෙන විමන් හි පදිංචිකරුවන් හට සුපිරි වෙළඳසැල්, බැංකු, ආපනශාලා සහ රෝහල් ඇතුළු පහසුකම් රැසකට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. එමෙන්ම ජා-ඇළ සහ කොළඹ වරාය අතර සම්බන්ධතාවයට පහසුකම් සලසා දෙමින් අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමට ඉතා සමීපයෙන් විමන් පිහිටීම මෙහි ඇති සුවිශේෂී වාසියකි. හරිත උයනක් කේන්ද්‍ර කර ගනිමින් ඉදිවෙන විමන් නිවාස ව්‍යාපෘතිය පිහිනුම් තටාකයක්, ව්‍යායාම් ශාලාවක්, භාවනා සඳහා වෙන්වූ පරිශ්‍රයක් ක්‍රීඩාංගනයක්, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩා පිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීමේ අවකාශයන් සහ විදුලි වාහන ආරෝපණ පහසුකම් වලට අමතරව බහුකාර්ය එළිමහන් ක්‍රීඩා පිටියක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය. මෙම නවීන පහසුකම් තුළින් එම පදිංචිකරුවන්ට තම අධ්‍යාත්මීය නිදහස්බව සුරක්ෂා කරමින් සෞන්දර්යාත්මක පරිසරයක් නිර්මාණය කර දෙන අතර, පවුල්වලට සතුටින් හා සාමකාමීව සිටීමට කදිම පසුබිමක් නිර්මාණය කර දෙයි.

විශේෂයෙන්ම ‘විමන්’ නිවාස ව්‍යාපෘතියෙහි බලශක්ති කාර්යක්ෂමතාවය සහිතව ක්‍රියාත්මකවන සූර්ය බලශක්තියෙන් බල ගැන්වූ නිවාස, හරිත අවකාශයන් සමගින් ප්‍රශස්ත ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණ ඇතිව, නවීන සුව පහසු හා තිරසර ජීවන රටාවක් නිර්මාණය කිරීමේ John Keells Properties සමාගම සතු කැපවීම හා අධිෂ්ඨානය විදහා දක්වයි.

ජා-ඇළ විමන් නිවාස ව්‍යාපෘතිය පිළිබඳව සහ නිවාස ණය පැකේජ පිළිබඳ වැඩිදුර විස්තර, 0706 068 068 යන දුරකථන අංකය ඔස්සේ John Keells Properties සමාගම ඇමතීමෙන් හෝ www.viman.lk වෙබ් අඩවිය වෙත පිවිසිමෙන් ලබා ගත හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව