DFCC බැංකුව 2025 වර්ෂයේ පළමු අර්ධය තුළ ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි.

DFCC Financial Stability

DFCC බැංකුව 2025 වසරේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත. DFCC බැංකුව බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 5.5 ක මුදලක් වාර්තා කළ අතර සමස්ථ ණය ලබාදීම්වල මුළු එකතුවෙහි 19% ක වර්ධනයක් හේතුවෙන්, බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 787 දක්වා 12% කින් වර්ධනය වී තිබේ. ශුද්ධ පොලී ආදායම 11%කින් ඉහළ ගිය අතර, අඩු පොලී අනුපාතයක් පැවති පසුබිමක වුවද විනයානුකූල ණය දීමේ සහ අරමුදල් සම්පාදනය කිරීමේ උපායමාර්ගයන් හරහා පොලී ආදායමෙහි සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර තිබේ. DFCC බැංකුවට අනුබද්ධිත ආයතනයක් වන Acuity Partners හි කොටස් විකිණීමෙන් ලද ලාභය ද ඇතුළත්ව, බදු පසු ලාභය රුපියල් බිලියන 10.5 ක් විය.
 



 

සමූහයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සියයට 15.004ක් ලෙසත්, ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR) සියයට 187.47ක් සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (NSFR) සියයට 112.81ක් ලෙස වාර්තා විය. මෙම අනුපාත නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවතී. අදියර 3 හි අඩමාන ණය අනුපාතය සියයට 4.62 දක්වා වැඩිදියුණුවිය.මේ තුළින්, ශක්තිමත් අයකරගැනීම් ක්‍රමවේදය හා ණය අංශයේ ගුණාත්මකභාවය පිලිබිඹූ කරයි.

මෙම අර්ධ වාර්ෂික කාලය තුළ කොළඹ, ලක්සම්බර්ග් සහ ඉන්දියාවේ GIFT City හි NSE IX හි හරිත බැඳුම්කරයක් ත්‍රිත්ව ලැයිස්තුගත කිරීම, DFCC බැංකුවේ ඉස්ලාමීය බැංකු සේවාවන් හඳුන්වා දීම, කාන්තා බැංකු සේවා අංශය වන DFCC Aloka හි ගනුදෙනුකරුවන් 100,000 ඉක්මවීම වැනි සුවිශේෂී සන්ධිස්ථාන ද සනිටුහන් කළේය. 2025 වසරේදී සිය 70 වසරක සේවය සමරන DFCC බැංකුව, තිරසාර වර්ධනය, මුල්‍ය ප්‍රවේශය සහ නවෝත්පාදනයන් කෙරෙහි අවධානය යොමු කරමින් සිය ගනුදෙනුකරුවන්ට සහ සමස්ත ආර්ථිකයට සහාය වේ.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව