DENZA හි නවීන මාදිලි Shoppes හි සහ Colombo Motor Show හිදී එළික්වයි

DENZA CMS '25 IMG 1 (LBN)

ශ්‍රී ලාංකීය රථ වාහන වෙළෙඳපොලේ විප්ලවීය වෙනසක් සිදු කළ BYD හි නවතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන DENZA 2025 Colombo Motor Show හිදී ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. ඊට සමගාමීව City of Dreams හි Shoppes හිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම DENZA ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමටද කටයුතු කරන ලදී.

ඒ අනුව නව බලශක්ති වාහන පිළිබඳව උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් හට plug-in hybrid (PHEV) තාක්ෂණයෙන් යුත් DENZA හි D9, DENZA B5 සහ DENZA B8 ඇතුළු සුවිශේෂී SUV මාදිලි දැක බලා ගැනීමට සහ ඒවායෙහි විශිෂ්ටත්වය අත් විඳීමට හැකියාව උදා විය.




DENZA හි බහුකාර්ය මෙන්ම ඉහළ කාර්යක්ෂමතාවක් සහිත NEV නිෂ්පාදනයන් ලෙස මෙම සියලු මාදිලි පාරිභෝගිකයින් වෙත ඉහළ සුවපහසුවක් මෙන්ම මනා අත්දැකීමක් ලබා දෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා “ශ්‍රී ලංකාවට වාහන ආනයන කිරීම තාවකාලික අත්හිටවූ කාලය තුල ගෝලීය වශයෙන් තිරසාර ප්‍රවාහනය වේගයෙන් දියුණුවට ලක් වූ අතර සුවපහසු ගමනාගමනයක් පිළිබඳ අපේක්ෂාවන්ද බෙහෙවින් වර්ධනය වුණා. මෙම නවතම මාදිලි වෙළෙඳපොලට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාව තුලද ඒවා ඉතා ඉක්මණින් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.” යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ ‘’යුරෝපීය රථවාහන මාදිලි අනුගමනය කරමින් NEV තාක්ෂණය සමඟින් සුඛෝපභෝගීත්වය හා තිරසාර අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත ලබා දෙන මෙම වාහන ප්‍රදර්ශනය සඳහා කදිම ස්ථානයක් ලෙස City of Dreams හි Shoppes සඳහන් කළ හැකියි.’’ යනුවෙනි.

එම වාහන ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දීමේ පියවරක් ලෙස නොවැම්බර් 21 සිට 23 වන දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති 2025 Colombo Motor Show හිදී සුවිශේෂී DENZA  නව බලශක්ති වාහන දැක බලා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකියාව උදා විය.

ශ්‍රී ලංකාවේ පිළිගත් මෝටර් රථ ප්‍රදර්ශනයක් වන මේ සඳහා රථ වාහන පිළිබඳ උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන්ට රථ වාහන අලෙවිකරුවන් හා සැපයුම්කරුවන් සමග ඍජුව සම්බන්ධ වීමේ අවස්ථාවද උදා විය.

2010 වසරේදී BYD සහ Mercedes-Benz අතර සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කරන ලද DENZA සන්නාමය යටතේ යුරෝපීය ආකෘතියෙන් යුත් නව බලශක්ති වාහන නිෂ්පාදනයට පියවර ගන්නා ලදී. 2014 වසරේදී සිය පළමු වාහනය හඳුන්වා දුන් ඔවුන් එතැන් සිට යුරෝපය හා ඉන්දුනීසියාව ඇතුළු තෝරාගත් රටවල් රැසකට DENZA සන්නාමය හඳුන්වා දීමට කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවට DENZA සන්නාමය හඳුන්වා දීම දකුණු ආසියාතික රටක් තුල සිදුවන ප්‍රථම දියත් කිරීම වන අතර මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් වීම හා නව ප්‍රදර්ශනාගාරය ශ්‍රී ලංකාව තුළ සුවිසල් ගමනක ආරම්භය බවට පත් වනු ඇත.

City of Dreams, Shoppes හි නව DENZA ප්‍රදර්ශනාගාරය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 10 සිට ප.ව 6 දක්වා මෙන්ම සෙනසුරාදා දිනවල පෙ.ව 10 සිට ප.ව 5 දක්වා විවෘතව ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව