CSBL හි ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන ඇප් පහසුකම වන ‘ලංකා රෙමිට්’ සමඟ HNB අත්වැල් බැඳගනී

HNB

 



 

 

 

රට තුළට පැමිණෙන එතෙර මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන යෙදවුම සඳහා සහයෝගය දැක්වීමට හවුල්කාර බැංකුවක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය.

විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී දැනට පවතින පේ‍්‍රෂණ නාලිකා වෙත සෘජුවම මෙමගින් පිවිසිය හැකි බවත් මේ නිසා ශ‍්‍රී ලංකාවට මුදල් එවීමේදී වඩාත් පහසු සහ පිරිවැය ඵලදායී නාලිකා තෝරාගැනීමට අවස්ථාව හිමි වන බවත් HNB සඳහන් කරයි. මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහාය ඇතිව මෙම පේ‍්‍රෂණ ජංගම දුරකතන යෙදවුම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ යෞවන හා ක‍්‍රීඩා අමාත්‍ය මෙන්ම සංවර්ධන සම්බන්ධීකරණ හා නිරීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතා විසින් එළිදක්වන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජේ විජේමාන්න මහතා පැවසුවේ ”විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් විධිමත් බැංකු නාලිකා හරහා නිවසේ සිටින තම ආදරණීයයන් වෙත යැවීමට තීරණය කිරීම පිළිබඳව අප මෙහිදී ඔවුන්ට අපගේ කෘතඥතාව පළකරනවා. ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ රජය මොවුන් ලබා දෙන මෙම මිල කළ නොහැකි දායකත්වය අගයමින් මෑතකදී දියත් කරන ලද ‘ලංකා රෙමිට්’ යෙදවුම හරහා ඉහළ විනිමය අනුපාත සහ අනෙකුත් අගය එකතු කළ සේවාවන් වැනි ප‍්‍රතිලාභ හරහා ඔවුන්ව ඇගයීමට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.” යනුවෙනි.

”පේ‍්‍රෂණ ක්ෂේත‍්‍රයේ වසර 40ක පුළුල් අත්දැකීම් සහිත පුද්ගලික බැංකුවක් ලෙස ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගැනීමේදී සහ විදේශගත ශ‍්‍රමිකයන්ගේ අවශ්‍යතා සහතික කිරීමටත් ආකර්ෂණීය ප‍්‍රතිලාභ සඳහා පහසුකම් ලබා දීමටත් අප මූලිකත්වය ගෙන කටයුතු කරනවා. මෙම නව යෙදවුමේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වන අතර මෙය විධිමත් මුදල් පේ‍්‍රෂණ ක‍්‍රමවේද ශක්තිමත් කිරීමේ අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

HNB මෑතකදී සිය පේ‍්‍රෂණ සේවාව හරහා සෑම මසකම වාසනාවන්ත ජයග‍්‍රාහකයින් දස දෙනෙකුට රු.100,000 බැගින් හිමිකර ගැනීමට අවස්ථාව ලබා දෙන ප‍්‍රවර්ධනයක් දියත් කළ අතර එය 2022 වසර පුරාවට අඛණ්ඩව පැවැත්වෙනු ඇත. HNB පේ‍්‍රෂණ සේවාව මඟින් ලොව පුරා සිටින හවුල්කාර ජාලය හරහා මුදල් යැවීමට පාරිභෝගිකයින්ට පහසුව සහ ආරක්ෂාව සලසා දෙයි. HNB ගෝලීය ජාලය, ලොව පුරා කීර්තිමත් පේ‍්‍රෂණ නියෝජිතායතන සහ බැංකු රාශියක් සමඟින් ව්‍යාපාරික සම්බන්ධතා 130 කට වැඩි ගණනකින් සමන්විත වේ. මුදල් එවන්නන්ට ශ‍්‍රී ලංකා මුදල් හැර පිළිගත් මුදල් ඒකක 13 කින් මුදල් තැන්පත් කළ හැකිය.

HNB සිය ගෝලීය ජාලයට අමතරව, විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට සහාය වීම උදෙසා තෝරාගත් ස්ථාන වෙත නියෝජිතයින් යොදවා තිබේ.

මුදල් ලබන්නන්ට පහසුවෙන් පේ‍්‍රෂණ සේවාව වෙත ප‍්‍රවේශ වීම සඳහා HNB විසින් ණය ගෙවීමේ විකල්ප කිහිපයක් සපයයි. බැංකුව දිවයින පුරා පිහිටි සිය බැංකු කවුන්ටර හරහා මුදල් ලබා ගැනීමට සහ 780කට වඩා වැඩි බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර හරහා ‘කාඞ්පත් රහිතව පේ‍්‍රෂණ ලබා ගැනීමේ පහසුකම’ (Card-less remittance withdrawal facility) භාවිතා කර මුදල් මාරු කිරීමේ පහසුකම ද සලසා දෙයි. එමෙන්ම HNB වෙනත් ඕනෑම දේශීය බැංකු ගිණුමක් වෙත පේ‍්‍රෂණ වහාම බැර කරනු ලැබේ. බාධාවකින් තොරව සේවා පහසුකම් සැලසීම සහතික කිරීම සඳහා, බැංකුව වසර පුරාවට පැය 24 පුරා පේ‍්‍රෂණ ගනුදෙනු සැකසීම සිදු කරයි.

පාරිභෝගික මධ්‍යස්ථාන 256ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. සිය බැංකු විශිෂ්ටත්වය මැනවින් විදහා පෙන්වමින් 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී බැංකුකරණ අංශයේ ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමිකර ගැනීමට HNB සමත් විය. එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව පස්වරක් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලද අතර 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස ද HNB සම්මානයට පාත‍්‍ර විය. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.

HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජේ විජේමාන්න මහතා (දකුණේ සිට දෙවැනියා) යෞවන හා ක‍්‍රීඩා අමාත්‍ය මෙන්ම සංවර්ධන සම්බන්ධීකරණ හා නිරීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ (වම් කෙළවර) මහතා අතින් සමරු තිළිණයක් ලබා ගනිමින්. CBSL අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සහ CBSL සහකාර අධිපති ධර්මසිරි කුමාරතුංග යන මහත්වරුන් ද ඡායාරූපයේ වෙයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව