කොමර්ෂල් බැංකුව ලොව පිළිගත් Superbrand සන්නාමයෙන් පිදුම් ලබයි

Superbrand status - 2026 (LBN)

සියවසකට අධික කාලයක නායකත්වය සහ මිලියන ගණනකගේ නොසැලෙන විශ්වාසය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව Superbrand සම්මානය ලබා ඇත. තම ගනුදෙනුකරුවන්ට, කොටස් හිමියන්ට සහ මෙරට ආර්ථිකයට කොමර්ෂල් බැංකු සන්නාමය ලබා දී ඇති තිරසර ප්‍රගතිය සහ කල් පවතින වටිනාකම අනුමත කිරීමක් වන මෙම පිළිගැනීම මගින් පිළිබිඹු වන්නේ ජාතියේ ප්‍රමුඛතම බැංකු සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව ලොව වඩාත් ම ප්‍රසිද්ධ සහ බලගතු සන්නාම අතරට ඔසවා ඇති බවයි.



Superbrand සම්මානය ගනුදෙනුකරුවන් සමඟ සුවිශේෂී ශක්තියක්, විශ්වසනීයත්වයක් සහ බලවත් භාවාත්මක සම්බන්ධතාවයක් පිළිබිඹු කරන සන්නාම සඳහා පමණක් පිරිනමන ගෝලීය වශයෙන් පිළිගන්නා ගෞරවනීය ප්‍රශංසාවකි. Superbrand සම්මානය දිනා ගැනීම මගින් කොමර්ෂල් බැංකුව විසින් ස්ථාපිත කර ඇති සන්නාම නායකත්වයේ විවිධ අංග හඳුනා ගන්නා බව බැංකුව පවසයි. ශ්‍රී ලංකාවේ වඩාත් ම සම්මානලාභී හා වඩාත් ම ගෞරවනීය බැංකුව බවට පත් වීම, හොඳම සේවා සන්නාමය ලෙස සම්මාන ලැබීම, වෙළඳපල ප්‍රාග්ධනීකරණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවා ගිය පළමු බැංකුව බවට පත් වීම, බැංකු ක්ෂේත්‍රයේ පරිවර්තනීය නව්‍යෝත්පාදනය සහ ඩිජිටල් සක්‍රීය කිරීම මෙන් ම ශක්තිමත් පාලනය සහ අඛණ්ඩ සේවාව මෙම අංග අතර වේ.

“මෙය හුදෙක් අලෙවිකරණ ප්‍රචාරණයක් නොවේ,” යැයි කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා ප්‍රකාශ කළේය. “ශක්තිය, විශ්වාසය, ප්‍රගතිය, දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම හා විශ්වාසනීයත්වය මත හැඩගස්වා ඇති කල් පවතින නායකත්වයට පැහැදිලි දායකත්වයක් ලබා දීම වැනි කරුණු බොහොමයක් හේතුවෙන් කොමර්ෂල් බැංකුව සුපිරි වෙළඳ නාමයක් බවට පත්ව තිබේ. එවන් පිළිගැනීමක් එක් රැයකින් පහළ වන දෙයක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ නිවැරදි දේ අඛණ්ඩව කිරීමෙන්, කැපවීම්වලට ගරු කිරීමෙන් මෙන් ම අරමුණක් ඇතිව මෙහෙයවීමෙන් ගොඩනඟා ගත් දෙයකි. බැංකුවක් ලෙස අප කවුරුන් ද යන්න පෙන්වා දෙන ගුණාංග සමූහයක් ද සමඟින් කාලයත් සමඟ අප ආ මේ ගමන මෙම සම්මානයෙන් අර්ථ දැක්වා ඇත.”

ලොව විශාලතම ස්වාධීන සන්නාම විනිශ්චයකරු වන Superbrands විසින් මෙම Superbrand සම්මානය පිරිනමනු ලබයි. එය රටවල් 85 කට වැඩි ගණනක ක්‍රියාත්මක වන අතර ප්‍රකාශන සහ ජාතික අලෙවිකරණ වැඩසටහන් 600 කට අධික සංඛ්‍යාවක් හරහා ප්‍රධාන වෙළඳ සන්නාම 40,000 ක් සමඟ කටයුතු කර ඇත. Superbrands සඳහා සහභාගී විය හැක්කේ ආරාධනයක් මත ම පමණක් වන අතර එයද හිමි වන්නේ දැඩි ලෙස සිදුකෙරෙන, ස්වාධීන ඇගයීම් ක්‍රියාවලියකින් පසුව තොරා ගන්නා ලද, අදාළ ක්ෂේත්‍රවල වඩාත් ම කැපී පෙනෙන වෙළඳ සන්නාම සඳහා පමණි. පුළුල් පර්යේෂණ මගින් සහය ලබන Superbrands කවුන්සිලය විසින් ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති වෙළඳ සන්නාම වලට පමණක් මෙම සම්මානය හිමිකර ගැනීමට ආරාධනා ලැබේ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණය ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව