Colombo City Centre (CCC) හි ‘Dining Gallery’ වෙත සුවිශේෂී සූපශාස්ත්‍ර සන්නාම පහක් හඳුන්වා දෙමින් ‘Food Studio’ සිය ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කරයි

OP1C3210 (LBN)

Colombo City Centre (CCC) හි පිහිටි Dining Gallery පරිශ්‍රය තුළ නවතම සූපශාස්ත්‍ර සංකල්ප (Culinary Concepts) පහක් හඳුන්වා දෙමින් තම ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට Food Studio සමාගම කටයුතු කර ඇත. මෙය සමාගමේ වර්ධන ගමන් මගෙහි මෙන්ම කොළඹ නගරයේ ආහාර සංස්කෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

දැනටමත් එම පරිශ්‍රයේ ක්‍රියාත්මක වන Primo සන්නාමයට අමතරව, මීට පෙර One Galle Face සංකීර්ණයේ පැවැති Hotel Manoli සන්නාමය ප්‍රථම වරට Colombo City Centre වෙත හඳුන්වා දී ඇත. මීට අමතරව නව මුහුණුවරක් ගත් Bamboo Boy සහ අලුතින්ම හඳුන්වා දුන් Wide Eyes සහ Kimono යන සන්නාම ද ඊට ඇතුළත් වේ. මෙම සන්නාම පහ එක්වීම තුළින් Colombo City Centre වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට එකම තැනකදී විවිධ රසයන්, විවිධ ආහාර රටාවන් සහ සුවිශේෂී අවස්ථාවන් සඳහා ගැළපෙන පරිදි වඩාත් පුළුල් හා විවිධාංගීකරණය වූ භෝජන අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව හිමිවේ.



ගුණාත්මකභාවය, පහසුව සහ විවිධත්වය මුසු වූ විශිෂ්ට භෝජන අත්දැකීමක් පාරිභෝගිකයා වෙත සමීප කිරීමට ෆුඩ් ස්ටුඩියෝ සතු අඛණ්ඩ කැපවීම මෙමගින් මනාව පිළිබිඹු වේ. වර්තමාන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහාම නිර්මාණය කර ඇති මෙම ආහාර සංකල්පය, අනාගතයේදී විශාල ලෙස වර්ධනය විය හැකි ශක්තිමත් සහ ස්ථාවර ව්‍යාපාරයක් ලෙස ගොඩනැගීමට සමාගම අවධානය යොමු කර ඇත. එසේම, කොළඹ නගරයේ ජීවත්වන පදිංචිකරුවන්ට, වෘත්තිකයන්ට, පවුල්වල සාමාජිකයන්ට සහ නගරයට පැමිණෙන සංචාරකයන්ට ගුණාත්මක මෙන්ම පහසු භෝජන සේවාවක් මේ හරහා සපයයි.

Food Studio හි කළමනාකාර අධ්‍යක්ෂ සහ Liberty Lands & Developments හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී නවීඩ් කාදර් මහතා කියා සිටියේ, Colombo City Centre (CCC) යනු Food Studio හි ව්‍යාපාරික ආරම්භය සනිටුහන් කළ කේන්ද්‍රස්ථානය වන බවයි. මෙම නව සන්නාම පහ හඳුන්වා දීම හුදෙක් ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමක් නොව, වර්තමාන කොළඹ නගරයේ සංචාරක සහ ආර්ථික දියුණුවට ගැළපෙන පරිදි ලැබූ සුවිශේෂී අවස්ථාවක් බවයි. ආහාර, විනෝදාස්වාදය සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයන්හි සමාගම සිදුකරන දිගුකාලීන ආයෝජන සැලසුම් සමඟ මෙම පියවර මනාව සමපාත වන බවත්, පාරිභෝගිකයාට ගෙවන මිලට සරිලන උපරිම වටිනාකමක් ලබා දෙමින් මෙම සන්නාමයන් ජාත්‍යන්තර තලයට රැගෙන යාම තමන්ගේ මූලික බලාපොරොත්තුව බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Food Studio හි ප්‍රධාන විධායක නිලධාරී නදීම් රාජබ්දීන් මහතා ප්‍රකාශ කළේ, විවිධ ආහාර එකම තැනකට ගෙන ආ Food Studio ආයතනය, අද වන විට තමන්ගේම සන්නාමයන් විශිෂ්ට ලෙස වෙළෙඳපොළට ඉදිරිපත් කරන මට්ටමකට පරිණාමය වී ඇති බවයි. Primo, Hotel Manoli, Bamboo Boy, Kimono සහ Wide Eyes යන සන්නාම පහම පාරිභෝගික අවශ්‍යතා අනුව මුල සිටම තමන් විසින්ම නිර්මාණය කළ ඒවා බවයි. මෙම සන්නාම පහ සමඟින් සිය ආරම්භක පරිශ්‍රය වෙත නැවත පැමිණීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවත් ඔහු පැවසීය. මෙම පියවර, විනෝදාස්වාදය සහ ප්‍රමුඛතම ක්‍ෂ්ණික ආහාර සන්නාම කේන්ද්‍ර කරගත් ගමනාන්තයක් ලෙස මෙය සංවර්ධනය කිරීමට CCC Dining Gallery සතු දැක්ම සමඟ මනාව ගැලපෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සමස්ත භෝජන අත්දැකීමේ ම‍ූලික පදනම වී ඇත්තේ විවිධත්වය, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ පාරිභෝගිකයාට සමීප විය හැකි නිර්මාණශීලී ආහාර රටාවන්ය. ඉක්මන් මෙන්ම රසවත් ආහාර වේලක සිට වඩාත් සැහැල්ලු සාමූහික භෝජන අත්දැකීමක් දක්වා වූ විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම සෑම සංකල්පයක්ම සුවිශේෂී ලෙස සංවර්ධනය කර ඇත.

Food Studio හි සූපවේද අධ්‍යක්ෂ ජෙසී ඇස්ටන් මහතා ප්‍රකාශ කළේ, මෙම සන්නාම පහෙහි මූලික අරමුණ මිනිසුන් දැනටමත් ප්‍රිය කරන රසයන් මුසු වූ, පහසුවෙන් රසවිඳිය හැකි ආහාර වේලක් පිරිනැමීම බවයි. ඒ අනුව, Bamboo Boy, Kimono, Hotel Manoli සහ Wide Eyes හරහා පාරිභෝගිකයින්ට දිනපතා විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි, එමෙන්ම ඔවුන් වියදම් කරන මුදලට උපරිම සාධාරණයක් ඉටුකරන සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන බව ඔහු වැඩිදුරටත් සඳන් කළේය.

Colombo City Centre (CCC) හි ‘Dining Gallery’ පරිශ්‍රයේ සිදුකළ මෙම නවතම සංවර්ධනය තුළින්, Food Studio සමාගම කොළඹ නගරයේ සංවර්ධනය වෙමින් පවතින භෝජන සංස්කෘතිය තුළ තම භූමිකාව තවදුරටත් ශක්තිමත් කරන අතරම, එක් ස්ථානයකට පමණක් සීමා නොවී ජාත්‍යන්තර මට්ටමින් වර්ධනය විය හැකි ආහාර සංකල්ප ගොඩනැගීමේ තම අභිලාෂය ද නැවත වරක් තහවුරු කරයි.





ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව