CINEC නවෝත්පාදන හා නව නිපැයුම් ප්‍රදර්ශනය නැරඹීමට 15,000කට අධික පිරිසක්

IMAGE-3 (LBN)

 


 

 

CINEC නවෝත්පාදන සහ නව නිපැයුම් ප්‍රදර්ශනය පසුගියදා මාලඹේ CINEC Campus පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්විණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත, විදේශ දූත මණ්ඩල ප්‍රධානීහු, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු, කොළඹ හා බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ පාසල්වල විදුහල්පතිවරු සහ තවත් රාජ්‍ය හා පෙෳද්ගලික අංශය නියෝජනය කරන ආරාධිතයන් ගණනාවක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වූහ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ CINEC Campus සනිටුහන් කර ඇති ස්ථාවරත්වය තව දුරටත් තහවුරු කරමින් කොළඹ සහ අනිකුත් තදාසන්න ප්‍රදේශවල පිහිටි රජයේ සහ පෙෳද්ගලික පාසල් ගණනාවක ගුරුවරු හා සිසුහු පෙර නොවූ විරූ ප්‍රමාණයක්ද ප්‍රදර්ශනයට සහභාගී වීම සුවිශේෂ කරුණකි.

ප්‍රදර්ශනය පැවති දින තුන පුරා සභාපති කැප්ටන් අජිත් පීරිස් මහතා ජ්‍යෙෂ්ට කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ සිසුන් සමඟ එක් වී උණුසුම් ලෙස ආරාධිතයන් සහ නරඹන්නන් පිළිගත්තේය. සමුද්‍ර විද්‍යා, සමුද්‍රීය ඉංජිනේරු, ඉංජිනේරු තාක්ෂණ, කළමනාකරණ සහ සමාජ විද්‍යා, අධ්‍යාපන සහ මානව ශාස්ත්‍ර, සෞඛ්‍ය විද්‍යා , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, ගුවන් යානා නඩත්තු ඉංජිනේරු යන අධ්‍යයන පීඨවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසින් සකස් කරන ලද නව නිපැයුම් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනයට තබා තිබිණි. මෙය නවතම ගෝලීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ විෂය සහ කර්මාන්ත රාශියක ප්‍රායෝගික අත්දැකීම් පිළිබිඹු කරන දුර්ලභ අවස්ථාවක් බව බොහෝ දෙනෙක් පැවසූහ. සිසුන් රැසකගේ නිර්මාණ CINEC ආයතනයටම අනන්‍ය ඒවා වූ අතර එයින් සමහරක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ පළමු අවස්ථාවද මෙය විය. මෙම සුවිශේෂ සන්ධිස්ථානය තරුණ පිරිස්වලට සිය අනාගත බලාපොරොත්තු ගවේෂණය කරන අතරතුර ඉදිරියේදී අභියෝගාත්මක ලෝකයක් කරා පියමන් කිරීමට විශාල රුකුලක් වනු ඇතැයි බොහෝ දෙනෙක් පැවසූහ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව