CBSL හි ‘රට පුරාම LANKAQR’ වැඩසටහනට HNB අඛණ්ඩ සහාය

Webp.net-resizeimage




 

ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKAQR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීමේ තවත් වැඩසටහනක් මෑතකදී තංගල්ලේදී පැවැත්විණි. රට තූළ ඩිජිටල් ගෙවීම් භාවිතය වේගවත් කිරීම සඳහා තමන් දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබිඹු කරමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ද මීට එක් විය.

2020 අග භාගයේ සිට දියත් කළදා පටන් මෙම වැඩසටහන සඳහා HNB සිය අඛණ්ඩ සහයෝගය ලබා දී ඇත. මෙමගින් වෙළෙඳ මහතුන්ට හා පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ සලසන පහසු, වේගවත් හා ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සලසමින් ශ්‍රී ලංකාවේ QR පදනම් කරගත් ජාතික ගෙවීමේ ක‍්‍රමවේදයේ භාවිතය වැඩි කරයි. දවස පුරාම පැවති මෙම වැඩසටහනට සහභාගී වෙමින් බැංකුව LANKAQR සමඟ දැනටමත් සම්බන්ධිත සිය HNB SOLO ඩිජිටල් ගෙවීම් යෙදවුමේ ප‍්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයින් හා වෙළදභවතුන් දැනුවත් කළේය. තංගල්ල මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේ පැවති මෙම අවස්ථාවට මූල්‍ය ආයතන සහ සන්නිවේදන ආයතන ඇතුළු අනෙකුත් හවුල්කරුවන් ද සහභාගී විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ඩිජිටල් ව්‍යාපාර ප‍්‍රධානී චම්මික වීරසිංහ මහතා පැවසුවේ ‘’වසංගතය ආරම්භයේදී ඩිජිටල් ගෙවීම් සඳහා දැඩි අවශ්‍යතාවයක් පැන නැගි අතර මේ වන විට වෙළදභවතුන් සහ පාරිභෝගිකයින් එහි දිගුකාලීන ප‍්‍රතිලාභ අත්විඳිනවා. මේ සඳහා පාරිභෝගිකයින් තුළ ඇති උනන්දුව යොදා ගනිමින් හා එයට ශක්තිමත් පදනමක් ගොඩනගිමින් මෙම වැඩසටහන රට පුරා සාර්ථකව ව්‍යාප්ත කිරීම ඉතා වැදගත්. විශේෂයෙන්ම HNB SOLO හඳුන්වා දෙමින් සහ වෙනස් වෙමින් (dynamic) ඉදිරියට යන QR තාක්ෂණය සහිත ප‍්‍රමුඛ පෙළේ වෙළෙද ආයතන කිහිපයක් සමඟ අත්වැල් බැඳගනිමින් HNB මෙම ක්ෂේත‍්‍රය තුළ ඉතා ක‍්‍රියාශීලීව කටයුතු කළා.’’ යනුවෙන් පැවසුවේය.

ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත QR කේත පදනම් කරගත් ගෙවීම් රට පුරාම ව්‍යාප්ත කිරීමේ ප‍්‍රයත්නයට අනෙකුත් බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන හා සන්නිවේදන සහකරුවන් සමඟ HNB ද සම්බන්ධ වෙමින් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළේය.

2019 වසරේදී SOLO හදුන්වා දුන් දා සිට සුවිශේෂී පාරිභෝගික වර්ධනයක් අත්පත් කරගත් අතර SOLO හි පරිශීලක අතුරු මුහුණත සඳහා නිරන්තරයෙන් අලූත්කිරීම් සිදු කරමින් යෙදවුමේ විශේෂාංග හා ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට HNB අඛණ්ඩව කටයුතු කරයි. එමගින් පාරිභෝගිකයින්ට දැරිය හැකි, පහසු මිලකට හා පහසුවෙන් භාවිතා කළ හැකි QR කේත හරහා ඩිජිටල් ගනුදෙනු කටයුතු කිරීමේ පහසුව ලබා දෙයි. එමෙන්ම එය දැනට වෙළෙඳපොළේ ඇති අනෙකුත් ඩිජිටල් ගෙවීමේ විසඳුම් සමඟ සැසඳීමේදී සැලකිය යුතු ලාභදායී විකල්පයක් ලෙස ද පෙන්වා දිය හැකිය.

HNB මෑතකදී මුදල් රහිත ගෙවීම් දිරි ගැන්වීමට සහාය දක්වන වෙළෙඳුන්ගේ PoS (Point of Sales) සඳහා Dynamic QR ගෙවීම් පහසුකම් සැලසීම වෙනුවෙන් Keells සුපිරි වෙළෙඳසැල් ජාලය හා සිංගර් සමඟ අත්වැල් බැඳගන්නා ලදී. එක් එක් ගනුදෙනුව සඳහා නිර්මාණය කරන ලද අද්විතීය කේතයක් වන මෙම Dynamic QR කේත මගින් මුදල් අතින් ගෙවීමේ අවශ්‍යතාවය වළක්වාලමින් පාරිභෝගික පහසුව ඉහළ නැංවීම හා ගනුදෙනුවලදී ඇතිවන දෝෂ මග හරවනු ලබයි. LANKAQR ඇතුළත් ගෙවීම් ක‍්‍රමයන් සමඟ වන යෙදවුමක් භාවිතා කරන පාරිභෝගිකයන්ට මේ තුළින් යන්ත‍්‍රයේ තිරය මත දිස්වන Dynamic QR කේතය ස්කෑන් කිරීමෙන් වෙළෙඳසැල් මගින් ඕනෑම මිලදී ගැනීමක් සිදු කිරීමට අවස්ථාව සලසා දෙනු ලබයි.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව