Category: බැංකු

Amana-Bank-achieves-BBB-Investment-Grade-Rating-LBN.jpg

1min290
Lanka Rating Agency (LRA) මගින් සිදුකරන ලද ශ්‍රේණිගතකිරීම් අතරින් අමානා බැංකුවට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB+ with a Stable Outlook’ ශ්‍රේණිය හිමි විය. LRA යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි ස්වාධීන ණය ශ්‍රේණිගතකරණ ආයතනයකි. මේ සම්බන්ධයෙන් LRA මගින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම ශ්‍රේණිගත කිරීම මගින් මෙම කාණ්ඩයේ අනෙකුත් බැංකුවලට සාපේක්ෂව අමානා බැංකුවේ […]

AVURUDU-Pola-Imags-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව හයවන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල් මස 5 සහ 6 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. HNB හි ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන වන ගැමි පුබුදුව […]

SME-Trade-Fair-2025-LBN.jpg

1min550
කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) නියෝජනය කරමින් ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනයට සහ අලෙවි කිරීමට මෑතකදී කොළඹදී එක්රැස් වූහ. දින තුනක් පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘නුගසෙවණ’ හි පැවති ප්‍රදර්ශනයෙහි විවිධ ව්‍යාපාර අංශවල සුළු හා […]

ComBank-LankaPay-2025-LBN-2.jpg

1min340
ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදනයන් හි සිය නායකත්වය තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation) සම්මාන උත්සවයේ දී රන් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්භාවනීය උත්සවයේදී බැංකුවට, ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) සඳහා වූ සමස්ත සම්මානය සහ ‘වසරේ හොඳම පොදු ATM සක්‍රීය කරන්නා,’ ‘වසරේ වඩාත්ම නව්‍යකරණය වූ බැංකුව,’ ‘වසරේ හොඳම ලංකාපේ […]

suwaseriya-LBN.jpg

1min580
1990 සුවසැරිය ගිලන්රථ සේවයට ආධාර පිණිස දියත් කර ඇති ‘ගිලන් රථයක් දරුකමට හදා ගන්න’ වැඩසටහනට සහාය වෙමින් හැටන් නැෂනල් බැංකුව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් මහජන සුබසාධනය සඳහා සිය කැපවීම නැවතත් අවධාරණය කළේය. මෙම ප්‍රයත්නය දිවයින පුරා හදිසි රෝහල් ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීමට සහ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවා ලබා දීමෙන් ජීවිත ආරක්ෂා කිරීමට වැඩි […]

Image-01-1-LBN.jpg

1min460
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගිය මාර්තු 26 වන දින කොළඹ Shangri-La හෝටලයේදී පැවති LankaPay Technnovation Awards 2025 සම්මාන උළෙලේදී ‘Acquiring Bank for the Best Mobile Application for Retail Payments via JustPay’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. 7 වන වරටත් පවත්වන ලද මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ භාෂා ලංකා (පුද්.) සමාගම [Bhasha […]

DFCC-Bank-English-Logo.png

1min260
DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තම නවතම ජංගම බැංකුකරණ යෙදවුම වන DFCC ONE ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබේ. අනාගතයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුව බවට පත්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා […]

Amana-Bank-supports-CBSLs-Digital-Payments-Promotion-Campaigns-in-Nuwara-Eliya-and-Hambantota-LBN.jpg

1min190
අමානා බැංකුව පසුගියදා නුවරඑළිය සහ හම්බන්තොට යන ප්‍රදේශවලදී පැවැත්වුණු  ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග අත්වැල් බැඳගෙන සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාවේ තේමාව වූයේ “ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු” යන්නයි. මේ යටතේ නුවරඑළිය ප්‍රදේශයේදී පැවති වැඩසටහන ග්‍රෙගරි වැව ආශ්‍රිතවද, හම්බන්තොට ප්‍රදේශයේදී පැවති වැඩසටහන මාගම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව