
IIT-PDU ආයතනයේ වෘත්තීය සංවර්ධන ඒකකය (PDU) විසින් මෙහෙයවනු ලැබූ 2026 කේම්බ්‍රිජ් සම්මාන ප්රදානෝත්සවය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය සහ ජයග්‍රහණ අගයමින් පසුගියදා (2026 අප්‍රේල් 4 වන දින) ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
IIT-PDUහි වෘත්තීය සංවර්ධන ඒකකය, A1 සිට C2 මට්ටම් දක්වා වූ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි පාඨමාලා (Cambridge English programmes) පවත්වනු ලබන අතර, සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් ඉංග්‍රීසි භාෂා සුදුසුකම් ලබා ගැනීමට සහාය වන බලයලත් Linguaskill විභාග මධ්‍යස්ථානයක් (Authorized Linguaskill Centre) ලෙසද කටයුතු කරයි.
මෙම උත්සවයේදී, කේම්බ්‍රිජ් Linguaskill ඉංග්‍රීසි වැඩසටහන හදාරන ලද සිසුන්ගේ කැපවීම සහ ප්‍රගතිය අගය කළ අතර, Linguaskill විභාගය සාර්ථකව නිම කළ සිසුන් වෙත සහතික පත්‍ර පිරිනැමීම සිදු විය. A1 සිට C1 මට්ටම් දක්වා විහිදුනු මෙම වැඩසටහන යටතේ, සිසුන්ගේ දක්ෂතාවලට අනුකූලව සහතික පත්‍ර ප්රදානය කරමින් ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය වර්ධනය කර ගැනීමට දැක්වූ උනන්දුව මෙහිදී ඇගයීමට ලක් විය.
විශේෂත්වයක් ලෙස, මෙම සම්මාන උළෙල සඳහා කොළඹ, ගාල්ල සහ කුරුණෑගල යන මධ්‍යස්ථාන නියෝජනය කරමින් සිසුන් සහභාගී වූහ.
මෙම අවස්ථාව සඳහා IIT ආයතනයේ අධ්යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන වැලිහින්ද, ශ්‍රී ලංකාවේ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ආයතනයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු හාසික් ෆෙරෝස් මහතා (Mr. Haaziq Feroze) යන මහත්වරුන් හා වෘත්තීය සංවර්ධන ඒකකයේ (PDU) පීඨාධිපතිනි අචිනි ප්‍රනාන්දු මෙනවිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
දේශකවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සැමට අභිමානවත් මෙන්ම මතකයේ රැඳෙන අවස්ථාවක් විය.
2026 කේම්බ්‍රිජ් සම්මාන ප්රදානෝත්සවය මඟින්, අධ්‍යයන විශිෂ්ටත්වය සහ ගෝලීය වශයෙන් පිළිගත් ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධනය කිරීම උදෙසා IIT-PDU ආයතනය සතු නොසැලෙන කැපවීම මැනවින් තහවුරු විය.


