CA ශ්‍රී ලංකා 2023 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන ත්‍රිත්වයක්

TAGS awards 2023 (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2023 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මෙම සම්මාන ක්‍රියා පටිපාටිය මගින් පිළිගැනීමට ලක්වන විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ප්‍රධාන අංශවලින් සිය විශිෂ්ඨත්වය තහවුරු කර ඇත.

‘ආයතනික යහපාලනය අනාවරණය කිරීම’ සහ ‘ඩිජිටල් ලෙස පරිවර්තනය වන වාර්තාකරණය’ සඳහා සියළුම ක්ෂේත්‍රවල ප්‍රථම ස්ථානය අත් කර ගනිමින් බැංකුව ප්‍රධාන කාණ්ඩයේ රන් සම්මාන දෙකක් ද, බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සඳහා රන් සම්මානය ද, ‘ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ඨත්වය’ සඳහා ලෝකඩ සම්මානයක් ද දිනා ගන්නා ලදී.

කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය: “මූල්‍ය වාර්තාකරණයේ ඉහළම දේශීය හා ගෝලීය ප්‍රමිතීන් සපුරාලීම සඳහා අපගේ වාර්ෂික වාර්තාකරණ කණ්ඩායම දරන දැවැන්ත උත්සාහයට සුදුසු ම ත්‍යාගයක් වන මෙම ගෞරවාන්විත සම්මාන දිනා ගැනීමට ලැබීම ගැන අපි නිසැකවම ඉමහත් සතුටට පත් වෙමු. TAGS සම්මාන විශේෂයෙන් ම වැදගත් වන්නේ ඔවුන්ගේ අවධානය යොමු කර ඇති වැදගත් ම ස්තම්භ හතර නිසාවෙනි. විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය බැංකුවේ මූලික වටිනාකම් තුළට කාවැදී ඇති අතර කොමර්ෂල් බැංකුව සිය වාර්ෂික වාර්තාව සෑදීමේදී මෙම ක්ෂේත්‍ර කෙරෙහි අමතර අවධානයක් යොමු කරනු ලබයි.”

කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තා වසර ගණනාවක් පුරාවට දේශීය හා කලාපීය සම්මාන සමඟින් අඛණ්ඩව පිළිගැනීමට ලක්ව තිබේ. බැංකුව, මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ඨත්වය සඳහා CA ශ්‍රී ලංකා විසින් පිරිනමන සිරිල් ගාඩිනර් අනුස්මරණ කුසලානයෙන් 10 වරක් පිදුම් ලැබ ඇති අතර, අවස්ථා 17ක දී CA ශ්‍රී ලංකා විසින් බැංකුකරණ ආයතන අතර හොඳම වාර්ෂික වාර්තාව සඳහා පිරිනමන එඩ්මන්ඩ් ජේ. කුරේ අනුස්මරණ කුසලානය දිනා ඇත. කොමර්ෂල් බැංකුවේ 2022 වර්ෂය සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාව ලොව වාර්ෂික වාර්තා සඳහා ඇති විශාලතම තරඟය වන MerComm ARC හි 2023 සම්මාන උළෙලේදී සම්මාන පහක් ද දිනා ගත්තේය.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව