
මදුරු දැල් නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය නාමයක් වන C – Four සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් 2025 SLIM SMEDA සම්මාන උලෙළේදී රෙදිපිළි ඇගළුම් හා විලාසිතා කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල වාර්ෂිකව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධාන කරනු ලබයි. C – Four සමාගම මෙම රන් සම්මානය 2022දී මෙන්ම මෙම වසරේදීද දිනා ගැනීම ඉතා විශිෂ්ට ජයග්‍රහණයකි. ඒ අනුව අඛණ්ඩව ජාතික පිළිගැනීමක් ලැබූ සමාගමක් බවට C – Four සමාගම පත් වී ඇත.
ශ්‍රී ලාංකිකයන්ට බියකින් තොරව සුවපත්, සෞඛ්‍යාරක්ෂිත නින්දක් හිමි කර දීමට සමත් උසස් ප්‍රමිතියේ මදුරු දැලක් සාධාරණ මිලකට නිර්මාණය කිරීමේ අරමුණෙන් 2009දී ඇරැඹුණු C – Four සමාගම (www.cfour.lk) වර්තමානයේදී NOVA, SUPER FIT, BUTTERFLY, BOXER සහ ස්වාමීන් වහන්සේලා සඳහා වන පූජනීය පුජා දැල් ඇතුළු පුළුල් මදුරු දැල් නිෂ්පාදන වපසරියකට හිමිකම් කියයි. ලංකාව පුරා 300,000කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් සහ 1,500කට අධික අලෙවි නියෝජිත ජාලයක් C – Four සමාගම සතුය. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතය, කල් පැවැත්ම, අලංකාර ඇසුරුම් ක්‍රම, දැඩි තත්ත්ව පාලන ක්‍රමවේද සහ නිර්මාණාත්මක නවෝත්පාදන නිසා විශ්වාසනීය සන්නාමයක් ලෙස C – Four සමාගම කීර්ති නාමයක් දිනා ඇත. 2019, 2020, 2022 වසරවලදී සබරගමු පළාතේ විශිෂ්ටම ව්‍යවසායකයාට හිමි රිදී සම්මානවලින් C – Four සමාගම පිදුම් ලබා ඇත. වර්තමානයේදී C – Four සන්නාමය ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් කිරීමේ පුළුල් කර්තව්‍යයට සමාගම සූදානමින් සිටී. “අප නිපදවන්නේ සාමාන්‍ය මදුරු දැලක් නොවේ. අප නිෂ්පාදනය කරන්නේ සුව පහසු, බියෙන් තොර, සෞඛ්‍යාරක්ෂිත, ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු නින්දක් පිළිබඳ අපගේ ආදරණීය පාරිභෝගිකයන්ගේ විශ්වාසයයි.” C – Four ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ චින්තක සිල්වා මහතා පැවසීය.