
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඉතා කෙටි කාලයක් තුළ මෙරට මෝටර් රථ වෙළෙඳපොලෙහි සිය පැවැත්ම තහවුරු කරගැනීමට සමත්ව සිටියි. 2025 මුල් භාගයේදී ආනයන සීමාවන් ඉවත් කළ පසු BYD හි ඉලෙක්ටි්‍රක් (EV) හා plug-in hybrid මෝටර් රථ මාදිලි සඳහා වන ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවත්නිනේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වේගයෙන් ජනප්‍රියත්වයට පත් වෙමිනි.
BYD හි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto විසින් පසුගියදා පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවකදී මෙරට වෙළෙඳපොල තුළ BYD අත්කරගෙන ඇති වර්ධනය පිළිබඳව පෙන්වා දෙන ලදී. දැනටමත් ඉලෙක්ටි්‍රක් (EV) හා plug-in hybrid වාහන (PHEV) යන දෙඅංශය තුලම ආකර්ෂණය දිනාගෙන ඇති BYD ශ්‍රී ලාංකිකයින් තුළ නව බලශක්ති රථවාහන සඳහා වන උනන්දුව ඉහළ නැංවීමටද සමත්ව සිටියි.
2025 වසරේ අප්‍රේල් මාසය වන විට අලුත් වාහන (brand-new) වෙළෙඳපොල කොටසෙහි සැලකිය යුතු වර්ධනයක් වාර්තා කිරීමට BYD සමත්ව සිටී. BYD විසින් හඳුන්වා දෙනු ලැබූ BYD SEALION 6 මෙම ඉල්ලුම ඉහළ යාමට විශේෂයෙන් බලපෑ වාහන මාදිලියක් විය. Blade බැටරියෙන් බලගැන්වෙන plug-in hybrid වාහනයක් වන BYD SEALION 6 එක්වරක් charge කිරීම තුළින් කිලෝ මීටර් 1092 ක් දක්වා උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව මෙන්ම DiPilot intelligent ධාවන මඟ පෙන්වීමෙන් සමන්විත වේ. එමෙන්ම තවත් BYD හි ප්‍රමුඛ හඳුන්වාදීමක් වන BYD ATTO 3 එක්වරක් charge කිරීමෙන් කි.මී 480ක උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලබා දෙන දෙන අතරම වේගවත් charge කිරීමක් මෙන්ම සුඛෝපභෝගී අත්දැකීමක් ද ඔවුන්ට උරුම කර දී ඇත.
සුවිශේෂී නමුත් වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි අති නවීන BYD DOLPHIN මෙන්ම ආකර්ෂණීය නිමාවකින් යුත් ශක්තියෙන් ඉහළ BYD SEAL එහි තවත් සුවිශේෂී වාහනයක් ලෙස මෙරට පාරිභෝගිකයින් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත. රළු, වැලි සහ මඩ මතුපිටක් සහිත මාර්ගවල වුවද පහසුවෙන් ධාවන කළ හැකි off-road-ready plug-in hybrid pickup නිමාවෙන් මෑතකදී හඳුන්වා දෙනු ලැබූ BYD හි SHARK 06 මාදිලියද ඒ අතර වේ. මෙම සියලු වාහන මාදිලි තුළින් නව බලශක්ති වාහන භාවිතා කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් ප්‍රමාණය දිනෙන් දින ඉහළ නංවමින් ඔවුන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින්නේ නව්‍ය තාක්ෂණය ශ්‍රී ලාංකීය මහා මාර්ගයන් වෙත ගෙන එමිනි.
දිනෙන් දින වර්ධනය වන වෙළෙඳපොල සමඟ අම්පාර සහ රත්නපුර නගරයන් වෙත පිවිසීමට කටයුතු යෙදා ඇති BYD සහ John Keells CG Auto ඒ හරහා නව ප්‍රදර්ශනාගාර හා අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවද පාරිභෝගිකයා වෙත ගෙන යාමට කටයුතු කර ඇත. මේ වන විට කොළඹ, මහනුවර, ගාල්ල සහ කුරුණෑගල යන නගරවල BYD ප්‍රදර්ශනාගාර ස්ථාපිත කර ඇත. මීට අමතරව සමාගම මහනුවර, ගාල්ල, කුරුණෑගල, අම්පාර හා රත්නපුර යන නගර ආවරණය වන පරිදි අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කරමින් දිවයින පුරා සියලු ප්‍රධාන නගරවල පාරිභෝගිකයින්ට අවශ්‍ය සේවය ලබා දීමටද BYD කටයුතු කර ඇත.
John Keells CG Auto විසින් දිවයින පුරා නව ප්‍රදර්ශනාගාර සහ සේවා මධ්‍යස්ථාන විවෘත කිරීමට අමතරව තවත් අතිනවීන ඉලෙක්ටි්‍රක් සහ plug-in hybrid වාහන මාදිලි රැසක් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙමින් BYD සමඟ ඇති හවුල්කාරිත්වය තව තවත් ශක්තිමත් කරමින් සිටී. ඒ අනුව මෙහි එක් වැදගත් පියවරක් වන්නේ උසස් NEV තාක්ෂණය සුඛෝපභෝගී විශේෂාංග සමඟ ඒකාබද්ධ කරන BYD සමූහයෙහි Premium සන්නාමය වන DENZA හඳුන්වා දීමයි. මීට අදාල අවබෝධතා ගිවිසුමක් BYD සහ John Keells CG Auto අතර අත්සන් කරන ලද අතර එමඟින් ශ්‍රී ලංකාව තුළ උසස් තත්ත්වයේ නව බලශක්ති වාහන (NEV) මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට පුළුල් ප්‍රවේශයක් ලබා දීම ඔවුන්ගේ ඒකායන අරමුණයි.
මෙම අවස්ථාවට එක් වෙමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා පැවසුවේ “BYD ශ්‍රී ලංකාවේ ඉලෙක්ටි්‍රක් වාහන වෙළෙඳපොළේ අත්කරගෙන ඇති සාර්ථකත්වය අපගේ ශක්තිමත් හවුල්කාරීත්වය සහ අනාගතයේදී තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ අපගේ ඒකායන අරමුණ පෙන්නුම් කරනවා. ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත DENZA සමඟින් අපි අපගේ පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ ඉලෙක්ටි්‍රක් වාහන මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙමින් නව පරිච්ඡේදයක් ආරම්භ කරනවා. ඒවගේම BYD සන්නාමය ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස John Keells CG Auto කෙරෙහි BYD හි විශ්වාසය ද මෙයින් පෙන්නුම් කරනවා.” යනුවෙනි.
“ශ්‍රී ලංකාව යනු දකුණු ආසියාවේ BYD සඳහා ප්‍රධාන වෙළඳපොළක්. අප ක්‍රියාත්මක වන අනෙකුත් රටවලට වඩා එය කුඩා වුවත් ඉලෙක්ටි්‍රක් වාහන රටකට ධනාත්මක බලපෑමක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ ගෝලීය උදාහරණයක් වීමට ශ්‍රී ලංකාව තවමත් හැකියාව තිබෙනවා.” යනුවෙන් BYD ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී Liu Xueliang සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජනතාව වැඩි වැඩියෙන් නව බලශක්ති වාහන කෙරෙහි උනන්දුවක් දක්වන විට BYD සහ John Keells CG Auto වෙළඳපොලේ ඔවුන්ගේ පැවැත්ම වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඔවුන්ගේ ඉලක්කය වන්නේ පුළුල් පරාසයක පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා දැරිය හැකි ආරම්භක මට්ටමේ ඉලෙක්ටි්‍රක් වාහනවල සිට උසස් මට්ටමේ සුඛෝපභෝගී ඉලෙක්ටි්‍රක් වාහන දක්වා විවිධ මාදිලි ඉදිරිපත් කිරීමෙන් පාරිභෝගිකයින්ට NEV මිලදී ගැනීම පහසු කිරීමයි. තවද ඔවුන් තම ප්‍රදර්ශනාගාර සහ සේවා ජාලය ද පුළුල් කරමින් සිටී. මෙම ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහන විසඳුම් කරා ගමන් කිරීමට දිරිමත් කිරීම BYD සහ John Keells CG Auto හි අරමුණයි.