Global Synergy සම්මාන උළෙලේදී Beliatta Exim Holdings විශිෂ්ටම නැගී එන අපනයනකරු සම්මානය දිනයි

Beliatta Exim Holdings

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Global Synergy Awards 2026 සම්මාන උළෙලේදී Best Emerging Exporter සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය සමාගමේ අඛණ්ඩ වර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ලැබූ සාර්ථකත්වය සහ උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකේය ආහාර නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා දක්වා ඇති කැපවීම අගයමින් පිරිනමන ලද්දකි. 2017දී ඇරැඹූ Beliatta Exim Holdings වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ආහාර නිෂ්පාදන හා අපනයන සමාගමක් ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත. සමාගම කුළුබඩු, අච්චාරු, චට්නි, සම්බෝල, සෝයා මීට් නිෂ්පාදන, බෝතල් කළ ව්‍යංජන, ජෑම් වර්ග, රස කැවිලි, කරවල, පොල් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම වියළි හා ශීත කළ ආහාර රැසක් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට සපයයි. සමාගම අපනයන ව්‍යාපාරයට අමතරව දේශීය වෙළෙඳපොළ තුළද සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් රත්මලාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් අරඹාඇති අතර එමඟින් දේශීය පාරිභෝගිකයන්ට සිය නිෂ්පාදන මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසුවෙන් මිල දී ගැනීමේ අවස්ථාව උදා කර ඇත. 
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js?client=ca-pub-2158500977648905″ crossorigin=”anonymous”></script>
<ins class=”adsbygoogle” style=”display: block; text-align: center;” data-ad-layout=”in-article” data-ad-format=”fluid” data-ad-client=”ca-pub-2158500977648905″ data-ad-slot=”6864980654″></ins>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
&nbsp;

ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව දැඩි තත්ත්ව පාලන ක්‍රමවේද යටතේ සිය නිෂ්පාදන සිදු කරන Beliatta Exim Holdings විදේශීය වෙළෙඳපොළ තුළ විශ්වාසනීය නාමයක් ගොඩ නගා ගෙන තිබේ. විශේෂයෙන්ම ජපානයේ ජාත්‍යන්තර ශාඛාවක් පවත්වා ගෙන යමින් එරට වෙළෙඳපොළ තුළද සාර්ථකව මෙහෙයුම් සිදු කරයි. මෙම ජයග්‍රහණය 2025දී BWIO සම්මාන උළෙලේදී Best Emerging Food Manufacturer of the Year සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව සමාගමට හිමි වූ සුවිශේෂ ඇගැයීමකි. එම අවස්ථාවේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රසික පේදුරආරච්චි මහතාද ව්‍යාපාර නායකත්වය වෙනුවෙන් ඇගැයීමට ලක් විය. නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය මූලික කර ගනිමින් කටයුතු කරන Beliatta Exim Holdings ශ්‍රී ලාංකේය ආහාරවල සුවිශේෂ රසය හා ගුණාත්මකභාවය ලෝකයට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට වැදගත් දායකත්වයක් දෙමින් සිය ගෝලීය ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කරමින් සිටී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව