ඇබර්ඩීන් සමූහයේ Baraka, ‘Deliciously Smart’ Gummies ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙයි

1- Baraka Introduces ‘Deliciously Smart’ Gummies (2) (LBN)

ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයට අයත්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් Baraka සන්නාමය, දෛනික සුවතාව වඩාත් පහසු හා රසවත් අත්දැකීමක් බවට පත් කිරීමේ අරමුණින් “Baraka Gummies” නමින් නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දී තිබේ. මෙම නිෂ්පාදන පෙළට Black Seed Oil Gummies, Ashwagandha Gummies සහ Apple Cider Vinegar Gummies ඇතුළත් වන අතර, සෞඛ්‍යාරක්ෂිත බව සහ රසවත් බව එකට එක් කරමින් නූතන කාර්ය බහුල ජීවන රටාවට ගැළපෙන පරිදි මෙම නිෂ්පාදන පෙළ සකස් කර ඇත.




ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ නවෝත්පාදන දැක්ම යටතේ නිර්මාණය වූ Baraka Gummies නිෂ්පාදන පෙළ, පාරිභෝගික අවශ්‍යතා සහ එය භාවිත කිරීමේ අත්දැකීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සකස් කර ඇත. මෙහි ප්‍රධාන පැණිරසකාරකය ලෙස ස්වාභාවික මී පැණි යොදාගෙන ඇති අතර, 100% ස්වාභාවික වර්ණක සහ ස්වාභාවික රසයට සමාන රසකාරක භාවිත කර ඇත. ශාකමය ජෙලි කාරකයක් වන පෙක්ටින් (Pectin) යොදා සකස් කර ඇති මෙම නිෂ්පාදන පෙළ ජෙලටින් රහිතය (Gelatine-free). වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සහ අපේක්ෂා හඳුනාගනිමින්, රසය හා භාවිතයේ පහසුව එක් කළ නිෂ්පාදන හඳුන්වා දීමට ඇබර්‌ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය දක්වන අඛණ්ඩ අවධානය මෙම නව නිෂ්පාදන පෙළ තුළින් මනාව පිළිබිඹු වේ.

මෙම නව නිෂ්පාදන පෙළ හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින් බයෝ එක්ස්ට්‍රැක්ට්ස් (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉහ්ෂාන් අබ්දින් මහතා මෙසේ පැවසීය:”සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ පාරිභෝගික අපේක්ෂාවන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. නවෝත්පාදනය කියන්නේ ඒ වෙනස්කම්වලට අර්ථවත් ලෙස ප්‍රතිචාර දැක්වීමයි. Baraka Gummies හරහා අපි හුරුපුරුදු අමුද්‍රව්‍ය දෛනික ජිවිතයට පහසුවෙන් එක් කරගත හැකි, රසවත් නිෂ්පාදන පෙළක් නිර්මාණය කර තිබෙනවා. මෙය Baraka සන්නාමයේ ඉදිරි ගමනේ වැදගත් පියවරක් වගේම, ඇබර්‌ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය තුළ අප අඛණ්ඩව ගොඩනඟන නවෝත්පාදන දැක්මත් පිළිබිඹු කරනවා.”

Baraka Gummies දැනට දිවයින පුරා පිහිටි Softlogic GLOMARK සුපිරි වෙළඳසැල් ජාලයෙන් සහ මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ පහසුවෙන් මිලදී ගත හැකිය.

සාමාන්‍ය නිෂ්පාදන පෙළක් හඳුන්වාදීමකට වඩා ඉදිරියට යමින්, එදිනෙදා සුවතාව වෙනුවෙන් නවමු ප්‍රවේශයක් මෙම නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරයි. පාරම්පරිකව විශ්වාසය දිනාගත් අමුද්‍රව්‍යවල ගුණය, භාවිතයේ පහසුව සහ රසවත් අත්දැකීම එකට ඒකාබද්ධ කරමින්, නූතන පාරිභෝගිකයාගේ සෞඛ්‍ය හා සුවතා අවශ්‍යතා සඳහා වඩාත් ඉහළ වටිනාකමක් ලබාදීමට ද මෙම නිෂ්පාදන පෙළ සමත් වී තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව