ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 24, 2020
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් දිවයිනේ සියලූ ඖෂධ සැල් අවශ්‍යතාව පරිදි විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය සහ ඖෂධ වට්ටෝරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සළකන ලෙස දැනුම්දී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.












