ආපදාවෙන් පීඩාවට පත් වූ දූ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වෙමින්, Atlas Axillia සමාගම රුපියල් මිලියන 7ක පාසල් උපකරණ පරිත්‍යාග කරයි

Capture

පසුගියදා ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් වූ දූ දරුවන්ට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පවුල්වල දරුවන් සඳහා Atlas Axillia සමාගම, සිය සේවකයින්ගේ පරිත්‍යාගශීලි දායකත්වය සමගින් රුපියල් මිලියන 7ක් වටිනා අභ්‍යස පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කළේ ය. එලෙස පරිත්‍යාග කරනු ලැබූ පාසල් ද්‍රව්‍ය, ඌව පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහාය ඇතිව බෙදා හැරීමට කටයුතු කළ අතර, නව පාසල් වාරය ආරම්භයේ දී පාසල් සිසු දරුවන් 1,800 කට අධික සංඛ්‍යාවකට එමගින් ප්‍රතිලාභ සැලසුණි. කිසිඳු දරුවකුගේ පාසල් ගමන අතරමග නතර නොකිරීමේ මහඟු ආදර්ශය පෙරදැරි කරගත් Atlas හි ප්‍රමුඛතම වැඩසටහනක් වන Atlas සිප්සවි යටතේ මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.



මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Atlas Axillia පුද්. සමාගමේ විකුණුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් බින්දුහේවා මහතා මෙසේ පැවසීය. ‘‘මෙම මුලපිරීමට සහාය දැක්වීම සඳහා අවංකව සහ ළෙන්ගතුව අප සමඟ අත්වැල් බැඳගත් අපගේ සේවකයින්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ සහයෝගය, සමාගමේ දායකත්වය සමඟ ඒකාබද්ධ කර ගනිමින්, ආයතනයක් වශයෙන් අප අනුගමනය කරන වටිනාකම් ඉස්මතු කරන අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. අපගේ මෙම උත්සාහය, හුදෙක් පරිත්‍යාගයකට එහා ගිය වටිනා මුලපිරීමක් වෙනවා. මෙහි මූලීක අරමුණ වන්නේ අභියෝගාත්මක කාලවලදී දරුවන්ට සිය අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි’’

ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙම උපකරණ පරිත්‍යාගය සිදු කරන ලදී. ආපදාවන්ගෙන් බලපෑමට ලක් වූ දරුවන්ට අත්‍යවශ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය සමඟින් යළි පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම උදෙසා මෙම කාලෝචිත පරිත්‍යාගය බෙහෙවින් ඉවහල් වූ බව ඇය එහිදී සඳහන් කළා ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වශයෙන් Atlas, දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය ආරක්ෂා කරමින්, වර්තමානයේ දී මෙන්ම අනාගතයේ දීත් කිසිඳු දරුවෙකුගේ පාසල් ගමන නතර නොකෙරන බවට වන විශ්වසනීය පොරොන්දුවක වගකීම වෙනුවෙන් කැප වී කටයුතු කරනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව