Allianz Lanka හි Women in Leadership Employee Resource කණ්ඩායමෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට සත්කාරයක්

WIL CSR 1.jpg (LBN)

දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සහය දැක්වීම සඳහා Allianz Lanka ආයතනයේ Women in Leadership Employee Resource සමූහය  විසින් පසුගියදා විශේෂ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

2026 පෙබරවාරි 3 වන දින පැවැති මෙම වැඩසටහන මගින්, රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙත අඛණ්ඩ හා උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කෙරිණි. ප්‍රතිකාර ලබන බිළිඳුන්ගේ සහ දරුවන්ගේ දෛනික අවශ්‍යතා මෙන්ම ඔවුන්ගේ සුවපහසුව සහ යහපැවැත්ම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම පරිත්‍යාගයන් තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

මෙහිදී අවශ්‍යතා ඇති අය වෙනුවෙන් බලාපොරොත්තුව සහ රැකවරණය රැගෙන ඒමටත්, සමාජ සත්කාරක මෙහෙවර අර්ථවත් ලෙස ඉදිරියට ගෙන යාමටත් Allianz Lanka දක්වන කැපවීම පැහැදිලි වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව