American Premium Water සමාගම Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේදී සම්මාන 4 කින් පිදුම් ලබයි

Capture

American Premium Water සමාගම පසුගියදා පැවැත්වුණු Dragons of Sri Lanka Awards 2026 සම්මාන උළෙලේදී Gold Dragon සම්මාන තුනකින් සහ Black Dragon සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය පසුගිය වසරේදී American Premium Water සන්නාමය නැවත දියත් කිරීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයක් තුළ සමාගම අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.

2000 වසරේදී ආරම්භ වූ Dragons of Asia සම්මාන උළෙල ආසියාවේ ප්‍රමුඛතම අලෙවිකරණ සම්මාන වැඩසටහන් අතරින් එකකි. එහි කොටසක් ලෙස ක්‍රියාත්මක වන Dragons of Sri Lanka සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී හා ඵලදායී අලෙවිකරණ සන්නිවේදන වැඩසටහන් ඇගයීමට ලක් වේ. මෙහිදී ක්‍රමෝපායික චින්තනය, නිර්මාණශීලීත්වය, අදහස් ක්‍රියාවට නැංවීමේ සාර්ථකත්වය සහ අලෙවිකරණ වැඩසටහන් මඟින් ඇතිකරන ලද බලපෑම යනාදී නිර්ණායක මත ජයග්‍රාහකයන් තීරණය කරනු ලබයි.



American Premium Water සමාගම Dragons සම්මාන උළෙලකට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ප්‍රථම අවස්ථාවේදීම මෙලෙස කාණ්ඩ හතරක් යටතේ Dragons සම්මාන හිමි වීම එම සමාගම ලද සුවිශේෂී ජයග්‍රහණයකි. ‘Product Launch or Re Launch’, ‘Cause, Environment or Sustainability’ සහ ‘Creative Excellence’ යන කාණ්ඩ තුන යටතේ සමාගමට Gold Dragon සම්මාන හිමි වූ අතර, ‘Small Budget’ කාණ්ඩය යටතේ Black Dragon සම්මානයක් හිමි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම සහ වෙළඳ දැන්වීම් ආයතන සමඟ තරග කරමින් ලබාගත් මෙම ජයග්‍රහණය, නිර්මාණාත්මක සන්නිවේදනය සම්බන්ධයෙන් American Premium Water සමාගම අත්කරගෙන ඇති ප්‍රගතිය මැනැවින් පිළිබිඹු කරයි. කාණ්ඩ තුනක් යටතේ Gold Dragon සම්මාන හිමි වීම මෙම ප්‍රගතියට සාක්ෂි දරන අතර, Small Budget කාණ්ඩයේ Black Dragon සම්මානය හිමි වීම මඟින් සීමිත හා කාර්යක්ෂම ආයෝජනයක් තුළින් පවා අර්ථවත් බලපෑමක් ඇතිකිරීම සඳහා සමාගම සතු හැකියාව පිළිබිඹු වේ.

2025 වසර තරම් මෑතකදී වෙළඳපොළට නව ප්‍රතිරූපයකින් තම සන්නාමය හඳුන්වාදෙනු ලැබීමෙන් අනතුරුව පාරිභෝගිකයන් සමඟ සමීප සම්බන්ධතා ගොඩනංවා ගනිමින්, තම ව්‍යාපාරික  ගමනේ නව පරිච්ඡේදයක ආරම්භය සාර්ථක ලෙස සනිටුහන් කිරීමට American Premium Water සමත් විය. මෙම සම්මාන හිමි වීමත් සමඟ එම ආරම්භය තවදුරටත් ශක්තිමත් වී තිබේ.

‘Product Launch or Re Launch’ කාණ්ඩයේ Gold Dragon සම්මානය හිමි වීම,  American Premium Water සන්නාමය නැවත දියත් කිරීමේ ක්‍රියාවලිය කෙතරම් දුරකට සාර්ථක වී ඇතිද යන්නට සාක්ෂි දරයි. ‘Cause, Environment or Sustainability’ කාණ්ඩයේ Gold Dragon සම්මානය පරිසර හිතකාමීත්වය හා තිරසාරත්වය උදෙසා කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් වන අතර, ‘Creative Excellence’ කාණ්ඩයේ Gold Dragon සම්මානය පාරිභෝගිකයන් වෙත සමීප වීම සඳහා නිර්මාණශීලීත්වය විශිෂ්ට ලෙස භාවිතා කිරීමට American Premium Water සන්නාමය සමත් වී ඇති බවට මනා සාක්ෂියකි.

මේ සම්බන්ධයෙන් American Premium Water සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ ෆයාස් ෆසාල් මහතා මෙසේ අදහස් දැක්වීය: “මෙම සම්මාන හිමි වීම අපට මහත් සතුටක් සහ ගෞරවයක්.  Gold Dragon සම්මාන තුනක් සහ Black Dragon සම්මානයක් ඇතුළුව Dragons සම්මාන හතරක් හිමි වීම, අපගේ අලෙවිකරණ ක්‍රියාවලිය තුළින් පිළිබිඹු වන ක්‍රමෝපායික චින්තනය, නිර්මාණශීලීත්වය, උනන්දුව සහ කැපවීම වෙනුවෙන් ලැබුණු විශිෂ්ට ඇගයුමක් ලෙස හැඳින්වීමට පුළුවන්. තවද මෙය කණ්ඩායමක් ලෙස එක්ව වැඩ කිරීමේ වැදගත්කම මෙන්ම, අපගේ ආයතනික හවුල්කරුවන් වන Phoenix Ogilvy, Shift Solutions සහ අප අතර පවතින සහයෝගීත්වයේ සාර්ථකත්වයට සාක්ෂි දරනවා.”

American Premium Water යනු ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ ධනාත්මක වෙනසක් ඇති කිරීම යන මූලික ගුණාංග පදනම් කරගෙන ගොඩනැඟෙමින් පවතින සන්නාමයකි. ප්‍රජා සත්කාරයක් වශයෙන් OrphanCare භාරය සමඟ එක් වී ළමා නිවාස 90 කට වැඩි සංඛ්‍යාවකට අත්වැලක් වී ඇති එම සමාගම, පසුගිය දශකය තුළ විවිධ දුෂ්කරතාවන්ගෙන් පෙළෙන ප්‍රජාවන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලීටර් 800,000 කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ. තවද ක්‍රීඩා ක්ෂේත්‍රය සමඟ ඇති කරගෙන තිබෙන හවුල්කාරීත්වයන් හරහා එම සමාගම පුද්ගලයන් මිලියන 1.6 කට වැඩි පිරිසකට වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන රටාවන් වෙත යොමුවීමට උපකාරී වී ඇත.

පරිසර සංරක්ෂණය සහ අන්තර්කරණය (Inclusion) සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගනිමින් සිටින American Premium Water සමාගම, වඩාත් පරිසර හිතකාමී වීදුරු බෝතල ක්‍රමයක් වෙළඳපොළට හඳුන්වාදීමේ පුරෝගාමීන් වූ අතර, ප්‍රජාවන්ගේ සුභසිද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මක කර තිබේ.

Dragons සම්මාන හිමි වීම American Premium Water හි ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතරම, සමාගමේ නව සන්නාම අනන්‍යතාව සහ අනාගත අරමුණු තවදුරටත් ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමනට ප්‍රබල උත්තේජනයක් සපයනු නිසැකය.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව