අමානා බැංකුව සිය ඉතිහාසයේ විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵලය 2025 වසරේදී වාර්තා කරයි.

Capture

මෙම කාර්යසාධනය සම්බන්ධයෙන් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ අදහස් දැක්වීය: “2025 වසර අමානා බැංකුවේ ඉදිරි ගමනේ තීරණාත්මක පරිච්ඡේදයක් ලෙස මතකයේ රැඳේවි. ඊට හේතුව වන්නේ මෙම වසරේදී බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 4 ක සන්ධිස්ථානය ඉක්මවා යාම සහ හිමිකම් මත ප්‍රතිලාභය ද්විත්ව ඉලක්කම් අගයකට පැමිණීම පමණක් නොව, අපගේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය සහ පරිණතභාවය පැහැදිලිවම සනාථ වීමයි. මේ දක්වා අප අත්කරගෙන ඇති ප්‍රගතිය මඟින් ස්ථාවරත්වය, සුපරීක්ෂාකාරී ආයතනික පාලනය සහ දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය මත පදනම් වූ ක්‍රමෝපායක වැදගත්කම මැනැවින් පිළිබිඹු වනවා. මේ සාර්ථකත්වය සඳහා දැක්වූ සුවිශාල දායකත්වය වෙනුවෙන් අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්ට, ෂරියා අධීක්ෂණ මණ්ඩලයට, අපගේ කළමනාකාරීත්වයට සහ කාර්ය මණ්ඩලයටත්, අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබීම වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ට සහ කොටස් හිමියන්ටත් මගේ අවංක කෘතඥතාව පළකිරීමට කැමතියි. 2026 වසරේ අපගේ ගමන් මගේ 15 වැනි වසරට එළඹී සිටින මේ මොහොතේ, අඛණ්ඩව තිරසාර වර්ධනයක් අත්පත් කරගනිමින් අපගේ සේවය ලබන සියලුම දෙනාට ඉහළම ප්‍රතිලාභ පිරිනැමීමට අප අඛණ්ඩව කැප වී සිටිනවා.”




අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා අදහස් දැක්වූයේ මෙසේය: “2025 වසරේ අප අත් කරගත් වාර්තාගත කාර්ය සාධනය, අපගේ වෙළඳපළ තත්ත්වය ශක්තිමත් කරගැනීම, පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම, සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය යනාදී සාධකවල ප්‍රතිඵලයක්. පුද්ගලයන් සහ ව්‍යාපාර එක සේ සවිබල ගන්වන මානුෂ හිතවාදී සහ සංවර්ධනය කේන්ද්‍ර කරගත් බැංකුකරණ අත්දැකීමක් ලබාදීමට අප කැප වී සිටිනවා. කවදත් අපගේ වර්ධනයේ ඉදිරි ගමන් මඟ තීරණය වූයේ ඒ කැපවීම තුළිනුයි. විධිමත් ප්‍රවේශයක් ඔස්සේ කාර්යක්ෂම ලෙස සැලසුම් ක්‍රියාවට නැංවීම මඟින්, විශ්වාසයෙන් යුතුව අනාගතය වෙත පා තැබිය හැකි ශක්තිමත් වර්ධනීය ප්‍රවණතාවක් නිර්මාණය කරගැනීමට අපට හැකි වී තිබෙනවා. අප වෙත ලබාදුන් මගපෙන්වීම හා අධීක්ෂණය වෙනුවෙන් අපගේ සභාපතිතුමන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයටත්, අඛණ්ඩ කැපවීම වෙනුවෙන් අපගේ කළමනාකාරීත්වයට සහ කාර්ය මණ්ඩලයටත්, අප කෙරෙහි දිගින් දිගටම විශ්වාසය තැබීම වෙනුවෙන් අපගේ කොටස් හිමිකරුවන්ට, ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන්ටත් මා බෙහෙවින් ස්තූතිවන්ත වනවා. අපගේ සේවාවන් හා ආවරණ පරාසය පුළුල් කරගන්නා අතරම ඉදිරියේදී එළඹෙන අවස්ථාවන් දෙස අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව