AIA ඉන්ෂුවරන්ස් වෙතින් කොළඹ නගරයේ පවත්වන විශාලතම ධාවන වැඩසටහන වන RFTL සඳහා අඛණ්ඩ දායකත්වය!

RFTL PR IMAGE (LBN)

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අඛණ්ඩ 4 වන වරටත් රජත අනුග්‍රාහක ලෙස, කොළඹ නගරයේ, ප්‍රජා සේවය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන විශාලතම ධාවන ව්‍යාපෘතිය වන RFTL (Run For Their Lives) සඳහා මේ වසරේදී ද සහය ලබා දෙන ලදී.  මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ආධාර පිණිස මුදල් රැස් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද මෙම ධාවන වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇති පිළිකාව පිළිබඳව දනුවත්බව වැඩි කිරීමට බලාපොරොත්තු වේ.  පිළිකා රෝගය ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණ දෙන එක් දුෂ්කර අභියෝගයක් බවට පත්ව ඇති  අතර, මෙරට වැඩිම මරණ ප්‍රමාණයක් සිදුවන්නේ ද බෝ නොවන රෝග හේතුවෙනි.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම බෝ නොවන රෝග වැළැක්වීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් සැමවිට පෙරමුණ ගෙන කටයුතු කරන්නා වූ සමාගමක් ලෙස ජාතික සෞඛ්‍ය සහ සුබසිද්ධිය වෙනුවෙන් කැපව කටයුතු කරමින් සිටියි.

 



 

පිළිකාවෙන් පීඩාවට පත් වූවන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණින්,  ‘Run For Their Lives’ වැඩසටහනට තම සමාගමේ කාර්‍යමණ්ඩල සාමාජික සාමාජිකාවන් ක්‍රියාකාරීව සහභාගී වූ බවත්, ඔවුන්ගේ නොසැලෙන සහයෝගය ලබාදුන් බවත්, AIA ඉන්ෂවරන්ස්  සමාගම නිහතමානීව සදහන් කර සිටී.  2030 වසර වන විට බිලියනයක් ජීවිත වලට ධනාත්මක බලපෑමක් ඇතිකිරීම වෙනුවෙන් වන AIA හි අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා RFTL සඳහා සහභාගී වූ පුද්ගලයින්ව, දීර්ඝ කාලීනව සෞඛ්‍ය සම්පන්නව සිටීම වෙනුවෙන් ඔවුනගේ ජීවිත වලට එකතු කරගත හැකි හොඳ පුරුද්දක් පිළිබඳව ප්‍රතිඥා දීමට උනන්දු කරන ලදී.  එමෙන්ම මේ සඳහා සහභාගී වූවන් එම ප්‍රතිඥා ලබාදීම වෙනුවෙන් මාර්ගගත අයුරින් ක්ෂණික මත විමසුමක් පවත්වා එසැණින් දිනුම් ඇදීමක් ඔස්සේ තිලින ලබාදුන් අතර එම ජයග්‍රාහීන්හට නවතම මාදිලියේ SAMSUNG Galaxy 6 – Smart Watch හිමිකර ගැනීමට අවස්ථාව උදා විය.  එමෙන්ම සහභාගී වූවන් විශාල ප්‍රමාණයකට Wellness Games  ඔස්සේ ජයග්‍රහණය කර අනෙකුත් ත්‍යාග හිමිකර ගැනීමට ද හැකිවිය.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය මහතා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, “මෙම වැඩසටහන සඳහා අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහාභාගී වීම ඔස්සේ ප්‍රජාව වෙනුවෙන් ඔවුන් තුල ඇති සංවේදීබව සහ සහකම්පනයත්, සමාජය වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීම වෙනුවෙන් ඔවුන් තුල ඇති වටිනාකම් ද පිළිබිඹු වුනා.  සැමගේ සහභාගීත්වයෙන් අපි පිළිකා ප්‍රතිකාර සඳහා අරමුදල් රැස් කරමින් රෝගීන් රැකබලා ගැනීම සඳහා උපකාර කරනවා පමණක් නොව පිළිකාව කල්තියා හඳුනා ගැනීම සහ වලක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ කර්තව්‍යද සඳහා ද එක ලෙස අපගේ සහයෝගය සපයමින් සිටිනවා”.

RFTL යනු පොදු අරමුණකට සහාය වීම සඳහා සෑම තරාතිරමකම පුද්ගලයන් එක්රැස් කරගනිමින් සිදුවන වැඩසටහනක් වන අතර එය සාමූහික ක්‍රියාකාරීත්වයේ සහ දයානුකම්පාවේ ශක්තිය පිළිබඳ මනා සාක්ෂියකි, . AIA හි අපි, මෙම අර්ථවත් වැඩසටහන සඳහා කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වන අතර ඉදිරි වසර වලදීත් එහි සාර්ථකත්වයට දායක වීමට අපේක්ෂා කරමු.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව