AIA ඉන්ෂුවරන්ස්, කොමර්ෂල් බැංකුව සමඟින් ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹීම අති උත්කර්ෂවත් උළෙලක දී අභිමානයෙන් සමරයි.

PR IMAGE (LBN)

ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදී.  ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජෙනරාල් (IRCSL) ඇතුළු කැපී පෙනෙන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී නොබෝදා, ඩිජිටල්කරණය භාවිතා කරමින් සිදුකරන ලද උත්කර්ෂවත් දියත් කිරීමේ උත්සවයක් මධ්‍යයේ මෙම හවුල්කාරිත්වය එළිදක්වන ලදී.

 



 

මෙම උත්සවයේ දී redefining synergy’ (‘සහයෝගය යළි නිර්වචනය කිරීම’) යන තේමාව විදහා දක්වමින්, පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා වසර සියයකට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ ආයතනික දැවැන්තයින් දෙදෙනෙකු අතර සුසංයෝගයෙන් ඇරඹි සහයෝගීතාවය ඉස්මතු කරන ලදී.

AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව අතර මෙම සුවිශේෂී බැංකු රක්ෂණ හවුල්කාරිත්වය දියත් කිරීමේ උත්සවය ඔස්සේ මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුල සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී.  එපමණක් නොව, සහයෝගීතාවය, නවෝත්පාදන සහ අසමසම පාරිභෝගික සේවාව මගින් නිර්වචනය කරන ලද අනාගතයක් සඳහා වේදිකාව ද සකසන ලදී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව