සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 14 වන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම සිදුකරයි

FS14 - Draw 6

 




 

 

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ 06 වන හෙවත් අවසන් දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණ. මෙම වැඩසටහනෙන් සමස්තයක් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු ජයග‍්‍රහණ ලබාගැනීමට සමත්විය. අවසන් දිනුම් ඇදීමේ සුපිරි ත්‍යාගය වන රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනා ගත්තේ යාපනයේ මනිපායි හි, පදිංචි රක්ෂණ ඔප්පුහිමියෙකුය. මීට අමතරව නුවරඑළිය, මතුගම, කල්මුණේ, ගම්පොළ සහ මීගමුව ඇතුලූව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල රක්ෂණ ඔප්පුහිමියන් අනිකුත් ඉහළ වටිනාකමක් සහිත රත්තරන් ත්‍යාග දිනාගන්නා ලදී. මෙම අවසන් මහා තරඟයේදී රුපියල් මිලියන 05 ක් වටිනා රත්තරන් ලබාදීමට රක්ෂණ ඔප්පුහිමියන් 103 දෙනෙකු සමාගම විසින් තෝරාගත් අතර 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේදී සමාගම විසින් සමස්තයක් ලෙස රුපියල් මිලියන 30 ක් වටිනා රත්තරන් ලබාදීමට කටයුතු කරන ලදී.

මෙහිදී, සෑම මාස දෙකකටම වරක් දිනුම් ඇදීමක් පැවැත්වූ අතර එක් දිනුම් ඇදීමකදී ජයග‍්‍රාහකයින් අතුරෙන් එක් අයෙකු රුපියල් මිලියනයක් වටිනා රත්තරන් ද, දෙදෙනෙකු රුපියල් 250,000 බැගින් වටිනා රත්තරන් ද, පස් දෙනෙකු රුපියල් 100,000 බැගින් වටිනා රත්තරන් ද, විසිපස් දෙනෙකු එක් අයෙකුට රුපියල් 50,000 වටිනා රත්තරන් ද, හැත්තෑ දෙනෙකු රුපියල් 25,000 බැගින් වටිනා රත්තරන් ද ජයග‍්‍රහණය කළේය. කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පැනවූ ගමන් සීමා කිරීම් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශන හේතුවෙන් විදේශීය සහ දේශීය සංචාර ත්‍යාග ලෙස ලබාදුන් ෆැමිලි සවාරි ආකෘතිය වෙනස් කර 14 වන වැඩසටහනේදී රත්තරන් ත්‍යාග ලෙස ලබාදීමට සෙලින්කෝ ලයිෆ් සමාගම තීරණය කළේය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව