HNB දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට real-time online ගෙවීමේ පහසුකම් සඳහා Lanka Clear සමඟ අත්වැල් බැඳගනී

Image 01

 




 

 

ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය ආයතනික ගෙවීම් විසඳුම් වේදිකාව වන PAYFAST හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) real-time online සෘජු ගෙවීමේ පහසුකම් සඳහා Lanka Clear සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත.

මෙම හවුල්කාරීත්වය මඟින් HNB ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට වසර පුරාම පැය 24ම IRD වෙත සෘජු ප්‍රවේශයක් ලබා දෙන අතර HNB PAYFAST හා සම්බන්ධ ඔවුන්ගේ ගිණුම්වලින් සෘජුවම ගෙවීම් කිරීමට හැකියාව ඇත. ගනුදෙනුව අවසන් වූ පසුව එම ගෙවීම සම්පූර්ණ වූ බවට ගනුදෙනුකරුවන්ට ඩිජිටල් සනාථ කිරීමක් ලබා දීමෙන් අරමුදල් එම දෙපාර්තමේන්තුවේ ගිණුම වෙත එවෙලේම  බැර කරනු ලැබේ.

HNB PAYFAST යනු සැඟවුණු ගාස්තු රහිත HNB ගනුදෙනුකරුවන්ට වඩාත්ම ලාභදායී ඩිජිටල් බැංකුකරණ විසඳුමක් වේ. සමාගමේ HNB ගිණුම හර කිරීමෙන් සහ පරිශීලකයාගේ කැමැත්ත පරිදි  ඕනෑම බැංකුවක ඇති ප‍්‍රතිලාභී ගිණුම් කිහිපයකට බැර කිරීමෙන් ගනුදෙනු කිිහිපයක් සිදු කිරීමේ පහසුකම් ද සලසා දී තිබේ. PAYFAST හරහා ගනුදෙනුකාරභවතුන්ට වැටුප් සැකසීම, සැපයුම්කරුවන්ට සිදු කරන ගෙවීම් හා ලාභාංශ ගෙවීම් පහසුවෙන් සිදු කළ හැකි අතර EPF/ETF ක‍්‍රියාවලියද වඩාත් පහසු කරයි.

සිදු කරනු ලබන සියලූම ගණුදෙනුවල පූර්ණ රහස්‍යභාවය ආරක්ෂාව කරන බවට HNB සහතික වන අතර පද්ධතියේ ආරක්‍ෂිත විශේෂාංග තවත් ශක්තිමත් කිරීමට හා ඉහළ දැමීමට පියවර ගෙන ඇත. පරිශීලක දත්ත සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරන බව සහතික කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක විශේෂඥයින් නිරන්තරයෙන් උපදෙස් ලබා ගනී.

සියළුම ගනුදෙනුකාරභවතුන්ට සහ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා HNB විවිධ ඩිජිටල් විසඳුම් ලබා දෙන අතර එමනිසා ඔවුන් ‘’ප‍්‍රගතියේ සහකරු’’ යන නමින් ප්‍රශංසාවට ලක් වී ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, නැගී එන ව්‍යාපාර හා ඉහළ පෙළේ ආයතනික සන්නාම ඇතුළුව පුළුල් පරාසයක ව්‍යාපාර සඳහා බැංකුව නවීනතම ඩිජිටල් බැංකුකරණ තාක්‍ෂණය සපයනු ලබයි.

මෙම දැක්ම අනුව යමින් PAYFAST හි අරමුණ වන්නේ ඉහළ තාක්‍ෂණයෙන් යුතු ආර්ථිකයකට දායකවීම සඳහා සියලූම පාරිභෝගිකයින් හට ඩිජිටල් බැංකුකරණය ප‍්‍රවර්ධනය කිරීමයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව