Sysco LABS, Engineering Nexus 7 – ‘Clear the Mist: The Cloud Revealed’ හි සම්බන්ධ වෙයි.

Screen Shot 2021-06-10 at 12.09

 




 

Sysco LABS Sri Lanka හි ජ්‍යෙෂ්ඨ මෘදුකාංග නිර්මාණ ශිල්පී ක්‍රිෂාන් සෙනෙවිරත්න ‘Clear the Mist: The Cloud Revealed’ තේමාව යටතේ පැවති Engineering Nexus 7 වන අදියර එළි දැක්වීමේ හමුවේදී විශේෂ කථිකයෙකු ලෙස පෙනී සිටියේය.

Engineering Nexus යනු ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් වන Sysco LABS, WSO2, LSEG Technology සහ Pearson Lanka වැනි වෘත්තීය තාක්ෂණික ජ්‍යෙෂ්ඨයින්ගේ සමූහයකි. එය තාක්‍ෂණික වෘත්තිකයන් අතර දැනුම හුවමාරු කරගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමට හා මෘදුකාංග ඉංජිනේරු අදහස්වල නායකත්වය එම ක්ෂේත්‍රය පුරා තවදුරටත් තහවුරු කිරීම අපේක්ෂා කරයි.
Cloud සංස්කෘතියක් (Cloud Culture) නිර්මාණය කිරීම, Cloud තාක්ෂණය භාවිතයෙන් පවතින පද්ධති නවීකරණය කිරීම සහ Cloud හි මෙවලම සහ එහි යටිතල පහසුකම් තුළ සිදු වන දේ පිළිබඳ යෝජනා වැනි අනුමාතෘකා, Cloud Native මෘදුකාංග නිර්මාණය යන තේමාව යටතේ පැවැත්වුණු 7 වන Engineering Nexus සැසියේදී ගවේෂණය කෙරිණි. මෙම සැසියේ ප්‍රධාන කථිකයින් ලෙස WSO2 හි උප සභාපති සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරී – Cloud අෆ්කාම් අසීස්, LSEG Technology හි මෘදුකාංග නිර්මාණ ශිල්පී චමිල ලියනගේ, සහ Pearson Lanka හි තාක්ෂණික විශේෂඥ – යෙදුම් ඉංජිනේරු රුමේෂ් අතුකෝරළ යන මහත්වරුන්ද සහභාගී වූහ.
Cloud Native ගමන්මගෙහි තවත් වැදගත් සාධක ඇති බව ‘The Journey towards Cloud Native’ පිළිබඳව සාකච්ඡා කරමින් ක්‍රිෂාන් සෙනෙවිරත්න සඳහන් කළේය. “Cloud Native යනු Micro-services සහ Kubernetes වලට වඩා යමකි. එමෙන්ම එය තාක්‍ෂණය සහ උපාංග කට්ටලයකට වඩාද වැඩි යමක් වේ.” යැයි ඔහු අවධාරණය කළේය. ”Cloud Native සඳහා නිවැරදි යයි කිව හැකි පිළිතුරක් නොමැති නමුත්, මුල සිට පහළට වැඩ කිරීමේ නව ක්‍රමවේදයන්ට අනුගත වෙමින් Cloud Computing සිය උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට යෙදවුම් නිර්මාණයේදී දාර්ශනික පිළිවෙත් හා නව ක්‍රමවලට අනුගත වීම වඩා ඵලදායී වේ.”
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ “ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන්ගේ සහයෝගිත්වය ගැනීමෙන් Cloud Native ගමන ඉහළ සිට පහලට එය පෙලගස්වීමෙන්, එහි සාර්ථකත්වයට ළඟා විය හැකි අතර එසේ නොවනේනම්, එය අසාර්ථක වන බවයි. එය කාලය හා ශ්‍රමය වැය වන ගමනක් වන අතර ප්‍රධානීන් එයට සහයෝගය දිය යුතුයි.” යන්නය. ඔහු අනෙකුත් සංවිධාන සමඟ සිය උපදෙස් බෙදා ගත් අතර මෙසේද පැවසීය, ”කෙසේ Cloud හා සම්බන්ධ වුවත්, මානව සම්පත, සංස්කෘතිය සහ සැකසුම් ක්‍රියාවලිය වෙත කරන ආයෝජන, තාක්ෂනය සඳහා කරන ආයෝජනය මෙන් වැදගත් වේ.”
උත්සවය අවසන් වූයේ ප්‍රශ්න හා පිළිතුරු සැසියකින් වන අතර එහිදී ප්‍රේක්ෂකයින් ඔවුන්ගේ ප්‍රශ්න හා අදහස් විශේෂ කථික මණ්ඩල සාමාජිකයින්ට ඉදිරිපත් කළහ.

පසුගිය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත Engineering Nexus අවස්ථා සඳහා ලියාපදිංචි වීමට පිවිසෙන්න, www.engineeringnexus.lk

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව