SLT-MOBITEL වෙතින් මාතලේ දිස්ත්‍රික් රෝහලට PCR යන්ත්‍රයක්

PCR Matale

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මේ වනවිට ‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් කිහිපයකට PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. එහි ප්‍රථම අදියර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලද අතර, දෙවැනි  PCR යන්ත්‍රය පසුගියදා මාතලේ දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කරන ලදී. ඉදිරියේදී මොනරාගල මූලික රෝහලට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෝහලට PCR යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීමට SLT-MOBITEL සැලසුම් කර ඇත. SLT-MOBITEL දාන පාරමිතා වැඩසටහන යටතේ මේ සඳහා මූල්‍ය අනුග්‍රහය හිමිවන අතර, එම සද්කාරයට දායක වූ සියලු ජනතාවට SLT-MOBITEL සිය ප්‍රණාමය පුද කර සිටියි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව