
දෘශ්‍යාබාධිත කාන්තාවන්ගේ ජීවනෝපයන් ඉහළ නැංවීම සඳහා සහයෝගය දක්වමින් ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කාන්තා සුභසාධන සංගමයේ සාමාජිකයින් හට සුදු සැරයටි 300ක් හා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළේය.
HNB සේවක මණ්ඩලය විසින් ස්වේච්ඡාවෙන් ලබා දෙන ලද මෙම පරිත්‍යාගයන් HNB කළමනාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් HNB ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී එම සංගමයේ සාමාජිකයන් වෙත භාර දෙන ලදී.
මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ‘‘මෙරට දෘශ්‍යාබාධිත කාන්තාවන්ට සහායක් වීම සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කාන්තා සුභසාධන සංගමය සමඟ එක්වීමට ලැබීම පිළිබඳව අප ආඩම්බර වනවා. අපගේ අරමුණ වන්නේ අනෙක් සෑම පුරවැසියෙකුටම මෙන් ඔවුන්ට ද සමාන අවස්ථාවන්, පිළිගැනීම හා ගෞරවය ලබා දීම සහතික කිරීම සඳහා අපගේ සහයෝගය ලබා දීමයි. ඒවගේම වඩාත් සමාන හා සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා මෙවැනි හවුල්කාරීත්වයන් ඉවහල් වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසුවේය.
පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප්රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලදී. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.
තවද 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස HNB සම්මානයට පාත්‍ර වූ අතර සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය, ක්‍රියාවලීන් සහ මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු කිරීම් ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමින් ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී 2020 සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11වන වරටත් HNB සම්මානයට පාත්‍ර වීමට කැපී පෙනේ.