SLT-MOBITEL, මල්වාන මහා විද්‍යාලයට පුස්තකාල පොත් පරිත්‍යාග කරයි

Hithak Pothak

 




 

 

අනාගත පරපුර දැනුමෙන් සහ අධ්‍යාපනයෙන් සවිබල ගැන්වීමේ කාලීන අවශ්‍යතාව නිවැරදිව හදුනාගනිමින්, “හිතක් ඇත්නම් පොතක් දෙන්න” නමින් පොත් පරිත්‍යාග කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. එහි පළමු ව්‍යාපෘතිය ලෙස මල්වාන මහා විද්‍යාලයට පසුගියදා පොත් 800කට වැඩි ප්‍රමාණයක් පිරිනැමුණි. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ සහ එහි කැලණිය කාර්යාලයේ නිලධාරීහු රැසක් ඊට සහභාගී වූ අතර විද්‍යාලයේ විද්‍යාලාධිපතිනිය ඇතුළු ගුරු මණ්ඩලයේ සාමාජිකයෝ සහ සිසු පිරිසක් ද එම අවස්ථාවට සම්බන්ධ වූහ.

ග්‍රාමීය පාසල්වල සිසුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වැඩිදියුණු කිරීමත්, මනා සේ උගත් සිසු ප්‍රජාවක් ගොඩනැගීමත්, මෙම පොත් පරිත්‍යාගයේ ප්‍රධාන අරමුණු වේ. මෙම සමාජ සත්කාරය තුළින් සිසුන් පොත්පත් කියවීමට වඩාත් නැඹුරු වනු ඇති බවත්, එය දිගුකාලීන පුරුද්දක් ලෙස වර්ධනය කරගනු ඇති බවත් SLT-MOBITEL දැඩිව විශ්වාස කරයි.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ, නවකතා, ළමා කතන්දර පොත්, ඉංග්‍රීසි භාෂා වර්ධනය කරන පොත් සහ පාසල් විෂය නිර්දේශයට අයත් වෙනත් පොත් ද මෙසේ පරිත්‍යාග කරන ලද පොත් අතරට අයත් වේ. පරිත්‍යාග කරන ලද පොත්පත් සියල්ල, ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයින් සහ කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් ලබාගැනුණු අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් කැලණිය කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පෞද්ගලික පරිත්‍යාග ද ඒ අතර විය.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට අදාළව අධ්‍යාපනය සතු කාර්යභාරය අතිශය තීරණාත්මක ය. එමෙන්ම ‘පරිපූර්ණ සහ සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම, සහ සැමට ජිවිත කාලය පුරා අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම’ නම් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයට ද එය අනුකූල වේ.

මේ පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා, ”අපි තිරසාර සංවර්ධනය සහ ප්‍රජාවන් අතර ධනාත්මක බලපෑමක් ඇතිකිරීම වෙනුවෙන් කැපවී සිටිනවා. එම නිසා කියැවීමේ පුරුද්ද වැඩිකිරීමත්, අනාගත පරපුර දැනුමින් සන්නද්ධ කිරීමත්, ඉලක්ක කරගනිමින් “හිතක් ඇත්නම් පොතක් දෙන්න“ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපනය යනු ඕනෑම රටක සංවර්ධනයේ පදනමයි. මෙම පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන හරහා සියලු දෙනාට අධ්‍යාපනයට ප්‍රවේශ වීම සදහා අවස්ථාව සැලසෙනවා“, යනුවෙන් ප්‍රකාශ කළේය.

ඉදිරියේදී දිවයින පුරා පිහිටි සෙසු පාසල් වෙත ද මෙසේ පොත් පරිත්‍යාග කිරීමට SLT-MOBITEL අපේක්ෂා කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව