අනුරාධපුර යාය 6 සංවර්ධනයට HNB ගම්මැද්ද සමඟ එක් වෙයි

Image 01

 




 

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන HNB මෙරට විශාලතම ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපාරය වන කැපිටල් මහරාජා සංවිධානයේ ගම්මැද්ද වැඩසටහන සමඟ පසුගියදා ගිවිසුමකට එළඹෙන ලදී. ඒ අනුරාධපුර දිස්ත‍්‍රිකයට අයත් යාය 6 මහවිලච්චිය ගම්මානයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙනි.

ග‍්‍රාමීය සංවර්ධනය සඳහා බැංකු සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම මෙන්ම ජනතාව වෙනුවෙන් වඩා ඵලදායී සේවාවක් ඉටු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය HNB හි සුවිශේෂී පුද්ගලික බැංකු සත්කාරක අංශයක් වන The Club HNB විසින් සිදු කරනු ලබයි.

මේ සඳහා වූ විශේෂ උත්සවයක් පසුගියදා ග‍්‍රීන්පාත්හි The Club HNB පරිශ‍්‍රයේදී පැවැත්වුණු අතර යාය 6 ගම්මානයේ විශේෂ අමුත්තන්, ගම්මැද්ද News 1st කණ්ඩායම සහ The Club HNB හි විශේෂ ආරාධිත අමුත්තන්ද ඊට එක්ව සිටියහ. එහිදී HNB කළමනාකර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් සහ කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් යන මහත්වරුන් විසින් අත්සන් කරන ලද ගිවිසුමත් සමඟ අදාළ හවුල්කාරීත්වය නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ HNB කළමනාකර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා ‘‘ග‍්‍රාමීය ප‍්‍රජාව යනු අප රටේ කොඳු නාරටියයි. ඒ නිසාම ගම්මැද්ද වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වන ඉතා වටිනා කටයුත්තක් වෙනුවෙන් ඔවුන්ගේ අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීමට සහයෝගය දැක්වීම සඳහා කැපිටල් මහරාජා සමූහය සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳ ඉතා සතුටුයි. ඒ වගේම ශ‍්‍රී ලංකාව පුරා ග‍්‍රාමීය ප‍්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් නැවත වරක් ඉදිරිපත් වෙමින් සිය නොමසුරු දායකත්වය ඔවුන් වෙත ලබා දීම සම්බන්ධයෙන් The Club HNB හි සාමාජික සාමාජිකාවන්ට මෙන්ම අපගේ ශාඛා ජාලයට මාගේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කොට ගන්නවා.’’ යනුවෙන් පැවසීය.

මෙම වැඩසටහනෙහි පළමු පියවර වන පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් පළමු අදියර යටතේ ජල පෙරණයක් (RO) ස්ථාපනය කිරීමට නියමිතය. මෙය සුවහසක් ජීවිත ආරක්ෂා කිරීමට පමණක් නොව කලාපය පුරා බහුලව පවතින නිදන්ගත වකුගඩු රෝග වළක්වා ගැනීමට ද ඉවහල් වනු ඇත.

මීට අමතරව මෙම වැඩසටහන යටතේ එම ග‍්‍රාමයේ ඇති පෙමදුව සාලියමාලා විද්‍යාලය වෙත අංග සම්පූර්ණ නව පුස්තකාලයක් මෙන්ම පරිගණක විද්‍යාගාරයක් ලබා දීමට කටයුතු කර ඇත්තේ එහි තවත් එක් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසය. එමෙන්ම එම පාසලේ සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් නව වැසිකිළි පද්ධතියක් ඉදි කිරීමට ද මෙහිදී කටයුතු සූදානම් කොට ඇත. තවද මෙම ව්‍යාපෘතිය යටතේ එම ගම්මානයට අයත් ප‍්‍රධාන මාර්ගය, පන්සල නවීකරණ හා අලූත්වැඩියා කටයුතු සිදු කිරීමට ද, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයා ගන්නා වැව පිරිසිදු කිරීමටද කටයුතු යොදා ඇත්තේ ගම් වාසීන් වෙත නව ප‍්‍රජා ශාලාවක් ඉදිකර දීමේ ව්‍යාපෘතියක්ද සමඟිනි.

 




 

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැපපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සඳහන් කර සිටියේ ‘‘යාය 6 ගම්මානයේ ජනතාවට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන අපගේ අන්‍යෝන්‍ය ඉලක්කයන් පසුරා ගැනීම වෙනුවෙන් HNB සමඟ කටයුතු කිරීමට ලැබීම අප ලැබූ මහඟු අවස්ථාවක් කොට සලකනවා. අවශ්‍යතාවන් රැසකගෙන් සපිරි මෙම ගම්මානය සඳහා තමන්ගේ සහයෝගය ලබා දීමට එක් වූ HNB ගනුදෙනුකරුවන් නොවෙන්නට මේ ආකාරයේ ව්‍යාපෘතියක් සිදු කරගැනීම ඉතාමත් දුෂ්කරයි. ඒ නිසාම මේ සඳහා එක් වූ ඔබ සියලූ දෙනාට මේ මොහොතේ මාගේ ස්තුතිය පුද කර සිටිනවා’’ යනුවෙනි.

මේ සඳහා වන අරමුදල් රැස් කිරීම හා ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් පියානෝ වාදකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකු වන සෞන්දරී ඬේවිඞ්ගේ කලා නිර්මාණය රංග දසනායකයන්ගේ සංගීත මෙහෙයවීම යටතේ සෝල් සවුන්ඞ් විසින් ඉදිරිපත් කිරීමද මෙම උත්සයේ විශේෂ අවස්ථාවක් විය.

මෙම විශේෂ අවස්ථාවට එක් වූ ARTRA සඟරාවේ ප‍්‍රධාන කර්තෘ අසාරා ජලීල් විසින් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඔවුන්ගේ පරිත්‍යාගයන් සිදු කිරීම සඳහා සිය ARTRA කැන්වස් චිත‍්‍ර එකතුවෙන් එක් චිත‍්‍රයක් The Club HNB සාමාජිකයන් වෙත වෙන්දේසි කිරීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක්වූ The Club HNB හි සුවිශේෂී ගනුදෙනුකාරිනියක් වන නිලූ ජයතිලක මහත්මිය සඳහන් කළේ ‘‘මේ උතුම් අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දැවැන්ත ආයතන 2ක් එකට එක්ව තිබෙන අද දවසේ මේ අවස්ථාවට එක් වීමට ලැබීම ගැන ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා හැකි සෑම ආකාරයෙන්ම දායක වීමට ලැබීම පාරිභෝගිකයන් ලෙස අප භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේම යාය 6 ගම්මානය නැරඹීම සඳහා ඉතා ඉක්මණින් ඔබ සමඟ එක් වීමට අප බලාපොරොත්තු වෙනවා’’ යනුවෙනි.

මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දීමට කැමති පරිත්‍යාගශීලීන්ට HNB SOLO ඩිජිටල් ගෙවීම් යෙදුම මගින් ඍජුවම දායකත්වය ලබා දීමට හැකි අතර එසේ නොමැති නම් ‘We are the change’ යන තේමාව යටතේ ක‍්‍රියාත්මක ගිණුමේ ගිණුම් අංක 005010173025 හරහා අරමුදල් තැන්පත් කිරීමටද පහසුකම් සලසා ඇත.

පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලදී. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.

තවද 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස HNB සම්මානයට පාත‍්‍ර වූ අතර සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය, ක‍්‍රියාවලීන් සහ මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු කිරීම් ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමින් ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී 2020 සඳහා ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11වන වරටත් HNB සම්මානයට පාත‍්‍ර වීමට කැපී පෙනේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව