ශ්‍රී ලංකාවේ බැංකු රක්ෂණ සේවා අඛණ්ඩව ශක්තිමත් කිරීමට යූනියන් ඇෂුවරන්ස් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සමඟ අත්වැල් බැඳගනී

Union Assurance & NTB partnership (1)

 




 

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) සිය ජීවිත රක්ෂණ කළඹේ වටිනාකම ඉහළ නැංවීමට සහ තිරසාර ව්‍යාපාරික වර්ධනයට ශක්තිමත් උපායමාර්ගික පියවරක් වශයෙන් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව (NTB) සමඟ වන සමාගමේ දිගුකාලීන හවුල්කාරීත්වය පසුගියදා තවත් වසර පහකට දීර්ඝ කළේය.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් සහ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ප‍්‍රධාන විධායක නිළධාරී/අධ්‍යක්ෂ ප‍්‍රියන්ත තල්වත්ත යන මහත්වරු විසින් අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් මහතා ‘‘නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සමඟ පවතින මෙම හවුල්කාරීත්වය දීර්ඝ කිරීමට ලැබීම අපට ගෞරවයක්. ඉහළ ගුණාත්මකභාවය හා වටිනාකමින් යුතු සේවාවක් ලබා දීම සඳහා අප යන ගමනේදී උපායමාර්ගික සබඳතාවන් අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා වගේම ගනුදෙනුකරුවන්ගේ ජීවිත වඩාත් යහපත් හා සුරක්ෂිත කිරීමට හා ජීවිත රක්ෂණ වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීම සඳහා සාමුහික කැපවීමක් ද අවශ්‍ය වනවා. ගනුදෙනුකරුවන්ගේ විවිධ හා වෙනස් වන අවශ්‍යතා සපුරා ලීම සඳහා රටේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් දෙකක් එකට එක්ව සහයෝගයෙන් කටයුතු කළ හැකි බවට අපගේ මෙම හවුල්කාරීත්වය කදිම නිදසුනක් බව අප විශ්වාස කරනවා. මේ සඳහා අපගේ ගනුදෙනුකරුවන්ට වෙනස් අත්දැකීමක් ලබා දීමට හා සබඳතාවන් වඩාත් විධිමත් කිරීම සඳහා අපගේ කෘතිම බුද්ධිය හා විශ්ලේෂණ හැකියාවන් භාවිතය වැඩි කිරීමට අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් පැවසුවේය.

2020 කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ඇති කරන ලද පෙර නොවූ විරූ අභියෝග හමුවේ වුවද, කිසිඳු අභියෝගයකින් තොරව වෙළෙඳපොළ නායකත්වය පවත්වා ගැනීම සඳහා ශක්තිමත් කාර්යසාධනයක් පෙන්වීමට යූනියන් ඇෂුවරන්ස් සහ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ හවුල්කාරිත්වයට හැකියාව ලැබුණු අතර මේ හේතුවෙන් ව්‍යාපාරික නායකත්ව සම්මාන උළෙලේදී වසරේ බැංකු රක්ෂණ සහයෝගීතාවය උදෙසා පිළිගැනීමට ද ලක් විය.

‘‘මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ මෑතකදී අත්සන් කරන ලද විශාලතම බැංකුරක්ෂණ උපායමාර්ගික හවුල්කාරීත්වය ලෙස මෙය පෙන්වා දිය හැකි අතර නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවට හා යූනියන් ඇෂුවරන්ස් සමාගමට සැබවින්ම මෙය සුවිශේෂී සන්ධිස්ථානයක්. බැංකු රක්ෂණ සේවා පිරිනැමීමේ ප‍්‍රමුඛයා ලෙස මෙය අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට මූල්‍ය ක්ෂේත‍්‍රය පදනම් කරගත් පාරිභෝගික සේවා ප‍්‍රමිතීන් සමඟින් පරිපූර්ණ මූල්‍ය විසඳුම් ලබා දීමේ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ තවත් එක් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. මෙම උසස් තත්වයේ සේවාව අඛණ්ඩව ලබා දීමට අප යූනියන් ඇෂුවරන්ස් සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ප‍්‍රධාන විධායක නිළධාරී/අධ්‍යක්ෂ ප‍්‍රියන්ත තල්වත්ත මහතා පැවසුවේය.

ක‍්‍රියාවලීන් නැවත විශ්ලේෂණය කිරීමට හා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට ඩිජිටල් තාක්ෂණය උපරිම ලෙස භාවිතා කිරීම සමඟින් යූනියන් ඇෂුවරන්ස් හා නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව ඔවුන්ගේ ව්‍යාපාරික උපායමාර්ගයන්ට කාලෝචිතව හැඩ ගැසීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තරව පිළිගත් අලෙවි බලකායක් හරහා සේවා හා විසඳුම්වලට වඩ වඩාත් සේවාදායකයින්ව සමීප කරවීම සඳහා උසස් මට්ටමේ ඩිජිටල්කරණ ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කරනු ලබයි.

පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් ප‍්‍රවේශයක් අනුගමනය කරමින් සහ කාර්යක්ෂම පාලනය තුළින් වගකීමකින් හා විනිවිදභාවයකින් කටයුතු කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති මෙම ආයතන දෙක සියලූ පාර්ශවකරුවන්ගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සුරක්ෂිත පාලන ව්‍යුහයක් ක‍්‍රියාත්මක කිරීම හා කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලබයි.

යූනියන් ඇෂුවරන්ස් ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් සමූහයට අයත් සමාගමකි. ශ‍්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, වසර 30 කට අධික සාර්ථක ඉතිහාසයක අභිමානය සමගින් රුපියල් බිලියන 18 ක වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණයක්, රුපියල් බිලියන 42 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 2021 පෙබරවාරි මාසය වන විට 325% ක ප‍්‍රාග්ධන ප‍්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ‍්‍රී ලාංකිකයන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ‍්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. LMD සඟරාව විසින් ශ්‍රී ලංකාවේ වඩාත් සම්මානනීය ජීවිත රක්ෂණ සමාගම් අතර අංක 1 ලෙස යූනියන් ඇෂුවරන්ස් මෑතකදී පිළිගැනීමට ලක් කරන ලද අතර රක්ෂණ හා මූල්‍ය වෘත්තිකයින් සඳහා ඇති ලොව කීර්තිමත් සංගමය වන Million Dollar Round Table (MDRT) සඳහා 2020 වසරේ වැඩිම සුදුසුකම්ලාභීන් පිරිසක් බිහිකළ රක්ෂණ සමාගම බවටද පත් විය. දිවයින පුරා විසිරුණු ශාඛා 75 ක් සහ 3,500 කට අධික ශක්තිමත් හා කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙන අතරම පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් ප‍්‍රවේශයක් අනුගමනය කරමින් මානව සම්පත්, සේවාවන් හා ක‍්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනයන් සිදුකරමින් සිටී.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව