ඒකාබද්ධ වාර්තාකරණය පිළිබඳ බාහිර සහතිකය (External Assurance) හිමිකර ගත් ආසියාවේ ප‍්‍රථම සමාගම බවට සොෆ්ට්ලොජික් සමාගම පත්වෙයි

Image 2_Cover Softlogic Life 2020 Annual Report

 




 

මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි 2020 වාර්ෂික වාර්තාව ඒකාබද්ධ වාර්තාකරණය (integrated reporting) පිළිබඳ බාහිර සහතිකය (external assurance) හිමිකර ගත් ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පළමු සමාගම බවට මෑතකදී පත් වියx මේ තුළින් කොටස්කරුවන් හා ප‍්‍රධාන පාර්ශවකරුවන් කෙරෙහි විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය සඳහා සමාගමේ කැපවීම පිළිබිඹු වේ.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි 2020 වාර්ෂික වාර්තාව ලබාගත් මෙම පිළිගැනීම ඒකාබද්ධ වාර්තාකරණය පිළිබඳ නැගී එන ප‍්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය. මූල්‍ය තොරතුරු හා ඒකාබද්ධ වාර්තාකරණය (integrated reporting) පිළිබඳ බාහිර සහතිකය (external assurance) ලබා ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් අධ්‍යක්ෂ මණ්ඩලය අයදුම් කිරීමෙන් අනතුරව එම වාර්තාව ජාත්‍යන්තර නිර්දේශවලට අනුකූලව සකස්කර ඇත්දැයි තක්සේරු කිරීමට සහ අදාල වැදගත් අන්තර්ගත කොටස් ආවරණය වන බව සහතික කර ගැනීමට KPMG විසින් එම වාර්තාව නැවත විමර්ශනය කළේය. ඒ අනුව අන්තර්ජාතික ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සලයේ (IIRC) ක‍්‍රියාකාරකම්වලට අදාල වාර්ෂික වාර්තාවේ ඇති වඩාත් වැදගත් දත්ත හා ප‍්‍රකාශ මූලික ලියකියවිලිවලින් හා සුදුසු බාහිර මූලාශ‍්‍රවලින් උපුටා ගෙන ඇති බව විගණකාධිපතිවරයා සහතික කළේය.

සමාගමේ 2020 වාර්ෂික වාර්තාව සඳහා බාහිර සහතිකයක් (external assurance) හිමිකර ගැනීම පිළිබඳව අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස වාර්ෂික වාර්තාකරණයේදී විශ්වාසය හා ආත්ම විශ්වාසය ගොඩනැගීමෙහිලා මෙම ඇගයීම තුළින් සිදු කළ හැකි වැදගත් කාර්යභාරය පිළිබඳව අප දිගුකලක් තිස්සේ හඳුනාගෙන තිබෙනවා වගේම ලෝකයේ දක්නට ඇති සංවර්ධනයන් තුළින් මෙම ප‍්‍රවණතාව පිළිබිඹු වෙනවා. මෙම ඇගයීම හිමිකර ගත් ආසියාවේ පළමු ජීවිත රක්ෂණ සමාගම වීම ගැන අප ඇත්තෙන්ම ආඩම්බර වනවා, එය සමස්ත ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය ලැබූ සුවිශාල ජයග‍්‍රහණයක් ලෙස පෙන්වා දිය හැකියි. එමෙන්ම මෙම ඇගයීම ලබා ගැනීමේදී අප උගත් පාඩම් ලොව පුරා ව්‍යාපාර කටයුතු කිරීමේදී අපට උපකාර වනු ඇති බව අපට විශ්වාසයි.’’

‘One Lankan’ යන තේමාව යටතේ සකස් කර ඇති වාර්ෂික වාර්තාව සොෆ්ට්ලොජික් ලයිෆ් 2020 දී සහ එහි විසිඑක් වසරක මෙහෙයුම් කාලය තුළ සිය පාර්ශවකරුවන් සඳහා සමාගමේ ජීවිත රක්ෂණ අංශයේ තත්වය පිළිබඳව සියලූ තොරතුරු ඇතුලත් නමුත් කෙටි විස්තරයක් සපයයි. පාර්ශවකරුවන්ට අවශ්‍යය වන ජාත්‍යන්තර ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ න්‍යාය පිළිබඳ උපදෙස් සහ මූලික ප‍්‍රතිපත්ති පිළිබඳව මෙහි අන්තර්ගත වේ.

මේ පිළිබඳව අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් පුෂ්පකුමාර මහතා ‘‘2017 වසරේ සිට වීඩියෝ ආකෘතියකින් ද ඉදිරිපත් කරනු ලබන මූල්‍ය වාර්තාව සඳහා අපගේ පාර්ශවකරුවන්ගෙන් ලැබෙමින් පවතින ධනාත්ම ප‍්‍රතිචාරය මෙම සුවිශේෂී නවෝත්පාදනයේ සාර්ථකත්වය සනාථ කරනවා. අඛණ්ඩව සිව්වන වරටත් මනා ලෙස සකස් කරන ලද වීඩියෝ මූල්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි වීම ගැන අප නිහතමානීව ආඩම්බර වනවා. අභියෝගාත්මක වර්ෂයක් තුළ තිරසාර වර්ධනයක් සහිතව ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ තුන්වන විශාලතම සමාගම බවට පත්වීමට ව්‍යාපාරික උපායමාර්ග සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම ඉහළට ඔසවා තබා ඇති ආකාරය එමඟින් විස්තර කරනවා’’ යනුවෙන් පැවසුවේය.

තවද සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සිය වාර්ෂික මූල්‍ය වාර්තාව අඛණ්ඩව සිව්වන වරටත් වීඩියෝවක ආකෘතියකින් ඉදිරිපත් කර තිබීම විශේෂිතය. මෙම විඩියෝව ශ්‍රී ලංකා යූටියුබ් චැනලයේ සහ සොෆ්ට්ලොජික් ලයිෆ් වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත්කොට ඇති අතර වීඩියෝ ප‍්‍රස්තාර යොදා ගනිමින් මූල්‍ය වාර්තාවේ වැදගත් විස්තර එහි පැහැදිලි කර තිබේ. දළ වාරික ආදායම් (GWP), බදුවලට පෙර ලාභය (PBT) හා වසරින් වසර වර්ධනය (YoY), ව්‍යාපාර මෙහෙයුම් සන්දර්භයේ සිට සමාගමේ ව්‍යාපාරික ක‍්‍රියාවලිය, බුද්ධිමය ප‍්‍රාග්ධනයේ සිට මානව හිමිකම් ප‍්‍රග්ධනය, 2020 දී සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් එළිදැක්වූ නවෝත්පාදන හා නව නිෂ්පාදන සහ අවදානම්වල සිට අවස්ථාවන් ඇතුළු සමාගමේ මූල්‍ය ප‍්‍රතිඵල මෙම මූල්‍ය වාර්තාවේ පැහැදිලි කර ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව