අභ්‍යන්තර හා බාහිර අපවිත්‍රකාරක වලින් ඔබේ සමට රැකවරණය

TBS - Pollutants 1

 




නිරෝගී සමක් යනු කවුරුත් ප්‍රාර්ථනා කරන දෙයකි. එහෙත් අද දවසේ අප මුහුණ දෙන පාරිසරික තර්ජන නිසා නිරෝගී සමක් පවත්වා ගැනීම විශාල අභියෝගයක් වී තිබේ. කාලගුණ තත්ත්වය කුමක් වුවත්, සමට බලපාන පාරිසරික අපවිත්‍රකාරක සහ හානිකර UV කිරණ ආදියෙන් ආරක්ෂා වීම අපහසු ය. එබැවින් මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් අවශ්‍ය වී තිබේ.

බාහිර පරිසරයේ හමුවන අපවිත්‍රකාරක මෙන්ම, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන ගෘහ අභ්‍යන්තර අපවිත්‍රකාරකද අපගේ සම තුළ ඔක්සිකාරක ආතතිය (Oxidative stress) ඇතිකරයි. මෙමගින් අපගේ ශරීර තුළ ඇතිවන මුක්ත ඛණ්ඩක (Free radicals) සහ ප්‍රතිඔක්සිකාරක අසමතුලිතතාව නිසා කල් ගතවන විට සෛල සහ පටක වලට හානි සිදුවීමට ඉඩ තිබේ. මෙම හානිය පහසුවෙන් යථා තත්ත්වයට පත්කළ නොහැක.

සම අපවිත්‍ර කරන ගෘහ අභ්‍යන්තර සහ බාහිර සාධක මොනවාද? ඒවා ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

දිගින් දිගටම උෂ්ණත්වයට සහ අපවිත්‍රකාරක වලට නිරාවරණය වීම මගින් සමේ තෙතමනය ඉක්මනින් ඉවත් වීම සිදුවන අතර, එය සම සම්බන්ධ ගැටලු රාශියක් ඇතිකිරීමට ඉඩ තිබේ. අකලට මහලු පෙනුමක් ලැබීම, සමේ වියළි බව ඇතිවීම සහ දීප්තිය අඩුවීම, සමේ විජලනය, කැළැල්, ඇක්නි, සම කැසීම සහ සංවේදීතාව ඇතිවීම යනු එම ගැටලු අතරින් කිහිපයකි. නිරෝගී සමකට ඇතුළතින් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට සහ පිරිසිදු වීමට හැකියාව තිබිය යුතු අතර ඒ සඳහා සමබල ආහාර ගැනීම සහ බාහිර බලපෑම් වලින් සම ආරක්ෂා කිරීම බෙහෙවින් වැදගත් ය.

ඇතැම් අභ්‍යන්තර හා බාහිර සාධක සමට හානි ඇතිකරයි. දුහුවිලි, දුම, දහදිය, UV කිරණ, සහ රථවාහන දුම යනාදිය බාහිර අපවිත්‍රකාරක ලෙස හැඳින්විය හැකි අතර රසායනික ද්‍රව්‍ය, වායුසමීකරණය, බැක්ටීරියා, සතුන්ගේ මවිල් ආදිය අභ්‍යන්තර අපවිත්‍රකාරක ලෙස දැක්විය හැකි වේ. අප බොහෝ ප්‍රියකරන හෙයා(ර්) ස්ප්‍රේ, සුවඳ විලවුන් සහ ඉටිපන්දම් දුම ආදිය පවා අපගේ සම අපවිත්‍ර කිරීමට බලපායි.

හිරු කිරණ යනු සමට බලපාන ප්‍රධානතම සාධක වලින් එකකි. Short Ultraviolet Burning (UVB) සහ Long Ultraviolet Ageing (UVA) කිරණ ඇතුළු සම වෙත කාවැදී අකලට මහලු පෙනුමක් ඇතිකිරීමට ඉඩ තිබේ.

ඔබේ සම ආරක්ෂා කරගැනීමට ගතහැකි පියවර

පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ප්‍රමාණවත් ලෙස ගැනීම සහ නිතිපතා ජලය පානය කිරීම යනු යහපත් සමක් සඳහා ගතහැකි හොඳම පියවර වේ. කැෆේන් සහිත පාන වර්ග වෙනුවට පලතුරු යුෂ හෝ වැඩි ජල සංයුතියක් සහිත නැවුම් පාන වර්ග ගැනීම සහ පෝෂ්‍ය පදාර්ථ සපිරි සමබල ආහාර වේලක් ගැනීම ඉතාමත් වැදගත් ය.  පලතුරු, එළවලු, ලීන් ප්‍රෝටීන් සහ ධාන්‍ය වර්ග යනු යහපත් සමකට මෙන්ම පොදුවේ ශරීරයේ නිරෝගී බවට බලපාන සාධක ලෙස හැඳින්විය හැකි වේ.

ආලේපන වර්ග

කෙසේ වුවත් සම ආරක්ෂා කරගැනීම යනු හුදෙක් සෞඛ්‍ය සම්පන්න ආහාරපාන ගැනීමෙන් පමණක් කළ හැකි දෙයක් නොවේ. දවස පුරා සම දීප්තිමත්ව සහ නිසි ආශ්වාස ප්‍රශ්වාසය සහිතව පවත්වා ගැනීමට නම්, නිසි ක්‍රමවේද අනුගමනය කරමින් නිර්මාණය කළ, පරිසර හිතකාමී සන්ස්ක්‍රීන් වර්ග සහ මොයිස්චරයිසර් වර්ග වැනි නිෂ්පාදන භාවිතා කිරීමද වැදගත් ය. කෙතරම් රූපලාවණ්‍ය අලංකරණ යෙදුවද ඒවා හොඳ මට්ටමේ සන්ස්ක්‍රීන් වර්ගයකට සමකළ නොහැක්කේ ඒ නිසා ය.

The Body Shop හඳුන්වා දී ඇති Skin Defence Multi-Protection Essence SPF50+  යනු 100% ක් ශාකමය වූ නිෂ්පාදනයක් වන අතර එය UV කිරණ වලින් සම ආරක්ෂා කරගැනීමට උපකාර වෙයි. UVB සහ UVA කිරණ වලින් මෙන්ම අභ්‍යන්තර හා බාහිර අපවිත්‍රකාරක වලින් එය triple shield ආරක්ෂාවක් ලබාදෙයි. සමට බලපාන බාහිර සාධක රැසක බලපෑම අවම කරමින් සමේ සුමුදු බව හා නිරෝගී දිදුලන බව පවත්වා ගැනීමට Skin Defence Multi-Protection Essence SPF50+  නිෂ්පාදනයට හැකියාව ඇත. සැහැල්ලු සංයෝගයක් ලෙස නිපදවා ඇති එය දෛනික මොයිස්චරයිසර් සහ සන්ස්ක්‍රීන් වර්ගයක් ලෙස මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කළ හැකි අතර, makeup යෙදීමට පෙර base එකක් ලෙසද භාවිතා කළ හැක. ඓන්ද්‍රීය කෝමාරිකා, ඇල්ගී සාරය සහ විටමින් C අඩංගු මෙම සංයෝගය වඩාත් නිකැළැල්, දීප්තිමත් සහ නිසි තෙතමනය සහිත සමක් ලබාදෙයි

 

 

 



 

 

 

.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව