Celcius සොලූෂන්ස් වෙතින්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහතිකය ලද  ශ්‍රී ලංකාවේ ප්‍රථම මුඛ ආවරණය

celcius

 

Celcius හෙල්ත් මාස්ක් යනු,‍් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඳ ඇතිරිලි නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන Celcius සොලූෂන්ස් (පුද්ගලික) සමාගමේ  නිෂ්පාදන පරාසය පුළුල් කරමින් හඳුන්වා දෙනු ලැබූ නවතම මුඛ ආවරණ නිෂ්පාදනයන් ය. වෛද්‍ය නොවන භාවිතයන් සඳහා ගත හැකි මෙම මුඛ ආවරණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA/MDR/P-8/01/2020) සහතිකය හිමි අතර, වෙරිටාස් කාර්යාංශය හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය (SLINTEC) යන ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාර ද්විත්වය මගින් පෙරීමේ කාර්ය සාධනය පිළිබඳව කරන ලද පරීක්ෂණවලින් සමත් නිෂ්පාදනයකි. ASTM 2101 – 19  පාදක කර ගනිමින් වෙරිටාස් කාර්යාංශය විසින් කරන ලද පරීක්ෂණවලින් Celcius හෙල්ත් මාස්ක් මගින් බැක්ටීරියා පෙරීමේ කාර්ය සාධනය(BFE)  96% ක මට්ටමක පවතින බව‍ත්,  ASTM F2299 පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය  මගින් කරන ලද පරීක්ෂණවලින් ඉහළම අංශු පෙරීමේ කාර්යක්ෂමතාවක් එය සතු බවත් සනාථ කෙරිණි. එමෙන්ම, ISO – 14184 – 1 තත්ත්ව පරීක්ෂණ මගින් අනාවරණය වූයේ, ඇතැම් රෙදිපිළි නිෂ්පාදනවල බහුලව දක්නට ලැබෙන හානිකර රසායනික ද්‍රව්‍යයක් වන ෆෝමල්ඩිහයිඩ් මෙම මුඛ ආවරණයන්හි අඩංගු නොවන බවයි.

Celcius හෙල්ත් මාස්ක් මුඛ ආවරණ ක්ෂුද්‍ර ජීවීන් ගණනාවකට එරෙහිව උපරිම ආරක්ෂාවක් ලබා දෙන බවට ප්‍රතිඥා දෙමින්, වෛද්‍ය ශ්‍රේණිගත මට්ටමේ පෙරීමේ කාර්ය සාධනයක් ළඟා කර දීමට සමත් වේ. Celcius සොලූෂන්ස්, ගොතන ලද හා නොගෙතූ රෙදිපිළි තාක්‍ෂණය පිළිබඳ එහි වසර ගණනාවක විශේෂඥ දැනුම සමගින්,   මොරටුව විශ්ව විද්‍යාලයේ විශේෂඥයින්ගේ සහභාගිත්වය ඇතුව, වැඩි දියුණු කළ අංශු පෙරීමේ කාර්යක්ෂමතාවයක් ලබා දීම සඳහා රෙදිපිළි ව්‍යුහයන්ගේ අද්විතීය සංයෝජනය සහතික කර තිබේ.

මෙම මුඛ ආවරණය යමකුගේ අභිමතය පරිදි ඉවත දැමිය හැකි වන සේ, සේදුම් වාර 10 ක් දක්වා නැවත භාවිතා කිරීමේදී පවා මූලික පෙරීමේ මට්ටම පවත්වා ගෙන යා හැකි නිෂ්පාදනයකි. Celcius හෙල්ත් මාස්ක් මුඛ ආවරණ ගෘහස්ථ හා එළිමහන් භාවිතය සඳහා නිර්දේශ කර ඇති අතර නිතිපතා මුඛ ආවරණ පැළඳිය යුතු සේවකයින්, සිසුන්, ආරක්ෂක හමුදා සාමාජිකයින්, ඉදිකිරීම් සහ කර්මාන්තශාලා සේවකයින් සඳහා මෙම මුඛ ආවරණ ඉතා සුදුසු වේ.

“Celcius හෙල්ත් මාස්ක් සනීපාරක්ෂාව ඉතාමත් ඉහළින් සුරක්ෂිත වන පරිදි සංවෘත පිරිසිදු පරිසරයක නිපදවන අතර අවසාන ඇසුරුම්කරණයට පෙර මුළුමනින්ම විෂබීජානුහරණයට ලක් කෙරේ. එය වාර දහයකට වඩා පැළඳිය හැකි බැවින් වර්තමාන වෙළඳපොළේ වඩාත්ම ලාභදායී මුඛ ආවරණවලින් එකකි. වරක් භාවිතයට ගෙන ඉවත දමන මුඛ ආවරණයකට වඩා මෙය ඉතාමත් ලාභදායක වේ.” Celcius සොලූෂන්හි අධ්‍යක්ෂ කමල් ඩෝල් මහතාට අනුව මෙහි වඩාත් වැදගත්ම කරුණ වන්නේ, 80% ක්ම කපු වලින් නිපදවන මෙම මුඛ ආවරණය පරිසර හිතකාමී නිෂ්පාදනයක් නිසා, වරක් භාවිත කර ඉවත දැමිය හැකි මුඛ ආවරණ හා සසඳද්දි, පහසුවෙන් දිරාපත් වීමටද ලක් වීමයි.

2020 ජුනි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව, Celcius සොලූෂන්ස් මුඛ ආවරණ නිෂ්පාදනය කරනු ලබන්නේ නොඇදෙනසුලු ලේයර තුනකින් වන අතර, බාහිර ලේයර මගින් අංශු විනිවිද යාම වළක්වන අතරම විශාල අංශු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සහ උප ක්ෂුද්‍ර අංශුවල ප්‍රධාන කොටස් පෙරීමකට ලක් කරයි. එමෙන්ම බාහිර ලේයර මගින් මැද ඇති සංවේදී ලේයරයට ආධාරක සහ ආරක්ෂාව සපයයි. මධ්‍යස්ථ ලේයරය සංවේදී පෙරහන් ද්‍රව්‍යයකින් සමන්විත වන අතර එමගින් විශාල අංශු හා මයික්‍රොමීටර 0.5 ට වඩා අඩු කුඩා අංශුද පෙරීමට හැකියාව පවතී. එමෙන්ම, පිටවන ප්‍රශ්වාස වාතයේ ප්‍රතිඵලයක් ලෙස මුහුණට යාබදව ඇතිවන තෙතමනය වළක්වා ගැනීම සඳහා එහි අභ්‍යන්තර ලේයරය අවශෝෂක ගුණාංගවලින් සමන්විතව, මුඛ ආවරණය පැළඳ සිටින්නාට පහසුව සලසයි. එම අභ්‍යන්තර ලේයරය, පැළඳ සිටින්නා හට කැස්ස හෝ කිවිසුම් යාමේදී පිටවන බිඳිති අවශෝෂණය කර ගැනීමට සමත් ය.

Celcius හෙල්ත් මාස්ක් නිෂ්පාදනය සඳහා භාවිතා කරන සංඝටක තෝරාගනු ලබන්නේ වායුගෝලයේ බහුලව දක්නට ලැබෙන ක්ෂුද්‍ර ජීවීන් හා අනෙකුත් අංශුවලට එරෙහිව ඉහළම ආරක්ෂාවක් සැපයීමට මෙන්ම පැළඳ සිටින අය මගින් බිඳිති හෝ ඉසින පැතිරීම සීමා කිරීම සඳහා ය.

මෙම Celcius හෙල්ත් මාස්ක් දැන් Daraz.lk සහ Pickme වෙතින් ඇණවුම් කළ හැකිය. එමෙන්ම, Celcius Concept Stores,  ආර්පිකෝ සුපර් සෙන්ටර්ස්, කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල්, Health Guard සහ යුනියන් කෙමිස්ට් වෙතින් ද මිලදී ගත හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව