COVID වසංගතය අතරතුර හැටන් නැෂනල් බැංකුවේ Cash to Mobile හරහා සිදු කළ කාඞ්පත් රහිත ගනුදෙනුවල තියුණු වැඩි වීමක්

HNB-Cash-to-Mobile

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය කාඞ්පත් රහිත මුදල් ආපසු ගැනීමේ පහසුකම වන Cash to Mobile භාවිතය COVID-19 වසංගතයේ උච්චතම කාලවකවානුව අතරතුර 70%කින් වැඩි වී ඇති බව වාර්තා කර ඇත.

2020 ජනවාරි සිට මැයි දක්වා කාලය පුරාවට Cash to Mobile ගනුදෙනුවල සාමාන්‍ය වශයෙන් (මාසයෙන් මාසයට) 60%ක වැඩි වීමක් බැංකුව නිරීක්ෂණය කළේය. 2020 මාර්තු මාසයේදී, මෙම පහසුකම හේතුවෙන් පරිශීලකයින් අතර සිදු වූ ගනුදෙනු සංඛ්‍යාව 127%ක අද්විතීය වර්ධනයක් පෙන්නුම් කළ අතර එයට හේතු වූයේ දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ අත්‍යාවශ්‍යය ගනුදෙනු සම්පූර්ණ කිරීම පමණක් නොව ඔවුන්ගේ ආදරණීයයන් වෙත මුදල් යැවීම ද සිදු කර තිබීමයි. ඒ අනුව, බැංකුවේ කාඞ්පතක් හෝ ගිණුමක් නොමැතිව මෙම පහසුකම භාවිතයෙන් HNB ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් ඔවුන්ට මුදල් ලබා ගැනීමට හැකි විය.

’‘ඩිජිටල් මුදල් ගෙවීම්වල ක්ෂණික වැඩි වීමෙන් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් විකල්ප ගනුදෙනු ආකෘතීන් වැළඳ ගනිමින් මේ ආකාරයේ සේවා මගින් නිර්මාණාත්මක භාවිතයන් සොයා ගන්නා බවයි. විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය පිළිබඳ ක‍්‍රියාමාර්ග දැඩි ලෙස ක‍්‍රියාත්මක වන මොහොතක, කාඞ්පත් රහිත මුදල් ආපසු ගැනීම් වැනි සේවාවන් දෛනික ගනුදෙනු කටයුතුවලදී ජනප‍්‍රිය ක‍්‍රමයක් බවට පත් වෙමින් තිබුණා,’’ යනුවෙන් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

මීට, ඔවුන්ගේ ආහාර ද්‍රව්‍ය සඳහා සිදු කරන ගෙවීම්වල සිට උපකාරක පන්ති ගාස්තු ගෙවීම් දක්වා මුදල් අවශ්‍ය වන ආදරණීයයකුට උපකාර කිරීම ද දක්වා වූ සියලූ දේ ඇතුලත් විය. වසංගතයේ උච්චතම කාල වකවානුවේදී cash to mobile පහසුකම මගින් සිදුවන ගනුදෙනු ප‍්‍රමාණය වැඩි වී ඇති බව නිරීක්ෂණය කළ අපේ‍්‍රල් හා මැයි කාල පරිච්ෙඡ්දය සඳහා පාලන ගාස්තු HNB අය නොකරන ලදී.

‘‘පාරිභෝගිකයින්ට නම්‍යශීලී සහ පහසු විසඳුම් ලබා දීම සඳහා වන HNB හි ආක‍්‍රමණශීලී උත්සාහය සැලකිල්ලට ගෙන, මෙම පහසුකම් අපගේ ගනුදෙනුකරුවන්ගේ නැගී එන අවශ්‍යතා සපුරාලීම සඳහා ඉතාමත් සුදුසු වන නිසා පශ්චාත් වසංගත ලෝකය තුළ පුළුල් ලෙස ගනුදෙනු සිදු කිරීම සඳහා ඒවා යොදා ගන්නා ආකාරයෙහි මෙය තවත් එක් ආරම්භයක් පමණක් බව අප විශ්වාස කරනවා,’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙම පහසුකම මගින් බැංකුවේ ජංගම බැංකුකරණ වේදිකාව හරහා ජංගම දුරකථනයකට එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 40,000ක් දක්වා මුදල් යැවීමට HNB ගිණුම් හිමියන්ට අවස්ථාව සැලසේ. එවිට ලබන්නාට දිවයින පුරා පිහිටි 617 ක් වන  ඕනෑම HNB ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් මුදල් ලබා ගැනීමට කෙටි පණිවිඩයක් මගින් එවනු ලබන PIN අංකය භාවිතා කළ හැකිය.

Business Today සඟරාව විසින් ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් අතර අංක 1 ව්‍යාපාරික ආයතනය ලෙස HNB නම් කරන ලද අතර වසර ගණනාවක් පුරා හැටන් නැෂනල් බැංකුව සමස්ත බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙන්වු සාර්ථකත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඒෂියන් බෑන්කර් සඟරාව මගින් පිරි නැමූ ‘ශ‍්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව’ සම්මානය මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ‘CEO Leadership Achievement’ සම්මානය මගින් ද පිදුම් ලැබීම හැටන් නැෂනල් බැංකුවේ සාර්ථකත්වයට දිය හැකි හොඳම උදාහරණ වේ.

 

මීට අමතරව තවත් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති හැටන් නැෂනල් බැංකුව යුරෝමනී සඟරාව මගින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අඛණ්ඩව තුන්වන වරටත් නම් කරන ලදී. එමෙන්ම එක්සත් රාජධානියේ ප‍්‍රමුඛතම බැංකු සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද, ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර වානිජ්‍ය මණ්ඩලය (International Chamber of Commerce, Sri Lanka) හා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම අගය කරන ලද සමාගම් 10’ අතරට ද HNB නම් කරන ලදී. HNB හි විශිෂ්ටතවය ප‍්‍රකට කළ තවත් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ සියලූම බැංකු අභිබවා LMD සඟරාව මගින් Top 100 Club පළමු ස්ථානයට පත් වීම දැක්විය හැකිය. පසුගිය වසර 25 තුළ එකී සමාගමේ කාර්යසාධනය මත පදනම්ව මෙම ඇගයීම සිදු කෙරේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව