ව්‍යාපාර සඳහා Cloud තාක්ෂණය යොදා ගැනීම දිරිමත් කිරීමට VMware සහ SLT අත්වැල්බැඳ ගනී

SLT AND VMWARE

අනාගත ශ්‍රී  ලාංකීය  ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කිරීමේ අරමුණින්  මෘදුකාංග නවෝත්පාදනයේ   ප්‍රමුඛ  සමාගමක් වන VMware සමාගම  cloud adoption  ශක්තිමත් කිරීමේ අරමුණින් සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමග ගිවිසුම්ගත වී ඇත.  ව්‍යාපාරයන්  විසින් සිය කාර්යන් පවත්වාගෙන යෑමේදී  අපේක්ෂා කරනු ලබන නම්‍යශිලිත්වය, කඩිනම් බව සහ රැකියා කටයුතු විධිමත් කිරීම යන අංශවලට නව අර්ථකතනයක් ලබා දෙමින් SLT ආයතනය සහ  VMware මෙලෙස අත්වැල්බැඳ ගැනීමට හේතුව වේ.

මෙම නව ගිවිසුම් ගත වීමත් සමග VMware විසින් බලාත්මක කරනු ලබන Cloud Platform ඔස්සේ ව්‍යාපාරිකයින්ට සිය  ව්‍යාපාරික අවස්ථා සහ සේවා මාර්ග (විශාල, මධ්‍යම හා රාජ්‍ය ආයතන) පුළුල් කිරීමට හැකි වනු ඇති අතර  ශ්‍රී ලාංකීය ඩිජිටල් ආර්ථිකය විසින් අපේක්ෂා කරනු ලබන ප්‍රමුඛ සේවා රැසක් මෙමගින් ලබා ගැනීමට හැකි වනු ඇත. තවද VMware NSX මඟින් පරිගණක ජාල ගත කිරීම්, යටිතල පහසුකම් සේවා සහ අපදා කළමනාකරණ සේවා රැසක් හඳුන්වා දෙමින් ව්‍යපාර සඳහා වඩා සුරක්ෂිත පරිසරයක් මෙම සේවාව මඟින් සලසනු ඇත.

VMware මෘදුකාංග දත්ත මූලස්ථානය විසින් ප්‍රවර්ධනය කරන ලද Cloud පදනම් ඔස්සේ වඩා යෝග්‍ය සේවාවක් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකි වනු ඇත. නූතන ආර්ථික  පරිසරය තුළ මුහුණ දීමට සිදුවන අභියෝග රැසක් ආමන්ත්‍රණය  කරමින් මෙම cloud   පදනම් සේවා මගින් වඩා නම්‍යශීලි , පුළුල් , බහුවිධ ස්වයං සේවා සැපයීමක්  සිදු කරයි. එසේම ප්‍රථම වරට ශ්‍රී  ලංකාවේ පාරිභෝගිකයන්ට cloud  සේවා කළමනාකරණය කිරීමේ අවකාශය සලසා දීම මෙම සේවාවේ දක්නට ලැබෙන සුවිශේෂත්වයකී.

“Cloud තාක්ෂණය වඩා දියුණු පරිවර්තනයකට ලක් කිරීම උදෙසා Cloud සේවා අංශයේ ප්‍රමුඛ සමාගමක් වන VMware ආයතනය සමග අත්වැල් බැඳ  ගැනීමට ලැබීම SLT ආයතනය ගෞරවයක් සේ සලකනවා. Cloud සේවා අවශ්‍යතාවය  මෑත  භාගයේදී ඉහළ වර්ධනයක්  පෙන්නුම් කර තිබෙනවා. මෙම පසුබිම තුළ දේශීය සහ විදේශීය සමාගම් රැසක් මෙරට වෙළඳපොළට පිවිසීමට කටයුතු කරමින් සිටින අතර VMware සමග අප විසින් ඇති කර ගත් මෙම සහයෝගීතාවය වඩාත් පුළුල් කාර්යක්ෂම  සේවාවක් ලබා දීමට මග පාදනු ඇති බව අපගේ විශ්වාසය” බව ශ්‍රී ලංකා ටෙලෙකොම් හි ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසිහ.

VMware ආයතනයේ නැගීඑන වෙළඳපොල අංශයෙහී ශ්‍රී ලංකා කළමනාකරු ඩැනියෙල්.C මහතා සඳහන් කළේ “ශ්‍රී  ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ප්‍රථමික අවදියක පැවතිය ද බොහෝ ව්‍යාපාර  ආයතන ඩිජිටල් අනාගතයක් උදෙසා උනන්දුවක් දක්වන බවයි. ඩිජිටල් ශක්‍යතා සංවර්ධනය  කිරීම උදෙසා රජය සහ ව්‍යාපාරික ප්‍රජාව ගෙන ඇති ක්‍රියාමාර්ග  වඩාත් ප්‍රශංසනීය වන අතර Cloud  සේවාවලට අවතීර්ණ  වීම දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමක් පමණක් නොව එය ශ්‍රී  ලංකාව කලාපීය සහ ගෝලීය ඩිජිටල් ආර්ථිකයන් අතර ඉහල තලයට ඔසවා තැබීමට උපකාරී වනවා”.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව