
Primus Ultra, Primus Ultra Plus සහ Loop Ultra සමඟින් ශ්‍රී ලංකාවේ AIMA Gen E ලිතියම් විද්‍යුත් යතුරුපැදි පෙළ සම්පූර්ණ වේ.
ශ්‍රී ලංකාවේ AIMA සන්නාමයේ බලයලත් බෙදාහරින්නා වන ටෙලිසොනික් මොබිලිටි (පුද්ගලික) සමාගම (Telesonic Mobility (Pvt) Ltd), Colombo Motor Show 2026 මෝටර් රථ ප්‍රදර්ශනයේදී සිය නවතම AIMA Primus Ultra විද්‍යුත් ස්කූටරය එළිදැක්වීය. AIMA Lithium Ultra මාදිලි පෙළේ ප්‍රමුඛතම ස්කූටරය වන Primus Ultra සමඟින් ද්විත්ව බැටරි සහිත Primus Ultra Plus සහ සංයුක්ත නිමාවකින් යුත් Loop Ultra යන මාදිලි ද 2026 නොවැම්බර් 20 වැනිදා AIMA ප්‍රදර්ශන කුටියේදී එළිදක්වන ලදී.
මෙම වසර මුලදී හඳුන්වා දුන් Liberty Ultra මාදිලිය සමඟින්, “AIMA – The Bike for Gen E” යන සන්නාම සංකල්පය යටතේ ලිතියම් බැටරි තාක්ෂණයෙන් බලගැන්වුණු විද්‍යුත් යතුරුපැදි මාදිලි හතරක් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත පිරිනැමීමට AIMA සමත් වී තිබේ. Primus Ultra මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ “මේක තමයි BIKE එක!” යන සුවිශේෂී ප්‍රචාරණ තේමාව යටතේය.
එකම පරපුරක් – විවිධ ගමනාගමන අවශ්‍යතා
Gen E හෙවත් Generation Electric යනු නිශ්චිත වයස් කාණ්ඩයකට සීමා වූ පරපුරක් නොව, බුද්ධිමත්, ප්‍රායෝගික සහ පිරිමැසුම්දායී ගමනාගමන විසඳුමක් ලෙස විද්‍යුත් යතුරුපැදි තෝරා ගන්නා සියලු දෙනා නියෝජනය කරන නව චින්තනයකි. සිසුන්, තරුණ වෘත්තිකයන්, පවුල්, දෛනිකව රැකියාවට යන පුද්ගලයන්, භාණ්ඩ බෙදාහැරීමේ සේවාවල නිරතවන්නන් සහ කුඩා ව්‍යාපාරිකයන් දක්වා ඔවුන්ගේ ගමනාගමන අවශ්‍යතා විවිධ වේ.
AIMA නව මාදිලි පෙළ එම විවිධ අවශ්‍යතාවන්ට ගැළපෙන තේරීම් රැසක් පිරිනමයි. Loop Ultra නාගරික ගමනාගමනය සඳහා සංයුක්ත හා නවීන ලිතියම් විසඳුමක් සපයන අතර, Liberty Ultra දෛනික ගමන් වියදම් අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. Primus Ultra පවුල් සහ වෘත්තිකයන් සඳහා උසස් තාක්ෂණයෙන් යුත් ගමනාගමන අත්දැකීමක් ලබා දෙන අතර, Primus Ultra Plus දිනපතා වැඩි දුරක් ගමන් කරන පාරිභෝගිකයන්ගේ ගමන් දුර පිළිබඳ පවතින කනස්සල්ල අවම කරයි.
Primus Ultra – බුද්ධිමත් ගමනාගමනයේ නව මානයක්
රු. 544,900/- ක මිලකට හඳුන්වා දෙන Primus Ultra, විද්‍යුත් ගමනාගමනයේ පිරිමැසුම්දායී වාසිය සමඟ ආකර්ෂණීය පෙනුම, ඉහළ කාර්යසාධනය සහ නවීන තාක්ෂණය අපේක්ෂා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් නිර්මාණය කර තිබේ. දෛනිකව රැකියාවට යාම, දරුවන් පාසලට රැගෙන යාම, සාප්පු සවාරි සහ සති අන්තයේ විනෝද චාරිකා ඇතුළු සමස්ත පවුලේ ගමනාගමන අවශ්‍යතා සපුරාලීමට හැකි අයුරින් මෙම ස්කූටරය නිර්මාණය කර ඇත.
Primus Ultra මාදිලිය 76V 27Ah Lithium Iron Phosphate (LiFePO₄) බැටරියකින් බලගැන්වේ. ස්කූටරයට සම්බන්ධව තිබියදීම හෝ එයින් ඉවත් කර නිවසේදී හෝ සේවා ස්ථානයේදී බැටරිය ආරෝපණය කළ හැකිය.
10A වේගවත් ආරෝපණ උපාංගය මඟින් පැය තුනක පමණ කාලයකදී බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කළ හැකි අතර, වේගය අඩු කිරීමේදී සහ තිරිංග යෙදීමේදී ශක්තිය යළි බැටරිය වෙත ලබාදෙන Energy Recovery System තාක්ෂණයෙන් ද එය සමන්විතය.
IPX7 ප්‍රමිතියට අනුව ජලයට ඔරොත්තු දෙන මෙම බැටරිය, බහු පරිපථ ආරක්ෂණ සහිත බැටරි කළමනාකරණ පද්ධතියකින් (BMS) ආරක්ෂා කර ඇති අතර, ඒ සඳහා වසර හතරක හෝ කිලෝමීටර් 50,000ක වගකීමක් හිමි වේ.
ඉහළ කාර්යසාධනය, ආරක්ෂාව සහ නවීන තාක්ෂණය
28 Nm ව්‍යාවර්තයක් ජනනය කරන 1500W Hub Motor මෝටරයකින් සමන්විත Primus Ultra, පැයට කිලෝමීටර් 52ක උපරිම වේගයක් ලබා දෙයි. සම්මත පරීක්ෂණ තත්ත්ව යටතේ එක් පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර් 95–100ක දුරක් ගමන් කළ හැකිය.
සම්පූර්ණ බර පැටවූ අවස්ථාවකදී පවා අංශක 16ක් හෝ ඊට වැඩි ආනතියකින් යුත් බෑවුම් තරණය කිරීමේ හැකියාව එය සතුය. අඟල් 12ක ඇලුමිනියම් රෝද, ඉදිරිපස සහ පසුපස හයිඩ්‍රොලික් කම්පන අවශෝෂක පද්ධති සහ මිලිමීටර් 150ක භූමි නිෂ්කාශන උස (Ground Clearance) ශ්‍රී ලංකාවේ විවිධ මාර්ග තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට උපකාරී වේ.
ඉදිරිපස සහ පසුපස ඩිස්ක් තිරිංග, තෙත් මාර්ගවලදී රෝද ලිස්සා යාම පාලනය කරන Traction Control System (TCS), බෑවුම් සහිත මාර්ගවල පහළට ගමන් කිරීමේදී වේගය පාලනය කරන Hill Descent Control (HDC) සහ ස්කූටරය පසුපසට ගමන් කිරීම වළක්වන Hill Hold Control (HHC) වැනි තාක්ෂණික පහසුකම් රැසක් මඟින් ධාවකයාගේ ආරක්ෂාව වැඩි දියුණු කරයි.
පැති ආධාරකය (Side Stand) පහළට දමා ඇති විට මෝටරයට සැපයෙන බලය විසන්ධි කිරීමේ පහසුකම සහ එක් බොත්තමකින් ක්‍රියාත්මක කළ හැකි අනතුරු ඇඟවීමේ විදුලි පහන් (Hazard Lights) ද මෙහි අන්තර්ගතය.
Bluetooth ජංගම දුරකථන යෙදුම ඔස්සේ ඩිජිටල් යතුරක් භාවිත කළ හැකි අතර, එය පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ බෙදාගැනීමට ද හැකියාව ඇත. එමඟින් සාම්ප්‍රදායික යතුරු හුවමාරු කරගැනීමේ අවශ්‍යතාව ඉවත් වේ.
Cruise Control, එක් බොත්තමකින් පසුපසට ධාවනය කිරීමේ පහසුකම (One-touch Reverse), මෝටරයේ සහායෙන් ස්කූටරය තල්ලු කිරීමේ පහසුකම (Power-assisted Push) සහ ස්කූටරය නවතා ඇති ස්ථානය සොයාගැනීමේ පහසුකම (Vehicle Locator) දෛනික ගමනාගමනය මෙන්ම සීමිත ඉඩකඩක වාහනය නැවැත්වීම ද වඩාත් පහසු කරයි.
මුළු පවුලටම ගැළපෙන නිමාවක්
මිලිමීටර් 680ක දිගින් යුත් පුළුල් ආසනය මඟින් දෙදෙනකුට සුවපහසුව ගමන් කිරීමට අවකාශ සලසා ඇත. මිලිමීටර් 380 × 400ක පැතලි හා පුළුල් පාද රඳවන අවකාශය (Floorboard), පාද සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් මෙන්ම පාසල් බෑගයක් හෝ මිලදී ගත් භාණ්ඩ රැගෙන යාමට ද පහසුකම් සලසයි. කිලෝග්‍රෑම් 150ක් දක්වා බරක් රැගෙන යා හැකි Primus Ultra රතු, කළු සහ අළු යන වර්ණ තුනෙන් ලබාගත හැකිය.
Primus Ultra Plus – අඩු වාර ගණනක් ආරෝපණය කර වැඩි දුරක් ගමන් කරන්න
සිය දෛනික ආදායම් උපයාගැනීම සඳහා යතුරුපැදිය භාවිත කරන පාරිභෝගිකයන් වෙනුවෙන් Primus Ultra Plus මාදිලියට අමතරව ඉවත් කළ හැකි 76V 27Ah ලිතියම් බැටරියක් එක් කර තිබේ.
සම්මත පරීක්ෂණ තත්ත්ව යටතේ එක් පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර් 190–200ක දුරක් ගමන් කළ හැකි බැවින්, නැවත ආරෝපණය කිරීමකින් තොරව සම්පූර්ණ වැඩ දිනයක ගමනාගමන අවශ්‍යතා සපුරාගැනීමට එය උපකාරී වේ. 10A ආරෝපණ උපාංගය මඟින් බැටරි දෙකම පැය හයක පමණ කාලයකදී සම්පූර්ණයෙන් ආරෝපණය කළ හැකිය.
රු. 654,900/- ක මිලකට හඳුන්වා දෙන Primus Ultra Plus, Primus Ultra මාදිලියේ ආකර්ෂණීය නිමාව, මෝටරය, ආරක්ෂණ පද්ධති සහ නවීන තාක්ෂණික පහසුකම් සියල්ලෙන් සමන්විතය.
කුරියර් සේවා, ජංගම යෙදුම් පාදක කරගත් භාණ්ඩ හා ආහාර බෙදාහැරීමේ සේවා, ජංගම වෙළෙඳ ව්‍යාපාර, ක්ෂේත්‍ර නිලධාරීන්, වතු හා ග්‍රාමීය ප්‍රදේශවල සේවා සපයන්නන් සහ දෛනිකව දිගු දුරක් ගමන් කරන පුද්ගලයන් සඳහා මෙම මාදිලිය විශේෂයෙන් ගැළපේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, වාහන සමූහ භාවිත කරන ආයතන සහ අනෙකුත් ව්‍යාපාරික ආයතන වෙත ලීසිං පහසුකම් ද සමඟ මෙම මාදිලිය පිරිනැමීමට ටෙලිසොනික් මොබිලිටි සමාගම කටයුතු කරයි.
සඳහන් කර ඇති ගමන් දුර රසායනාගාර පරීක්ෂණ මත පදනම් වූ අගයන් වන අතර, මාර්ග පරීක්ෂණ මත පදනම් වූ අගයන් නොවේ. සැබෑ ගමන් දුර රැගෙන යන බර, වේගය, මාර්ග තත්ත්වය, උෂ්ණත්වය සහ ධාවන රටාව අනුව වෙනස් විය හැකිය.
Loop Ultra – ගමනේ Incharge
නාගරික තරුණ පරපුර, ප්‍රථම වරට යතුරුපැදියක් මිලදී ගන්නා පාරිභෝගිකයන් සහ දෙවැනි වාහනයක් අපේක්ෂා කරන පවුල් වෙත නවීන ලිතියම් තාක්ෂණයෙන් යුත් කෙටි දුර ගමනාගමන විසඳුමක් (Lithium Micromobility) ලෙස Loop Ultra හඳුන්වා දී තිබේ. රු. 345,900/- ක මිලකට ලබාගත හැකි මෙම ස්කූටරය කිලෝග්‍රෑම් 60.8ක සැහැල්ලු බරකින් සහ සංයුක්ත නිමාවකින් යුක්ත බැවින් නාගරික රථවාහන තදබදය මධ්‍යයේ වුවද පහසුවෙන් ධාවනය කළ හැකිය.
48V 24Ah Lithium (LMFP) බැටරියකින් බලගැන්වෙන Loop Ultra, බැටරියේ ඉතිරි ආරෝපණ මට්ටම 1%ක නිරවද්‍යතාවකින් පෙන්වන දර්ශකයකින් සමන්විතය. 83 Nm උපරිම ව්‍යාවර්තයක් ජනනය කරන 600W මෝටරය මඟින් පැයට කිලෝමීටර් 44ක උපරිම වේගයක් ලබා දෙන අතර, ධාවකයාගේ අවශ්‍යතාව අනුව තෝරාගත හැකි වේග මට්ටම් තුනකින් ද එය සමන්විතය.
අඟල් 12ක රෝද සහ මිලිමීටර් 165ක භූමි නිෂ්කාශන උස හේතුවෙන් මාර්ගයේ වේග පාලන උස් බාධක සහ අසමතලා මාර්ග මතින් පහසුවෙන් ගමන් කළ හැකිය.
Bluetooth තාක්ෂණය ඔස්සේ යතුරක් රහිතව ස්කූටරය අගුළු හැරීම, ඩිජිටල් යතුර බෙදාගැනීම, Cruise Control සහ ශක්තිය යළි බැටරිය වෙත ලබාදීමේ තාක්ෂණය ඇතුළු නවීන පහසුකම් රැසක් Loop Ultra සතුය.
රෝද ලිස්සා යාම පාලනය කිරීමේ Traction Control තාක්ෂණය, සොරකම් වැළැක්වීමේ අනතුරු ඇඟවීමේ පද්ධතිය සහ ස්කූටරය නැවැත්වීමෙන් තත්පර තුනකට පසු ඇක්සලරේටරය ස්වයංක්‍රීයව අගුළු වැටීමේ පහසුකම මඟින් අමතර ආරක්ෂාවක් සලසයි. ලිතියම් බැටරිය සඳහා වසර හතරක හෝ කිලෝමීටර් 50,000ක වගකීමක් හිමි වන අතර, ආසනය යට ලීටර් 8ක භාණ්ඩ ගබඩා කිරීමේ ඉඩකඩක් ද පවතී. Loop Ultra අළු, නිල්, රතු සහ කළු යන වර්ණ හතරෙන් ලබාගත හැකිය.
Gen E පරපුර වෙනුවෙන් සම්පූර්ණ විද්‍යුත් යතුරුපැදි පෙළක්
මෙම නව මාදිලි තුන සමඟින් රු. 477,900/- ක මිලකට ලබාගත හැකි AIMA Liberty Ultra මාදිලිය ද AIMA ලිතියම් යතුරුපැදි පෙළට ඇතුළත් වේ. 64V 30Ah LiFePO₄ බැටරියකින් බලගැන්වෙන Liberty Ultra, එක් පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගමන් කිරීමේ හැකියාවෙන් යුක්තය. සමාගමේ ගණනය කිරීම් අනුව කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා වැය වන විදුලි බල පිරිවැය රු. 0.48ක් පමණ වේ.
ලිතියම් මාදිලි පෙළට අමතරව, ග්‍රැෆීන් (Graphene) බැටරි තාක්ෂණයෙන් බලගැන්වෙන AIMA Maverick, Liberty, Breezy සහ Joy Bean මාදිලි ද සීමිත කාලයක් සඳහා සුවිශේෂී වට්ටම් සහිත මිල ගණන් යටතේ ලබාගත හැකිය.
දේශීය විශ්වාසයෙන් ශක්තිමත් වූ ලොව ප්රමුඛ සන්නාමයක්
විද්‍යුත් ද්විචක්ර රථ ක්ෂේත්රයේ වසර 27කට වැඩි පළපුරුද්දක් සහිත AIMA, ලොව පුරා විද්‍යුත් ද්විචක්ර රථ මිලියන 100කට අධික සමුච්චිත අලෙවියක් වාර්තා කර ඇති ප්රමුඛ ගෝලීය සන්නාමයකි. වසර 47කට අධික ව්‍යාපාරික පළපුරුද්දක් සහ පාරිභෝගික විශ්වාසයක් හිමි ටෙලිසොනික් සමූහයේ ශක්තිය සමඟින් ටෙලිසොනික් මොබිලිටි සමාගම ශ්‍රී ලංකාව තුළ AIMA සන්නාමය නියෝජනය කරයි.
දිවයින පුරා ව්‍යාප්ත අලෙවි, සේවා සහ අමතර කොටස් ජාලයක් ඔස්සේ AIMA පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවා පහසුකම් සැපයීමට ටෙලිසොනික් මොබිලිටි සමාගම කටයුතු කරයි. ගෝලීය තාක්ෂණික විශේෂඥතාව සහ දේශීය ව්‍යාපාරික පළපුරුද්දේ මෙම සුසංයෝගය තුළින් විද්‍යුත් යතුරුපැදියක් මිලදී ගැනීමේදී පමණක් නොව, එය භාවිත කරන වසර ගණනාව පුරාවටම පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීම සමාගමේ අරමුණයි.
Gen E පරපුරට එක්වීම දැන් වඩාත් පහසුයි
නොවැම්බර් 20 සිට 23 දක්වා පැවති Colombo Motor Show 2026 ප්‍රදර්ශනයේ අංක 25–31 සහ 66–68 දරන AIMA ප්‍රදර්ශන කුටිවලදී මෙම නව මාදිලි තුනම දැකබලා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා තිබිණි. එහිදී පරීක්ෂණ ධාවන වාර (Test Rides) වෙන්කරවා ගැනීමට, මූල්‍ය සේවා ආයතන වෙතින් ලීසිං පහසුකම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට සහ ප්‍රදර්ශනය වෙනුවෙන් පිරිනැමුණු විශේෂ වෙන්කරවා ගැනීමේ දීමනාවෙන් ප්‍රයෝජන ගැනීමට ද අවස්ථාව හිමි විය.
එමෙන්ම, ටෙලිසොනික් මොබිලිටි සමාගමේ Trade-in පහසුකම යටතේ පාරිභෝගිකයන්ට තමන් දැනට භාවිත කරන යතුරුපැදිය හුවමාරු කර නව AIMA විද්‍යුත් යතුරුපැදියක් මිලදී ගැනීමට ද හැකියාව ඇත.
කොළඹ 03 පිහිටි AIMA ප්‍රධාන ප්‍රදර්ශනාගාරය (Flagship Store) සහ දිවයින පුරා පිහිටි AIMA අලෙවි නියෝජිත ජාලය ඔස්සේ Primus Ultra, Primus Ultra Plus සහ Loop Ultra යන නවතම මාදිලිවල අත්දැකීම විඳගැනීමටත්, Gen E පරපුරට එක්වීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමටත් පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.
AIMA – The Bike for Gen E


