
කොළඹ, 2026 නොවැම්බර් 16: වියට්ජෙට් ගුවන් සමාගම, පසුගියදා පැවති World Business Outlook Awards 2026 සම්මාන උළෙලේ දී ජාත්‍යන්තර සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් වී තිබේ. එහිදී, “2026 වසරේ ගෝලීය මට්ටමේ හොඳම ආයෝජක සබඳතා පවත්වාගෙන යන ගුවන් සේවය” (Best Investor Relations Airline – Global 2026) සහ “2026 වසරේ ගෝලීය මට්ටමේ හොඳම ආයතනික මූල්‍ය උපායමාර්ග” (Best Corporate Finance Strategy – Global 2026) යන සම්මාන ද්විත්වය මෙම ගුවන් සමාගමට හිමි විය. කොළඹ සහ මාලදිවයින වෙත ක්‍රියාත්මක වන නව ගුවන් ගමන් සේවාව සමඟින් වියට්ජෙට් සිය දකුණු ආසියානු මෙහෙයුම් ව්‍යාප්ත කරන පසුබිමක, ආයෝජකයින් වෙත තොරතුරු සන්නිවේදනය වඩාත් විධිමත් කිරීම සහ දිගුකාලීන වර්ධනයට සහාය වන මූල්‍යකරණ උපායමාර්ග සකස් කිරීම සඳහා ගුවන් සේවය දරන උත්සාහයන් මෙම සම්මාන මගින් ඇගයීමට ලක් කර තිබේ.
දෙමුහුන් ගුවන් සේවා මෙහෙයුම් ආකෘතියේ කොටසක් ලෙස, වියට්ජෙට් සමාගම, ජාත්‍යන්තර මූල්‍ය හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරමින්, සිය ගුවන් යානා සමූහය පුළුල් කිරීමට, ගුවන් ගමන් ජාලය වර්ධනය කිරීමට සහ ඊට අනුබද්ධ ගුවන් සේවා ව්‍යාපාරවල ආයෝජනය කිරීමට විවිධ මූල්‍යකරණ ක්‍රමවේද භාවිත කරයි. එහි ආයෝජක සබඳතා අංශය විසින් ව්‍යාපාරික තොරතුරු යාවත්කාලීන කිරීම්, උපායමාර්ගික ප්‍රමුඛතා, මූල්‍ය ප්‍රකාශන, වාර්ෂික වාර්තා සහ ESG (පාරිසරික, සමාජීය හා පාලන) වාර්තා වියට්නාම සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම ගුවන් සේවයේ ආයෝජක සබඳතා වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලබයි.
වියට්ජෙට් හි අධ්යක්ෂ මණ්ඩල උප සභාපතිනි සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී (Group CFO) හෝ න්ගොක් යෙන් ෆුඕං මහත්මිය (Ho Ngoc Yen Phuong) ප්‍රකාශ කර සිටියේ, අපගේ ගුවන් යානා සමූහයට ආයෝජනය කිරීමට හෝ අපගේ ජාලය පුළුල් කිරීමට ගන්නා සෑම තීරණයක්ම දිගුකාලීන කැපවීමක් බවයි. එමෙන්ම, ප්රාග්ධනය රැස් කිරීමේ සහ එය වෙන් කිරීමේ ක්‍රියාවලිය සමූහයේ වර්ධන සැලසුම් සමඟ මනාව ගැළපෙන පරිදි පවත්වාගෙන යන බව පෙන්වා දුන් ඇය, සඳහන් කර සිටියේ ආයතනයේ ප්‍රමුඛතා සහ ඒවා සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන ආකාරය පිළිබඳව ආයෝජකයන් සමඟ අඛණ්ඩ සංවාදයක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි. තවද, ජාත්‍යන්තර මූල්‍ය හවුල්කරුවන් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් වියට්ජෙට් හි තරගකාරීත්වය ඉහළ නැංවීමටත්, එහි දෙමුහුන් ගුවන් සේවා ව්‍යාපාර ආකෘතිය යටතේ ජාත්‍යන්තර ගුවන් මාර්ග ඔස්සේ ගමන් කරන මගීන්ට ලබාදෙන සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
2026 වසරේ පළමු මාස නවය තුළ වියට්ජෙට් ඒකාබද්ධ ආදායම වියට්නාම ඩොං ට්‍රිලියන 74.385 ක් (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.88 ක්) ලෙස වාර්තා කර තිබේ. එය පෙර වසරට සාපේක්ෂව 41% ක වර්ධනයක් මෙන්ම එහි පූර්ණ වාර්ෂික ඉලක්කයෙන් 86% කට සමාන වේ. බදු ගෙවීමෙන් පසු වාර්තා වූ ඒකාබද්ධ ශුද්ධ ලාභය වියට්නාම ඩොං ට්‍රිලියන 1.721ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 66.7ක්) වන අතර, එය වාර්ෂික ලාභ ඉලක්කයෙන් 82%ක් සපුරා ගැනීමට සමත් වී තිබේ. ගුවන් සේවය ගුවන් ගමන් වාර 111,700ක් ක්‍රියාත්මක කරමින් මගීන් මිලියන 20.7කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කර තිබේ. එමෙන්ම ජාත්‍යන්තර ගුවන් මාර්ග 176ක් සහ දේශීය ගුවන් මාර්ග 47ක් ඇතුළුව ගුවන් මාර්ග 223ක් ඔස්සේ සිය මෙහෙයුම් පුළුල් කර ඇත.
වියට්ජෙට් දකුණු ආසියාව තුළ සිය පැවැත්ම ගොඩනඟමින් සිටින අවස්ථාවක මෙම ඇගයීම හිමිව තිබීම සුවිශේෂත්වයකි. කොළඹ සහ හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් සේවාව පසුගිය අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන අතර, නව කොළඹ–මාලදිවයින් ගුවන් ගමන් සේවාව 2026 දෙසැම්බර් 5 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. තවද, 2027 පෙබරවාරි මාසයේ දී කොළඹ සහ මාලදිවයින හැනෝයි නගරය සමඟ සම්බන්ධ කරමින් තවත් නව ගුවන් සේවාවක් හඳුන්වා දීමට වියට්ජෙට් සමාගම සැලසුම් කර ඇති අතර එමගින් ශ්‍රී ලාංකික සංචාරකයන්ට වියට්නාමය සහ ඉන් ඔබ්බට පිහිටි ගමනාන්ත රැසක් වෙත පහසුවෙන් ළඟා වීමේ අවස්ථාව සැලසේ.
ලොව පුරා ව්‍යාපාරික හා මූල්‍ය ක්ෂේත්රයන්හි විශිෂ්ටතා සහ නවෝත්පාදන ඇගයීමට ලක් කරමින් World Business Outlook සඟරාව විසින් වාර්ෂිකව World Business Outlook Awards සම්මානය පිරිනමනු ලබයි.


