අඛණ්ඩව 15 වැනි වසරටත් ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2026’ ප්‍රදර්ශනයේ ප්‍රධාන සහ නිල බැංකු සහකරු ලෙස සෙලාන් බැංකුව එක්වෙයි

Kedalla-MOU Final Image.jpg (LBN)

2026 නොවැම්බර් 12, කොළඹ: අඛණ්ඩව 15 වැනි වසරටත් ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2026’ ප්‍රදර්ශනයේ ප්‍රධාන සහ නිල බැංකු සහකරු ලෙස එක්වීමට සෙලාන් බැංකුව සතුටින් ඉදිරිපත් වී සිටී. මෙරට විශාලතම ජීවන රටා ප්‍රදර්ශනය ලෙස පිළිගැනෙන මෙම ප්‍රදර්ශනය නොවැම්බර් 13 සිට 15 දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. නිවසක් ඉදිකිරීමට, තමන්ගේ නිවස අලංකාර කිරීමට සහ නව පෙනුමක් ලබා දීමට අවශ්‍ය ගෘහ භාණ්ඩ හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගනිමින් නිෂ්පාදන හා සේවා පිළිබඳව දැනුවත් වීමට එමඟින් නරඹන්නන්ට අවස්ථාව සැලසේ.

‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන සිය පොරොන්දුවට අනුකූලව ප්‍රදර්ශනයට සහභාගී වන සෙලාන් බැංකුව එහි විශේෂ ප්‍රදර්ශන කුටියක් ස්ථාපිත කරමින්, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට කටයුතු කරයි. ඒ අතර නිවාස හා පුද්ගලික ණය පහසුකම්, සූර්ය බලශක්ති ණය පහසුකම්, ලීසිං පහසුකම්, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම හා ඉතුරුම් ගිණුම්, වත්කම් හා වගකීම් ආශ්‍රිත බැංකු සේවා සහ ඩිජිටල් බැංකුකරණ සේවා ඇතුළත් වේ.




සෙලාන් බැංකු ප්‍රදර්ශන කුටිය වෙත පැමිණෙන නරඹන්නන්ට නිවාස ණයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කරගැනීමට අවස්ථාව හිමි වේ. ණය අයදුම්පත සම්පූර්ණ කිරීමේ සිට ණය පහසුකම අවසන් වශයෙන් අනුමත කර ලබා දීම දක්වා සෑම අදියරකදීම පාරිභෝගිකයන්ට මඟපෙන්වීම සඳහා බැංකුවේ ‘Home Loan Specialists’ නිවාස ණය විශේෂඥයන් එහිදී සූදානමින් සිටිනු ඇත. ඒ සඳහා තරගකාරී පොලී අනුපාතයක් ද පිරිනැමේ. අවශ්‍ය ලේඛන භාර දුන් පසු, මෙම විශේෂඥයන් එක් එක් ණය අයදුම්පතේ ප්‍රගතිය පිළිබඳව පසු විපරම් කරමින් පාරිභෝගිකයන් දැනුවත් කරනු ඇත. ඒ හේතුවෙන් ණය අයදුම්පතේ ප්‍රගතිය විමසීම සඳහා පාරිභෝගිකයන්ට බැංකුව වෙත දුරකථන ඇමතුම් ලබා දීමේ අවශ්‍යතාවක් ඇති නොවේ. එමෙන්ම, කීර්තිමත් දේපළ සංවර්ධන සමාගම් ද බැංකුව සමඟ හවුල් වී ඇති අතර එමඟින් සෙලාන් නිවාස ණය පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ සහ සේවා රැසක් පිරිනැමේ.

ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ සෙලාන් බැංකු ප්‍රදර්ශන කුටිය වෙත පැමිණෙන නරඹන්නන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් භුක්ති විඳීමට හැකි වේ. ඒ අනුව දැනටමත් බැංකුවේ පාරිභෝගිකයන් වන අයට මෙන්ම නව පාරිභෝගිකයන් වීමට අපේක්ෂා කරන අයට ද නොමිලේ CRIB ණය වාර්තාවක් ලබාගත හැකිය. එමෙන්ම නොමිලේ නිවාස ණය ඇගයීමක් ලබාගැනීමටත්, සුදුසුකම් සපුරන වැටුප් ලබන පාරිභෝගිකයන්ට එම ස්ථානයේදීම ණය අනුමැතිය ලබාගැනීමටත් අවස්ථාව සැලසේ. සමස්ත ක්‍රියාවලිය පුරාම සෙලාන් නිවාස ණය විශේෂඥයන්ගේ සහාය හිමිවන අතර විශේෂ පොලී අනුපාතයක් මෙන්ම ණය සැකසුම් ගාස්තුව සඳහා විශේෂ වට්ටමක් ද හිමි වේ.

ප්‍රදර්ශනය සමඟ බැංකුව පවත්වාගෙන යන දිගුකාලීන සබඳතාව පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකු පීඑල්සී හි පාරිභෝගික බැංකුකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යුජින් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය. “නැවතත් කැදැල්ල ප්‍රදර්ශනය සමඟ එක්වීම, අපගේ හවුල්කාරිත්වය සහ එමඟින් නිවාස මිලදී ගන්නන්ට, ඉදිකිරීම්කරුවන්ට සහ නිවාස නවීකරණය කරන්නන්ට හිමිවන වටිනාකම මැනවින් පිළිබිඹු කරයි. ඔවුන් සියලු දෙනා එකම වහලක් යටට එක් කරන මෙම ප්‍රදර්ශනය, ඔවුන්ගේ අනාගත සැලසුම්වලට ගැළපෙන, සරල හා පහසු මෙන්ම සහනදායක මූල්‍ය විසඳුම් සමඟ ඔවුන් වෙත සමීප වීමට අපට වටිනා අවස්ථාවක් සලසා දෙයි.”

අඛණ්ඩව 20 වැනි වසරටත් ඒෂියා එක්සිබිෂන් ඇන්ඩ් කන්වෙන්ෂන්ස් පුද්ගලික සමාගම විසින් සංවිධානය කරනු ලබන ‘කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2026’ ප්‍රදර්ශනයේ වෙළෙඳ ප්‍රදර්ශන කුටි 200කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කෙරෙන අතර එහිදී විවිධාකාරයේ ජීවන රටාවට අදාළ නිෂ්පාදන සහ සේවා රැසක් ඉදිරිපත් කෙරේ. ගෘහ විදුලි උපකරණ, නිවාස අලංකරණ භාණ්ඩ, නිවාස සහ දේපළ වෙළෙඳාම්, භූමි අලංකරණය, ගෘහ භාණ්ඩ, ටයිල් සහ ග්‍රැනයිට්, නාන කාමර උපාංග, මුළුතැන්ගෙයි උපකරණ, විදුලි උපකරණ, තීන්ත වර්ග, බිත්ති අලංකරණ සැලසුම්, සිවිලිම් අලංකරණ, ආලෝකකරණ උපකරණ සහ ගෘහ තිර රෙදි ඇතුළු නිෂ්පාදන රැසක් එහිදී නරඹන්නන්ට දැක බලා ගැනීමට හැකි වේ. බැංකු සහ රක්ෂණ සමාගම් ද මෙම ප්‍රදර්ශනයට එක්වන බැවින් නිවාස හා ජීවන රටාවට අදාළ අදහස් සහ විකල්ප රැසක් එකම ස්ථානයකින් සොයා ගැනීමට අපේක්ෂා කරන ගෘහණියන් ඇතුළු නරඹන්නන්ට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.

ප්‍රදර්ශනයේදී සෙලාන් බැංකුව විසින් පිරිනමනු ලබන සේවා සහ පහසුකම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 011-200 88 88 යන දුරකථන අංකයෙන් බැංකුවේ ක්ෂණික ඇමතුම් සේවාව අමතන්න.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව