
කොළඹ, ශ්රී ලංකාව: වසර 70 කට අධික කාලයක් පුරා ශ්රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනූ මැලිබන් සමූහය, පසුගියදා පැවැති SLIM National Sales Awards 2026 (NASCO) සම්මාන උළෙලේදී සම්මාන 8 ක් හිමිකර ගැනීමට සමත් විය. සිය අලෙවි කණ්ඩායම්වල කැපවීම, කණ්ඩායම් හැඟීම සහ විශිෂ්ට කාර්ය සාධනය ඇගයීමට ලක් කරමින් හිමිවූ මෙම සම්මාන, මැලිබන් සන්නාමයේ සාර්ථක ගමනේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙම ජයග්රහණය මැලිබන් අලෙවි සමූහයේ ශක්තිය මෙන්ම වෙළඳපොළ තුළ විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට ඔවුන් දක්වන නිරන්තර උනන්දුව මනාව පිළිඹිඹු කරයි. ශ්රී ලංකාවේ අලෙවි වෘත්තිකයින්ගේ අගය කිරීම උදෙසා පැවැත්වෙන ප්රමුඛතම සම්මාන උළෙලකදී ලැබුණු මෙම ඇගයීම, මැලිබන් සන්නාමය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ එහි වර්ධනයට මැලිබන් කාර්ය මණ්ඩලය දක්වන සක්රීය දායකත්වය පෙන්නුම් කරයි.
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM National Sales Awards (NASCO) යනු, විශිෂ්ට අලෙවි වෘත්තිකයින් සහ කණ්ඩායම්වල දක්ෂතාවය, නායකත්වය, පාරිභෝගික සබඳතා සහ ආයතනික වර්ධනයට දක්වන දායකත්වය ඇගයීමට ලක්කෙරෙන ප්රධානතම ජාතික තලයේ වේදිකාවයි.
මැලිබන් ආයතනයට හිමිවූ මෙම සම්මාන 8, දිවයින පුරා සමූහයේ පැවැත්ම තවදුරටත් තහවුරු කිරීම උදෙසා සිය කැපවීම සහ ස්ථාවර කාර්යසාධනය නිරන්තරයෙන් ලබා දෙන එහි අලෙවි කණ්ඩායම්වල සාමූහික උත්සාහයයි. එමෙන්ම, මෙය මැලිබන් ආයතනය සිය මානව සම්පත සංවර්ධනය කිරීමටත්, සහයෝගීතාවය, සාමූහිකත්වය සහ නිරන්තර ප්රගතිය අගය කරන ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාමටත් ලබාදෙන ප්රමුඛත්වය මනාව පැහැදිලි කරයි.
දශක හතකට අධික කාලයක් පුරා පරම්පරා ගණනාවක ශ්රී ලාංකේය ජනතාව සමඟ එකට ගොඩනැගුණු මැලිබන්, මෙරට වඩාත්ම ආදරය දිනූ දේශීය සන්නාමයක් බවට පත්ව ඇත. ගුණාත්මකභාවය, විශ්වාසය සහ දේශීය පාරිභෝගිකයන් පිළිබඳ ගැඹුරු අවබෝධය මත ගොඩනැඟුණු මෙම සන්නාමයේ නොමැකෙන ස්ථාවර පැවැත්ම සඳහා, දිනපතා දිවයින පුරා පිහිටි නිවෙස් හා ප්රජාවන් වෙත මැලිබන් නිෂ්පාදන රැගෙන යන එම කණ්ඩායම්වලින් නිරන්තර සහාය හිමි වේ.
මෙම ජයග්රහණය මගින් සමූහයේ සාර්ථකත්වය ඉදිරියට ගෙන යාම සඳහා මැලිබන් කාර්ය මණ්ඩලය ඉටුකරන කාර්යභාරය තවදුරටත් තහවුරු වේ. පාරිභෝගිකයින් සහ වෙළඳ හවුල්කරුවන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනැගීමේ සිට සමස්ත වෙළඳපොළ පුරා සන්නාමය පහසුවෙන් ලබා ගැනීමට සැලසීම දක්වා, ආයතනයේ අභිලාෂයන් යථාර්ථයක් බවට පත්කිරීමට අලෙවි කණ්ඩායම් නිරන්තරයෙන් කැපවී ක්රියා කරයි.
SLIM National Sales Awards 2026 හිදී හිමිකරගත් මෙම සම්මාන, මැලිබන් සමූහයට සහ එහි සේවකයින්ට තවත් වැදගත් ජයග්රහණයක් වන අතරම, ශ්රී ලාංකේය පාරිභෝගිකයන්ගේ හදවත් තුළ නිරන්තරයෙන් විශේෂ ස්ථානයක් දිනා සිටින සන්නාමයක් පිටුපස සිටින ශක්තිමත් කණ්ඩායම්වල කුසලතාවයද මෙමගින් නැවතත් තහවුරු කරනු ලබයි.


