මාලදිවයින් වෙළඳපොළට පිවිසෙන සන්නාමයන්ට සහාය වීම සඳහා Mark and Comm සහ Ethera Business ආයතන උපායමාර්ගික ගිවිසුමකට එළඹෙයි

1- Thanzyl Thajudeen and Ranga Goonawardena (LBN)

උපායමාර්ගික සන්නිවේදනය සහ ජාත්‍යන්තර ව්‍යාපාරික උපදේශන විශේෂඥතාව ඒකාබද්ධ කරමින් සන්නාමවල වෙළඳපොළ ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරයි.

Mark and Comm (Pvt) Ltd සහ Ethera Business LLC ආයතන උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වන අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී. මෙම සහයෝගීතාවය හරහා Mark and Comm හි උපායමාර්ගික සන්නිවේදනය පිළිබඳ විශේෂඥ දැනුම සහ Ethera හි දේශසීමා අතර උපදේශන සේවාව මාලදිවයින් වෙළඳපොළ පිළිබඳ දැනුම සමඟ ඒකාබද්ධ කරමින් නව වෙළඳපොළට පිවිසෙන සමාගම් සඳහා වෙළඳපොළ ස්ථාවරත්වය, ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම සහ නිසි සන්නිවේදනයක් පවත්වා ගැනීම  උදෙසා අවශ්‍ය සහාය ලබා දෙනු ඇත.




Ethera Business LLC යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), ශ්‍රී ලංකාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ව්‍යාපාර උපදේශන සහ ආයෝජන පහසුකම් සපයන ආයතනයකි. එම ආයතනය නව වෙළඳපොළ වෙත ව්‍යාප්ත වීම, ආයතනික හා ආයෝජන ව්‍යුහයන් සැලසුම් කිරීම සහ දේශසීමා ඉක්මවා විහිදෙන ව්‍යාපාරික සබඳතා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සමාගම්, ආයෝජකයින් සහ ආයතන වෙත උපදේශන සේවා සපයයි.

Ethera Business හි නායකත්වය දරනු ලබන්නේ එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම මාලදිවයිනේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් රංග ගුණවර්ධන මහතා විසිනි. ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික සහ වාණිජමය අත්දැකීම්, කලාපයේ ආයතන, ව්‍යාපාරික පරිසරය සහ පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවන් පිළිබඳ ආයතනය සතු අවබෝධය තවදුරටත් ශක්තිමත් කරයි.

කොළඹ පිහිටි Mark and Comm ආයතනය මගින් උපායමාර්ගික සන්නිවේදන සැලසුම්කරණය, ප්‍රචාරණ ව්‍යාපාර සංවර්ධනය, පණිවිඩ සකස් කිරීම, නිර්මාණාත්මක මඟපෙන්වීම, අන්තර්ගත නිර්මාණය සහ මාධ්‍ය සබඳතා කළමනාකරණය කිරීම සිදු  කරනු ඇත.  Ethera ආයතනය දේශසීමා අතර උපදේශන සේවාව, වෙළඳපොළ පිළිබඳ අවබෝධය, ආයතන සහ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම මෙන්ම මාලදිවයින තුළ ඒවා ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇත. මෙම අවබෝධතා ගිවිසුම යටතේ මාලදිවයින තුළ මෙම ගිවිසුම යටතේ සිදුකරන කාර්යයන් සඳහා, ප්‍රසම්පාදන සහ නියාමන අවශ්‍යතා ඉටු කරමින්, Ethera Business LLC හෝ එහි මාලදිවයිනේ ප්‍රධාන අනුබද්ධ ආයතනය ප්‍රධාන ගිවිසුම්ගත පාර්ශ්වය ලෙස කටයුතු කරනු ඇත.

Mark and Comm (Pvt) Ltd ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා, මෙම සහයෝගීතාව ක්‍රියාවට නැංවීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔක්තෝබර් 10 වැනි දින කොළඹ දී රංග ගුණවර්ධන මහතා හමුවිය.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර දිගුකාලීන සාගරික වෙළඳ සබඳතා සහ සංචාරක සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව මත පදනම් වූ සමීප ද්විපාර්ශ්වික සබඳතාවක් ද පවතී.  ඒ අනුව සංචාරක හා ආගන්තුක සත්කාර සේවා, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සංරක්ෂණය, අධ්‍යාපනය සහ තිරසාරභාවය යන ක්ෂේත්‍ර දෙරට අතර වාණිජ සහයෝගීතාව වර්ධනය කරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස හඳුනාගත හැක. නව වෙළඳපොළකට සාර්ථකව පිවිසීමට නම්, අදාළ ක්ෂේත්‍රයේ අවශ්‍යතා, ඊට අදාළ අනුමැතීන් සහ ප්‍රසම්පාදන කොන්දේසි පිළිබඳව පූර්ව හා සුපරික්ෂාකාරී ලෙස ඇගයීමක් සිදුකළ යුතු අතර එය පැහැදිලි සන්නිවේදනය සහ දැනුවත් පාර්ශවකාර සබඳතා මගින් සංවිධානවලට සිය නිෂ්පාදන හෝ සේවාවන් වෙළඳපොළට පැහැදිලි කිරීමට සහ විශ්වාසය ගොඩනඟා ගැනීමට උපකාරී වේ.

Mark and Comm ආයතනය තොරතුරු තාක්ෂණය, ගුවන් සේවා, මූල්‍ය සේවා, ආගන්තුක සත්කාර, FMCG (වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ), කාර්මික, කෘෂිකාර්මික, සංවර්ධන, සෞඛ්‍ය සහ තිරසාරභාවය ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතු කරයි. GlobalCom PR Network හි සාමාජිකයෙකු සහ PRCA APAC හි ආයතනික සාමාජිකයෙකු වන මෙම ආයතනය, Campaign Asia-Pacific Agency of the Year Awards 2025 හිදී ‘Rest of South Asia PR Agency of the Year’ කාණ්ඩයේ රිදී සම්මානයකින් ද පිදුම් ලබා ඇත.

Mark and Comm ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා ප්‍රකාශ කර සිටියේ මාලදිවයින් වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන සන්නාමයන්ට වෙළඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහිත උපාය මාර්ගයක් සහ එහි ව්‍යාපාරික පරිසරය තේරුම් ගත් සහකරුවන් අවශ්‍ය වන බවයි. Ethera ආයතනය දේශසීමා ඉක්මවා විහිදෙන උපදේශන විශේෂඥතාව සහ මාලදිවයින් වෙළඳපොළ පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙන බව පෙන්වා දුන් ඔහු අප ඒ සමඟ උපායමාර්ගික සන්නිවේදනය, ප්‍රචාරණ ව්‍යාපාර සංවර්ධනය සහ මාධ්‍ය සබඳතා පිළිබඳ විශේෂඥතාව එක් කරන බවත් මේ හරහා පාරිභෝගිකයින්ට වෙළඳපොළ තුළ පවතින අවස්ථා ඇගයීමට, ශක්තිමත් වෙළඳපොළ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට අපට සහාය විය හැකි  බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Ethera Business හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රංග ගුණවර්ධන මහතා පැවසුවේ ව්‍යාපාර දේශසීමා අභිබවා ව්‍යාප්ත වන විට සහ නව වෙළඳපොළවල් තුළ ශක්තිමත් පදනමක් ගොඩනගා ගන්නා විට ඔවුන්ට මගපෙන්වීම සඳහා Ethera ආරම්භ කළ බවයි. මෙම සහයෝගීතාවය මගින් අපගේ වෙළඳපොළ ප්‍රවේශ උපදේශන සහ කලාපීය අත්දැකීම් Mark and Comm හි උපායමාර්ගික සන්නිවේදනය පිළිබඳ විශේෂඥ දැනුම සමඟ එකතු කරන අතර, සෑම කාර්යයකටම සකස් කරන ලද සමගාමී සහයෝගයක් සේවාදායකයින්ට ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටී.

මාලදිවයින තුළ පවතින වාණිජ අවස්ථා පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් විමසීම් කිරීමට උනන්දුවක් දක්වන සමාගම්වලට  reach@markandcomm.com හෝ info@etherabusiness.com යන විද්‍යුත් තැපෑල ඔස්සේ මෙම ආයතන දෙක සම්බන්ධ කර ගත හැකිය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව