SLT‑MOBITEL Nebula Institute of Technology වෙතින් ‘EDEX Mid‑Year Expo 2026’ හිදී රැකියා ඉලක්ක කරගත් උසස් අධ්‍යාපන අවස්ථා රැසක්

Capture

SLT‑MOBITEL හි අධ්‍යාපනික අංශය වන SLT‑MOBITEL Nebula Institute of Technology, පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී පැවති EDEX Mid‑Year Expo 2026 ප්‍රදර්ශනයට සහභාගී විය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම උසස් අධ්‍යාපන ප්‍රදර්ශන අතරින් එකක් ලෙස සැලකෙන EDEX ප්‍රදර්ශනය, ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන හා රැකියා අවස්ථා සොයන සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ය.

‘අධ්‍යාපනයේ අනාගතය හඳුනාගන්න’ (Discover the Future of Education) යන්න මෙවර ප්‍රදර්ශනයේ Nebula Institute හි ප්‍රධාන තේමාව වූ අතර, ආයතනයේ පාඨමාලා හැදෑරීම තුළින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් ලබාගැනීමටත්, ඵලදායී රැකියා අවස්ථා උදා කරගැනීමටත්, ඩිජිටල් තාක්ෂණයේ නව ප්‍රවණතා ග්‍රහණය කරගැනීමටත් හැකි වන ආකාරය පෙන්වා දීම එහි අරමුණ විය.




ප්‍රදර්ශනයේදී අධ්‍යාපන විශේෂඥයන් සමඟ සාකච්ඡා කරමින් තම ඉලක්ක හා අරමුණුවලට ගැළපෙන අධ්‍යාපන අවස්ථා හඳුනාගැනීමට සිසුන්ට සහ දෙමාපියන්ට අවස්ථාව උදාකර දෙන ලද අතර, Nebula Institute හි ඉගෙනුම ලබන සිසුන්ට ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් මෙන්ම SLT‑MOBITEL වෙතින් ප්‍රායෝගික පුහුණුව ලැබීමටද අවස්ථාව හිමි වන බවද මෙහිදී පෙන්වා දෙන ලදි.

ප්‍රදර්ශන භූමියේ පිහිටා තිබූ තම කුටියට පැමිණි සිසුන්ටත් දෙමාපියන්ටත්, ආයතනය තුළදී හැදෑරිය හැකි පාඨමාලා, එහි අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ඒවා හැදෑරීම තුළින් ලබාගත හැකි දේශීය හා ජාත්‍යන්තර රැකියා අවස්ථාව පිළිවඳව පූර්ණ මඟපෙන්වීමක් ලබාදීමට Nebula Institute හි නියෝජිතයෝ කටයුතු කළහ.

Nebula Institute හිදී සිසුන්ට එක්සත් රාජධානියේ University of Hertfordshire සමඟ සෘජුව සම්බන්ධ ගෞරව උපාධි වැඩසටහන් ඇතුළු ජාත්‍යන්තර තලයේ පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ. BEng (Hons) in Electrical & Electronic Engineering, BEng (Hons) in Robotic & Artificial Intelligence සහ BSc (Hons) in Data Science යන පාඨමාලා ඇතුළුව Nebula Institute හිදී හැදෑරිය හැකි උපාධි පාඨමාලා රැසක් සම්බන්ධයෙන් EDEX Mid‑Year Expo හිදී නරඹන්නන් දැනුවත් කරන ලදි.

මීට අමතරව, London South Bank University වෙතින් පිරිනමනු ලබන BSc (Hons) in Computer Science (Artificial Intelligence), BSc (Hons) in Computer Science (Cyber Security) සහ BSc (Hons) in Electrical & Electronic Engineering ඇතුළු අවසන් වසර උපාධි පාඨමාලාද (Top-up degrees) Nebula Institute හිදී හැදෑරිය හැක.

තවද Nebula Institute මඟින් පිරිනමනු ලබන Pearson සුදුසුකම් අතරට BTEC Level 5 HND in Electrical and Electronic Engineering, BTEC Level 5 HND in Digital Technologies, BTEC Level 5 HND in Computing සහ BTEC International Level 3 Foundation Diploma in Engineering යන සුදුසුකම් ඇතුළත් වේ. මීට අමතරව Certificate in Applied Information Technology, NVQ Level 4 Telecommunication Technician, Optical Fiber Courses, Network Security Courses සහ CompTIA Security + (SYO – 601) යන පාඨමාලාද Nebula Institute හිදී හැදෑරිය හැක.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් හිමිකර ගැනීමට අවස්ථාව උදාකර දීම SLT‑MOBITEL Nebula Institute හි ප්‍රධානතම අරමුණයි. එබැවින් නිසි සුදුසුකම් සපුරාලන සිසුන්ට උසස් අධ්‍යාපනයේ පිරිවැය අවම කිරීම සඳහා, අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 30% ක් දක්වා ශිෂ්‍යත්ව පිරිනැමීමටද ආයතනය පියවර ගෙන ඇත. තවද, වෘත්තීය දියුණුව සහ ජාත්‍යන්තර අත්දැකීම් සඳහා සිසුන්ට විදේශගත වීමට අවස්ථාව උදාකර දීමටද Nebula Institute කටයුතු කරයි. එමඟින් නැගී එන රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතාවන්ට ගැළපෙන අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරීන් නිර්මාණය කිරීම පහසු වේ.

Nebula Institute හි සියලුම අධ්‍යයන වැඩසටහන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී ඇත. දිවයින පුරා සිසුන්ට වඩාත් පහසුවෙන් පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීම සඳහා වැලිසර, මහනුවර සහ මොරටුව යන ප්‍රදේශවල පිහිටි Nebula Institute ශාඛාවලදී පාඨමාලා පවත්වනු ලැබේ.

SLT‑MOBITEL Nebula Institute of Technology හි පාඨමාලා සහ ලියාපදිංචිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.nebula.edu.lk වෙබ් අඩවියට පිවිසෙන්න. info@nebula.edu.lk ඊමේල් ලිපිනයෙන් සහ 0112162162 / 0112645371 / 0812388500 යන දුරකථන අංක වෙතින්ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව