HUTCH සමාගම, SLIM DIGIS 2.6 හිදී ඇගයීමට ලක්වූ එකම ටෙලිකොම් සමාගම ලෙස සම්මාන 05කින් පිදුම් ලබයි

IMG_4496.JPG (LBN)

 HUTCH ශ්‍රී ලංකා සමාගම, පසුගියදා පැවති SLIM Digis 2.6 ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වඩාත්ම ඇගයීමට ලක්වූ සන්නාමයක් බවට පත්වෙමින් සම්මාන 05ක් හිමිකර ගැනීමට සමත් වී තිබේ. මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ මෙරට ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ සිය නායකත්වය තවදුරටත් තහවුරු කිරීමට HUTCH සමාගමට හැකි විය. මෙම ජයග්‍රහණයේ සුවිශේෂත්වය වන්නේ, SLIM DIGIS 2.6 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් වූ එකම විදුලි සංදේශ ක්‍රියාකරු ලෙස HUTCH සම්මාන 05කින් පිදුම් ලැබීමයි.



ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් සංවිධානය කරනු ලබන SLIM DIGIS සම්මාන උළෙල යනු, මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ප්‍රමුඛතම සන්නාමයන්හි කැපී පෙනෙන ජයග්‍රහණ අගයමින් පිරිනමනු ලබන ඉහළම ඇගයීම් වේදිකාවයි. ඩිජිටල්කරණය, නිර්මාණශීලීත්වය සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීම මුල් කරගනිමින් පාරිභෝගික ආකර්ෂණය ඉහළ නංවන ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපෘති දියත් කිරීමට HUTCH සතු විශිෂ්ට හැකියාව මෙම ජයග්‍රහණය තුළින් මැනවින් තහවුරු වේ.

2025 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ ව්‍යසනකාරී සුළි කුණාටු තත්ත්වයේ දී, ශ්‍රී ලාංකිකයන් හට අඛන්ඩ සන්නිවේදන සබඳතා පැවැත්වීම සහ තොරතුරු දැනුවත් කිරීම වෙනුවෙන් HUTCH දියත් කළ ‘Keeping Sri Lanka Connected Through Ditwah’ ප්‍රචාරණ ව්‍යාපෘතිය මෙහිදී විශේෂ ඇගයීමකට ලක්විය. එහිදී, කඩිනම් හා කාලෝචිත සන්නිවේදන වැඩපිළිවෙළ වෙනුවෙන් ‘Best Use of Agile and Moment Marketing’ සඳහා රන් සම්මානයක් ද, ‘Best Use of Digital in a Marketing Campaign’ සඳහා රිදී සම්මානයක් සහ ‘Best Performance Marketing’ සඳහා ලෝකඩ සම්මානයක් ද HUTCH සමාගම විසින් හිමි කරගන්නා ලදී.

එමෙන්ම HUTCH Roaming සඳහා ‘Best Use of Digital in a Marketing Campaign’ සහ ‘Best Use of Creative Content’ යන ක්ෂේත්‍රයන් යටතේ තවත් ලෝකඩ සම්මාන 02ක් ද  හිමි කර ගත් අතර කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ  නිර්මාණශීලී ප්‍රවේශය ඔස්සේ එකිනෙකට වෙනස් අවශ්‍යතා සහ ආකල්ප සහිත පාරිභෝගික කාණ්ඩ හඳුනාගෙන, එක් එක් ප්‍රචාරණ ව්‍යාපාරයන් යටතේ විවිධ පාරිභෝගික කණ්ඩායම් සඳහා ගැළපෙන අයුරින් අන්තර්ගතයන් නිර්මාණය කිරීමට HUTCH සමත් විය.

HUTCH ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා ප්‍රකාශ කළේ “අපගේ පාරිභෝගිකයින්ට වඩාත්ම වැදගත් වන අවස්ථාවන් නිසි ලෙස හඳුනාගනිමින්, කඩිනම් බව, කාලෝචිත බව සහ නිර්මාණශීලීත්වය එක් කරමින් HUTCH වර්තමානයේ අලෙවිකරණ ක්ෂේත්‍රයට පිවිසෙන ආකාරය මෙම ජයග්‍රහණය තුළින් මැනවින් පිළිඹිඹු වන බවයි.” තවද  SLIM DIGIS 2.6 හිදී ඇගයීමට ලක්වූ එකම ටෙලිකොම් සමාගම බවට පත්වෙමින් සම්මාන 05ක් දිනාගැනීමට හැකිවීම, කඩිනම් බව සහ අර්ථවත් සන්නිවේදනය සාර්ථකව එකට ගොඩනැගිය හැකි බවට කදිම සාක්ෂියක් බව පෙන්වා දුන් ඔහු අවධාරණය කළේ “අපගේ උපායමාර්ගික හවුල්කරුවන්ගේ සහයෝගය, නිපුණත්වය සහ කැපවීම නොමැතිව මෙවැනි විශිෂ්ට ව්‍යාපාර සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි”. එබැවින්, මෙම ඇගයීම ඔවුන්ගේ ද සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව