AI වලින් කරන ලද නිර්මාණ අන්තර්ගතයන් හඳුනාගැනීමට TikTok විනිවිදභාවය සහ ආරක්ෂණ ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් කරයි

TikTok Logo

AI මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් නිවැරදිව හඳුනා ගැනීමට, වටහා ගැනීමට සහ ඒවා වගකීම් සහගතව භාවිත කිරීමට පරිශීලකයන්ට උපකාර කිරීම සඳහා ඔසනඔදන සමාගම පසුගියදා නව පියවර මාලාවක් ප්‍රකාශයට පත් කළේය. මෙයට පුළුල් කරන ලද AI සාක්ෂරතා සම්පත්, AI තාක්ෂණයෙන් නිපදවන ව්‍යාජ තොරතුරු හඳුනාගැනීමේ නවීන පද්ධති සහ ඩිජිටල් අන්තර්ගතයන්හි සත්‍යාපනය පිළිබඳ සන්ධානය (C2PA) සමඟ ඇති හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුළත් වේ.




මෙම යාවත්කාලීන කිරීම් සිදු කරනු ලබන්නේ, තම වේදිකාව පුරා කෘත්‍රිම බුද්ධිය වගකීම් සහගතව සහ විනිවිදභාවයකින් යුතුව භාවිත කිරීම සහතික කිරීම සඳහා TikTok සමාගම සිදුකරන අඛණ්ඩ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් වශයෙනි. එමෙන්ම, සැබෑ නිර්මාණකරුවන් ආරක්ෂා කිරීම සහ AI මගින් සාදන ලද අන්තර්ගතයන් පිළිබඳව ජනතාවට වඩා හොඳ අවබෝධයක් සහ පාලනයක් ලබා දීමද මෙහි අරමුණයි.

මෙම නවතම පියවරයන්හි කොටසක් ලෙස,  TikTok නව අධ්‍යාපනික සම්පත්, ඇප් එක තුළම ක්‍රියාත්මක වන ඉගෙනුම් මධ්‍යස්ථානයක් සහ ජනතාවට Ai වගකීම් සහගතව අවබෝධ කර ගැනීමට උපකාර කරන විශේෂඥ සංවිධාන සඳහා ආයෝජනය කිරීම හරහා තම Ai සාක්ෂරතා වැඩසටහන් පුළුල් කරමින් සිටියි. එමෙන්ම, මහජන විශ්වාසයට හෝ යහපැවැත්මට බලපෑම් කළ හැකි මාතෘකා මුල් කරගනිමින්, Ai මගින් සාදන ලද ව්‍යාජ තොරතුරු නිරන්තරයෙන් පළ කරන ගිණුම් හඳුනාගැනීම සඳහා විශේෂිත නවීන සෙවුම් පද්ධතිද පරීක්ෂාවට ලක් කිරීමද මේ තුලින් සිදු වේ. ඒ සමඟම, C2PA වෙත නිල වශයෙන් බැඳීමෙන් සහ සමස්ත ක්ෂේත්‍රය පුරාම Content Credentials බහුලව භාවිත කිරීමට සහය දීමෙන් TikTok සමාගම තම Ai විනිවිදභාවය පිළිබඳ කටයුතු තවදුරටත් ශක්තිමත් කරයි.

ක්ෂේත්‍රයේ හවුල්කරුවන් වන NAMLE සංවිධානය සහ Ai පිළිබඳ විශේෂඥයෙකු වන Henry Ajder සමඟ එක්ව, ජනතාවට Ai මෙවලම් වගකීම් සහගතව භාවිත කිරීමට උපකාර වන නව මාර්ගෝපදේශයක් TikTok විසින් සකස් කර ඇත. TikTok හි නව, ඇප් එක තුළම පවතින Ai මධ්‍යස්ථානය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකය පුරාම භාවිත කළ හැකි පරිදි නිකුත් කර ඇති අතර, එමගින් ප්‍රායෝගික Ai අධ්‍යාපනය සහ සම්පත් සෘජුවම ඇප් එක හරහා පහසුවෙන් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සැලසේ.

NoFiltr සහ Raspberry Pi පදනම ඇතුළු සහභාගී වූ සංවිධාන විසින්, ජනතාවට Ai වඩාත් හොඳින් අවබෝධ කර දීම සහ එය වගකීම් සහගතව භාවිත කිරීමට දිරිගැන්වීම වෙනුවෙන් නිර්මාණය කළ වීඩියෝ සඳහා මිලියන 200කට වඩා වැඩි නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කරගෙන ඇත.

TikTok සමාගම මේ දක්වා මෙම වැඩසටහන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4කට වඩා වැඩි මුදලක් කැප කර ඇති අතර, එහි ව්‍යාප්තිය සහ බලපෑම තවදුරටත් පුළුල් කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත.

මෙම සමාජ මාධ්‍ය වේදිකාව දිගු කලක සිටම ව්‍යාජ තොරතුරු සහ spam තහනම් කර ඇති අතර, මහා පරිමාණයෙන් ව්‍යාජ ගිණුම්  හඳුනාගෙන ඉවත් කිරීමට නවීන තාක්ෂණය භාවිත කරයි. මෙම වසරේ (2026) මුල් මාස තුන තුළ පමණක් ව්‍යාජ ගිණුම් මිලියන 86කට වඩා වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත. එමෙන්ම, Content Credentials, නිර්මාණකරුවන්ගේ ලේබල් කිරීමේ මෙවලම් සහ invisible watermarking technology යන ක්‍රමවේදයන් ත්‍රිත්වයම භාවිත කරමින්, TikTok විසින් මේ වන විට වීඩියෝ බිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයක් Ai මගින් සාදන ලද අන්තර්ගතයන් ලෙස සාර්ථකව ලේබල් කර ඇත.

මෙම නව පියවරයන්, කෘත්‍රිම බුද්ධිය ධනාත්මක ලෙස භාවිත කිරීමට දිරිගන්වන අතරම, පරිශීලකයන්ට ආරක්ෂාව සහ වැඩි පාලන බලයක් ලබා දීම සඳහා TikTok සමාගම ගෙන යන පුළුල් වැඩපිළිවෙළෙහි කොටසකි.

TikTok සමාගම තම පරිශීලකයන් වෙනුවෙන් Smart Splitz සහ Ai Outlinez වැනි තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන නව නිර්මාණාත්මක මෙවලම් අඛණ්ඩව සංවර්ධනය කරමින් සිටියි. ඒ අතරම, පරිශීලකයන්ට තමන් දකින Ai වීඩියෝ ප්‍රමාණය කොතරම්ද යන්න තමන්ටම තීරණය කිරීමට ඉඩ සලසන Manage Topics වැනි නව විශේෂාංගද ඔවුන් මේ දිනවල පරීක්ෂාවට ලක් කරමින් සිටියි.

TikTok හි Ai විනිවිදභාවය පිළිබඳ ප්‍රයත්නයන් ගැන වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා, TikTok newsroom වෙබ් අඩවිය වෙත මෙතනින් පිවිසිය හැක.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව