විදෙස් ආයෝජන මෙරටට ගෙන ඒමට Prime ඉටුකරන මෙහෙවරට ඕස්ට්‍රේලියාවෙන් ඇගයීමක්!

Capture

Prime සමූහය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමට දැක්වූ සුවිශාල දායකත්වය වෙනුවෙන්, Australia Sri Lanka Business Council (ASLBC) විසින් සංවිධානය කරන ලද ‘Honor Roll & Business Awards 2026’ හිදී විශේෂ ඇගයීමකට ලක් විය. දශක තුනක් තිස්සේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා Prime සමූහය දැවැන්ත මෙහෙවරක් ඉටු කරමින් සිටී.

මෙම සම්මාන උළෙල ගරු නගරාධිපති (The Right Honourable Lord Mayor) නිකලස් රීස්, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් (High Commissioner for Sri Lanka in Australia) යසෝජා ගුණසේකර සහ ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිනි (President of the Australia Sri Lanka Business Council) දිල්කි පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් 2026 ඔක්තෝබර් 05 දින මෙල්බන් නුවර Pullman Melbourne on the Park හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව දේපළ ආයෝජන සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට මෙරට දේපළ ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා හඳුන්වා දීමට Prime දරන උත්සාහය මෙම සම්මානය මඟින් ඇගයීමට ලක් විය.




ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස Prime සමූහය නවෝත්පාදන ඔස්සේ ක්ෂේත්‍රයේ උන්නතියට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙමින් සිටී. එම මෙහෙවර වෙනුවෙන් Prime සමූහය මේ දක්වා දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත දේපළ සමාගම් අතරින් එකක් වන Prime, පරම්පරා ගණනාවක ආයෝජකයන්ට දීර්ඝකාලීන ප්‍රතිලාභ හිමි වන ආයෝජන අවස්ථා උදාකර දෙමින් ඔවුන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට සමත් වී ඇත.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් Prime සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා මෙසේ පැවසීය:

“පසුගිය වසර කිහිපය තුළ Prime සමූහය ප්‍රධාන වශයෙන්ම උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ දේපළ ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාමටයි. ශ්‍රී ලංකාවට දේපළ ‘අපනයනය’ කළ හැකි බව අප දිගින් දිගටම ප්‍රකාශ කළා. අද වන විට ඒ ප්‍රකාශය යථාර්ථයක් බවට පත්වෙමින් තිබීම සතුටට කරුණක්. ජාත්‍යන්තර ආයෝජකයන් වෙත අපගේ දේපළ අලෙවි කිරීම හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දීමට අප ගන්නා උත්සාහය සාර්ථක වෙමින් තිබෙනවා. මෙය ඕස්ට්‍රේලියාවට පමණක් සීමා වී නැහැ. එක්සත් රාජධානිය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, GCC කලාපය සහ ලොව පුරා තවත් වෙළෙඳපොළවල් රැසක ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට අපට හැකි වුණා. එමෙන්ම කොළඹ වරාය නගරයේ පිහිටි Prime Marina 1 සහ Prime Marina 2 ව්‍යාපෘති මෙම ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ගෝලීය තලය තුළ තරග කිරීමට ශ්‍රී ලංකාවේ දේපළ ක්ෂේත්‍රයට හැකි බව මෙමඟින් තවදුරටත් තහවුරු වුණා. ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගන්නා දේපළ ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට හැකි වීම මෙන්ම, ඒ ඔස්සේ රටේ ආර්ථික වර්ධනයට දායක වීමට හැකි වීම අපට මහත් සතුටක්.”

මෑතකදී Prime සමූහය සිය සන්නාම තානාපතිවරුන් වන භාතිය හා සන්තුෂ් (BnS) සමඟින් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සුවිශේෂී සංචාරයක නිරත විය. මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බන්, පර්ත්, ක්‍රයිස්ට්චර්ච් සහ ඕක්ලන්ඩ් වැනි නගර රැසක වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ විදෙස් ආයෝජකයන් සම්බන්ධ කරගනිමින් සිදු කළ එම සංචාර මාලාව, ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය ලෝකයට රැගෙන යාම සම්බන්ධයෙන් ඔවුන් දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කළේය. හුදු විනෝදාස්වාදයෙන් ඔබ්බට ගිය එම සංචාරය, Prime සමූහයේ ගෝලීය සම්බන්ධතා ජාලය ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් විදෙස් ආයෝජන, අවස්ථා සහ වටිනාකම් බවට පරිවර්තනය කිරීමේ සුවිශේෂී ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකි වේ.

Prime සමූහය සිය ජාත්‍යන්තර ආවරණය තවදුරටත් පුළුල් කරමින්, ශ්‍රී ලංකාවේ දේපළ ක්ෂේත්‍රය වඩාත් පුළුල් ගෝලීය ආයෝජක ප්‍රජාවක් වෙත හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින පසුබිමක මෙම ඇගයීම හිමි වී ඇත. මෙම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට රැගෙන යමින්, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර ආයෝජකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්කිරීම Prime සමූහයේ අරමුණ වී තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව