ආසියානු ක්‍රීඩා උළෙලේදී ලැබූ ඓතිහාසික රන් පදක්කම් ජයග්‍රහණය වෙනුවෙන් SLT-MOBITEL වෙතින් සිය සන්නාම තානාපති රුමේෂ් තරංගට සුබපැතුම්

Capture
  • ආසියානු ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයාට උණුසුම් පිළිගැනීමක් –

2026 ජපානයේ අයිචි-නාගෝයා හිදී පැවැත්වුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 88.55 ක දුරක් හෙල්ල විසි කරමින්, ආසියානු ක්‍රීඩා උළෙලකදී එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වූ සිය සන්නාම තානාපති රුමේෂ් තරංග පතිරගේ වෙත SLT-MOBITEL සිය හෘදයාංගම සුබපැතුම් පිරිනමයි.




පාකිස්ථානයේ වත්මන් ඔලිම්පික් ශූර අර්ෂාඩ් නදීම් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අභිභවා යමින් රුමේෂ් තරංග අත්කරගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය, 2026 වසර තුළ ඔහු වාර්තා කරගත් ජයග්‍රහණ මාලාව අතර තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. මීට පෙර බ්‍රසල්ස්හිදී පැවති Diamond League තරගාවලියේ ශූරතාව සහ බුඩපෙස්ට්හිදී පැවති World Athletics Ultimate Championship තරගාවලියේ ශූරතාවද දිනාගත් ඔහු, ලොව විශිෂ්ටතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් අතර තමන්ට හිමි ස්ථානය තවදුරටත් තහවුරු කරගනිමින් සිටී.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සම්පාදක ලෙස, ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ තව තවත් ජයග්‍රහණ කරා යාමට රුමේෂ් තරංග දරන ප්‍රයත්නයට අඛණ්ඩව සහාය වීම SLT-MOBITEL හි අරමුණයි. ඔහුගේ මෙම සුවිශේෂී ජයග්‍රහණය රටේ ක්‍රීඩා ඉතිහාසයේ තවත් අතිශය වැදගත් සන්ධිස්ථානයකි. මෙබඳු ජයග්‍රහණ තුළින් පන්නරය ලබමින් රුමේෂ් තරංග නුදුරේදීම තම ඔලිම්පික් සිහිනය සැබෑකරගනු දැකීම SLT-MOBITEL හි අපේක්ෂාව වන අතර, ඒ සඳහා ඔහුට දිගින් දිගටම සහය වෙමින්, ගෝලීය ක්‍රීඩා ක්ෂේත්‍රය ජයගැනීමට ශ්‍රී ලංකාවට අත්වැලක් වීමට සමාගම සූදානමින් සිටී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි රුමේෂ් තරංගට SLT-MOBITEL වෙතින් උණුසුම් පිළිගැනීමක් හිමි විය. එම අවස්ථාවට SLT-MOBITEL සාමාන්‍යාධිකාරී අසිත ජයසේකර මහතා මෙන්ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන කපිල කුලසේන, පුෂ්ප තරංග සහ දිල්කුෂාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූහ.

ක්‍රිකට් වේගපන්දු යවන්නෙකු ලෙස සිය ක්‍රීඩා දිවිය ආරම්භ කර, ආසියාවේ විශිෂ්ටතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා බවට පත්වීම දක්වා රුමේෂ් තරංග පැමිණි ගමන, අධිෂ්ඨානය, විනය සහ විශිෂ්ටත්වය වැනි ගුණාංග මැනැවින් පිළිබිඹු කරන්නකි. මෙබඳු ගුණාංගවලට SLT-MOBITEL ද හැමවිටම ප්‍රමුඛත්වය ලබාදෙයි.

මෙම ඓතිහාසික ජයග්‍රහණය, ගෝලීය තලය තුළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ඔවුන්ට සවිමත් අත්වැලක් වීම සඳහා SLT-MOBITEL දක්වන කැපවීම යළි තහවුරු කරනු ඇත.

ඉදිරියේදීත් මව්බිම රනින් බැබලවීමට රුමේෂ් තරංගට සහය වන අතරම, ඔහුගේ ජයග්‍රාහී ගමන්මඟ ශ්‍රී ලංකාවේ නව පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් වනු දැකීම SLT-MOBITEL හි පරමාර්ථයයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව