
ශ්‍රී ලංකාව පුරා සිටින කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයින්ට 2026 වසර අතිශය අභියෝගාත්මක මෙන්ම සිදුවීම් බහුල කාලපරිච්ඡේදයක් විය. කලාපීය ඉන්ධන මිල වෙනස්වීම්වල සිට බඩඉරිඟු සහ සෝයා ආනයන සීමා කිරීම් දක්වා වූ කරුණු කිහිපය හේතුවෙන්, ගෝලීය සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය පිරිවැය අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් තිබෙන අතර එහි සෘජු බලපෑම සිල්ලර වෙළඳපොළ දක්වා මේ වනවිට ව්‍යාප්ත වී තිබේ. විශේෂයෙන්ම ගෝලීය ගැටුම් හමුවේ කලාපීය සැපයුම් දාමයන්ට එල්ල වූ බාධා නිසා පසුගිය මාර්තු මාසයේදී කුකුළු මස් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා විය. එමෙන්ම වසර පුරාම බිත්තර මිල ද වරින් වර වෙනස්වීම් වලට ලක් විය. නිෂ්පාදන පිරිවැයෙන් වැඩි කොටසක් සත්ත්ව ආහාර සඳහා වැය වන පසුබිමක, මෙවැනි මිල වෙනස්වීම් කුඩා හා මධ්‍යම පරිමාණයේ සිට මහා පරිමාණ ගොවිපළවල් දක්වා සමස්ත කර්මාන්තයටම දැඩි තර්ජනයක් එල්ල කර ඇත.
කුකුළු මස් හෝ බිත්තර විදේශ රටවලට අපනයනය නොකළ ද, අනෙකුත් බොහෝ දේශීය ආහාර වර්ගවලට වඩා මෙම කර්මාන්තය ගෝලීය වෙළඳපොළේ සිදුවන වෙනස්වීම්වලට සෘජුවම නිරාවරණය වන බව මින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාව සිය සත්ත්ව ආහාර අමුද්‍රව්‍යවලින් විශාල කොටසක් විදේශයන්ගෙන් ආනයනය කරන බැවින්, බොහෝ පාරිභෝගිකයින් සිතනවාට වඩා වැඩි වේගයකින් දේශීය මිල ගණන් ජාත්‍යන්තර වෙළඳපොළ වෙනස් වීම් වලට ලක් වනු ඇත. තවද, සමුද්‍රීය ප්‍රවාහන ගාස්තු වෙනස්වීම් සහ අස්වැන්න අඩුවීම වැනි කරුණු සති කිහිපයක් ඇතුළත කොළඹ සිල්ලර වෙළඳසැල්වල මස් සහ බිත්තර මිල කෙරෙහි බලපෑම් ඇති කරයි. බොහෝ පාරිභෝගිකයින් මේ අතර පවතින සෘජු සම්බන්ධතාවය හඳුනා නොගත්ත ද, නිෂ්පාදකයින් දිනපතා මුහුණ දෙන යථාර්ථය වන්නේ මෙයයි.
එසේනම් මෙතරම් අඩු ලාභ ප්‍රතිශත මත ක්‍රියාත්මක වන, ගෝලීය බලපෑම්වලට සෘජුවම නිරාවරණය වූ මෙවැනි කර්මාන්තයක් සම්බන්ධයෙන් මතු වන වැදගත්ම ප්‍රශ්නය වන්නේ ‘අවිනිශ්චිතතාවයක් ඇති වේද නැද්ද’ යන්න නොවේ. මන්ද, බොහෝ වසරවලදී කිසියම් හෝ ආකාරයකින් එවැනි අර්බුදයක් හටගැනීම වැළැක්විය නොහැකි යථාර්ථයක් වන බැවිනි. එහිදී නැගෙන වඩාත් කාලීන ප්‍රශ්නය නම්, එම අභියෝගවල සමස්ත පීඩනය ගොවීන් සහ පාරිභෝගිකයින් පිට නොපටවා, අර්බුද වලට ඔරොත්තු දිය හැකි පරිදි ව්‍යුහගත වී ඇත්තේ කුමන ආකාරයේ නිෂ්පාදකයින් ද යන්නයි.
අර්බුද කෙරෙහි පළමුව මුහුණ දෙන ගොවීන්
මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාවේ කුකුළු මස් සහ බිත්තර ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක යථාර්ථය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. දිවයිනේ සමස්ත කුකුළු ගොවිපළවල් අතරින් බහුතරයක් කුඩා පරිමාණ නිෂ්පාදකයින් වන අතර, සමස්ත ජාතික නිෂ්පාදනයට ඔවුන් ලබා දෙන දායකත්වය අඩු අගයක් ගනී. මෙය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන පොදු රටාවකි. ජීවනෝපාය උදෙසා පවුලේ අතිරේක ආදායම් මාර්ගයක් ලෙස මෙම ගොවිපළවල් පවත්වාගෙන යන කුඩා පරිමාණ නිෂ්පාදකයින්ට, පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යන අවස්ථාවලදී ඊට ඔරොත්තු දීමේ හැකියාව ඉතා සීමිත වන අතර සත්ත්ව ආහාර සඳහා වාසිදායක මිල ගණන් සාකච්ඡා කර ගැනීමට හෝ ස්ථාවර මිලකට තොග වශයෙන් මිලදී ගන්නා විශ්වාසනීය ගැනුම්කරුවන් සොයා ගැනීමට නොහැකි වීම ඊට ප්‍රධාන හේතුවයි.
මේ ආකාරයේ ගොවිපළවල් බහුතරයක් පවත්වාගෙන යනු ලබන්නේ අක්කරයකින් පංගුවක් වැනි ඉතා කුඩා ඉඩම් කැබලිවලය. ඒවා බොහෝ විට ප්‍රධාන ජීවනෝපායට අමතරව සිදුකරන අතිරේක ආදායම් මාර්ගයක් පමණක් වුව ද පවුලේ ආර්ථිකය මුළුමනින්ම ගොවිපළ මත රඳා නොපැවතීමත් අබුදකාරී මාස කිහිපයකට නොසැලී මුහුණ දීමට තරම් මූල්‍යමය හෝ ව්‍යුහාත්මක ශක්තියක් නොමැති වීමත් නිසා ඔවුන් වෙළඳපොළ අර්බුද ඉදිරියේ දැඩි අවදානමකට ලක් ව තිබේ. මීළඟ සත්ත්ව ආහාර තොගයේ මිල කොපමණ වේදැයි නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි පසුබිමක, ඉදිරි කන්නයේ නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීමට පවා මෙම ගොවීන්ට අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබේ.
මෙය හුදෙක් අභියෝග හා දුෂ්කරතා පිළිබඳ කතාවක් නොව, සමස්ත කර්මාන්තයේ පවතින ව්‍යුහාත්මක යථාර්ථය පිළිබඳ පැහැදිලි කිරිමකි. අර්බුදකාරී කාලපරිච්ඡේදයකදී වඩාත්ම සුරක්ෂිත වන්නේ, විවෘත වෙළඳපොළේ අවදානමට තනිවම මුහුණ දෙන නිෂ්පාදකයින්ට වඩා, ස්ථාවර මිලදී ගන්නෙකු සහ පුරෝකථනය කළ හැකි ඉල්ලුමක් සහිත විධිමත් එකඟතාවයක් මත කටයුතු කරන ගොවීන් ය. මෙම දෙපිරිස අතර වෙනස තීරණය වන්නේ ඔවුන්ගේ කැපවීම හෝ කුසලතාව මත නොව, තනි කුඩා පරිමාණ ගොවියෙකුට හඹා යා නොහැකි තරම් වේගයෙන් වෙනස් වන වෙළඳපොළ හමුවේ ඔවුන් තනි වී සිටිනවා ද, නැතහොත් එම අවදානම බෙදාහදා ගන්නා ව්‍යුහගත පද්ධතියක කොටස්කරුවෙකු වී සිටිනවා ද යන්න මත ය.
නව ව්‍යුහයක් ඔස්සෙ වටිනාකම් දාමය ගොඩනැගීම
නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ නිෂ්පාදන සැපයුම් ක්‍රමවේදය සුවිශේෂී වන්නේ මෙම පසුබිම තුළ ය. වසර ගණනාවක සිට, විවෘත වෙළඳපොළෙන් සත්ත්ව නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් නොසිට, ස්වාධීන ගොවීන් සමඟ සෘජුවම කටයුතු කරමින් ව්‍යුහගත කොන්ත්‍රාත් ගොවිතැන් සහ බාහිර වගාකරුවන්ගේ සහභාගීත්ව ඔස්සේ සිය සැපයුම් ජාලය ගොඩනැගීමට ඔවුන් කටයුතු කොට තිබේ. මේ වන විට නිව් ඇන්තනීස් සමාගමේ සමස්ත නිෂ්පාදනයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙන්නේ කුඩා පරිමාණ ගොවීන් විසිනි. මෙය කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ ජාතික දායකත්ව අනුපාතයට වඩා සැලකිය යුතු ඉහළ අගයක් වන අතර, ගොවීන්ට වෙළඳපොළ අවදානමට තනිවම මුහුණ දීමට ඉඩ නොතබා, ඔවුන්ව විධිමත් ලෙස වටිනාකම් දාමයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කිරීමේ අරමුණු සහගත උපායමාර්ගය මින් පිළිඹිබු වේ.
මෙම ආකෘතිය සාර්ථක වන්නේ එය දෙපාර්ශ්වයටම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන බැවිනි. එනම් නිව් ඇන්තනීස් සමාගමට, සිය ‘ප්‍රතිජීවකවලින් තොර’ ප්‍රමිතීන්ට අනුකූලව ඇතිදැඩි කළ කුකුළු මස් නිෂ්පාදනය පිළිබඳ තොරතුරු පූර්ණ විනිවිදභාවයකින් යුතුව ලබා ගැනීමට මින් හැකියාව ලැබේ. එය පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට මෙන්ම සමාගම ජාත්‍යන්තරව දිනාගෙන ඇති ගෞරවයට ද අත්‍යවශ්‍ය සාධකයකි. ඊට සමගාමීව, ගොවීන්ට ද ඒ හා සමාන වූ වටිනා ප්‍රතිලාභ රැසක් හිමි වේ. එනම්, ස්ථාවර මිලදී ගන්නෙකු, පූර්ව එකඟතාවකට පැමිණි විනිවිදභාවයෙන් යුතු කොන්දේසි සහ තනිව ලබා ගැනීමට අපහසු තාක්ෂණික උපදේශනයයි. කාලයත් සමඟ මෙම සහයෝගය හුදෙක් නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් සීමා නොවී, ජෛව ආරක්ෂණය, පෝෂණ ක්‍රමවේද සහ ගොවිපළ කළමනාකරණය පිළිබඳ දැනුම ලබා දීම දක්වා ව්‍යාප්ත වී ඇත. මෙවැනි තාක්ෂණික සහ දැනුම හුවමාරුවක් මගින් කුඩා පරිමාණ ගොවියෙකුගේ නිෂ්පාදනය, එක් සාර්ථක කන්නයකින් ලැබෙන තාවකාලික ප්‍රතිලාභයකට සීමා නොවී, දිගුකාලීනව සහ තිරසාර ලෙස ආදායම හා ඵලදායිතාව ඉහළ නැංවීමට මෙය මඟ සලසයි.
මෙම එකඟතාවට සම්බන්ධ වන ගොවීන්ට සරල නමුත් අතිශය වැදගත් ප්‍රතිලාභයක් හිමි වේ. එනම්, මාසයෙන් මාසයට පිරිවැය වෙනස් වන අස්ථාවර වෙළඳපොළ පරිසරයක් තුළ පවා වැඩි නිශ්චිතභාවයක් සහ ආදායම් ස්ථාවරත්වයක් අත්කර ගැනීමට හැකි වීමයි. මෙයින් සමස්ත කර්මාන්තයට බලපාන මූලික පිරිවැය පීඩනය මුළුමනින්ම ඉවත් නොකළද, එම පීඩනය සැපයුම් දාමය පුරා බෙදී යන ආකාරය වෙනස් කරයි. ඒ අනුව, සමස්ත වෙළඳපොළ අවදානම සැපයුම් දාමයේ කුඩාම හා වඩාත් අවදානමට ලක්වන පාර්ශ්වය මත පමණක් පැටවීම වෙනුවට, ව්‍යුහගත සහ විධිමත් සම්බන්ධතාවයක් තුළ සාධාරණ ලෙස බෙදාගැනීමට මඟ සැලසේ.
කලාපය පුරා විහිදුණු පොදු රටාව
මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත දකුණු ආසියාවටම පොදු තත්ත්වයකි. කලාපය පුරා ඇති කුකුළු මස් සහ බිත්තර කර්මාන්ත සියල්ලම පාහේ මෙලෙස ආනයනික සත්ත්ව ආහාර මත රඳා පවතින අතර, එමඟින් සියලුම නිෂ්පාදකයින් ගෝලීය මිල වෙනස්වීම්වලට යම් මට්ටමකින් නිරාවරණය වේ. භූගෝලීය සහ වෙළඳ රටා ක්ෂණිකව වෙනස් කළ නොහැකි වුවද, ඇතැම් වෙළඳපොළවල් මෙවැනි අභියෝගවලට පහසුවෙන් මුහුණ දෙන්නේ මෙම බලපෑමෙන් නිදහස් නිසා නොවේ. ගිවිසුම්ගත ගොවිතැන වැනි ව්‍යුහයන් හරහා අදාළ අවදානම සහ බලපෑම පාර්ශව අතර සාධාරණ ලෙස බෙදා ගන්නා බැවිනි.
මෙම රටාව දකුණු ආසියාවට පමණක් සීමා නොවී, අග්නිදිග ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල ද දැකගත හැකිය. එහිදී මහා පරිමාණ නිෂ්පාදකයෝ විවෘත වෙළඳපොළෙන් පමණක් මිලදී ගැනීම වෙනුවට ස්වාධීන ගොවීන් සමඟ දීර්ඝකාලීන පදනමකින් කටයුතු කරයි. මෙහි ඇති පොදු ලක්ෂණය වන්නේ සමාගමෙහි විශාලත්වය නොව, කුඩා පරිමාණ ගොවීන් වෙනස් කළ හැකි තාවකාලික සැපයුම්කරුවන් ලෙස නොව දීර්ඝකාලීන පාර්ශ්වකරුවන් ලෙස සැලකීමට දක්වන කැමැත්තයි. ඒ අනුව බලන කල, ‘නිව් ඇන්තනීස්’ ආකෘතිය යනු තනි ව්‍යාපාරික තීරණයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත කලාපයේම කර්මාන්තය ගමන් කරන දිශානතිය පිළිබඳ පිළිබිඹුවකි. එනම්, කන්නයෙන් කන්නයට කෙරෙන තාවකාලික මිලදී ගැනීම් වෙනුවට, දීර්ඝකාලීන සබඳතා මත පදනම් වූ නිෂ්පාදකයන් සහ ගොවීන් අතර සමීප ඒකාබද්ධතාවයක් ගොඩනැගීමයි.
ස්ථාවර නිර්මාණ සැලසුම
මින් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ අනෙකුත් කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයන් මුහුණ දෙන පිරිවැය පීඩනයෙන් ‘නිව් ඇන්තනීස් ෆාම්ස්’ සමාගම සම්පූර්ණයෙන්ම නිදහස් නොවන බවයි. කෙසේ වෙතත්, අවිනිශ්චිත කාලපරිච්ඡේදයකට සාර්ථකව මුහුණ දීමට සැපයුම් දාමයක ස්වභාවය, විශේෂයෙන්ම කර්මාන්තයේ කොඳුනාරටිය බඳු කුඩා පරිමාණ ගොවීන් සමඟ පවතින සමීප සබඳතාව, කෙතරම් තීරණාත්මක ද යන්න මෙයින් පැහැදිලි වේ. එමෙන්ම, සතියෙන් සතිය අඩුම මිල සොයන සැපයුම්කරුවන් මත යැපෙනවාට වඩා, දීර්ඝකාලීන ගොවි සබඳතා මත පදනම් වූ සැපයුම් දාමයක් මඟින් නිෂ්පාදනවල ස්ථාවර ගුණාත්මකභාවයක් සහ බාධාවකින් තොර සැපයුමක් සහතික කළ හැකි බැවින්, එහි වක්‍ර වාසිය අවසානයේ හිමිවන්නේ ද පාරිභෝගිකයාටමය.
2026 වසරේ ඉතිරි කාලය පුරාත් සත්ත්ව ආහාර පිරිවැය සහ ආනයන තත්ත්වයන් නිරන්තරයෙන් වෙනස් විය හැකිය. එවැනි පසුබිමක වඩාත් වැදගත් වන්නේ, යම් අභියෝගයකදී කුමන නිෂ්පාදකයා කෙතරම් වේගයෙන් ක්‍රියා කළාද යන්නට වඩා, මෙවැනි අවිනිශ්චිතතාවයකට පෙර සිටම සාර්ථකව මුහුණ දීම සඳහා ස්ථාපිත කර තිබුණේ කුමන ආකාරයේ ව්‍යාපාරික ආකෘතියක්ද යන්නයි. ඒ අනුව බලන කල, ගිවිසුම්ගත ගොවිතැන සහ කුඩා පරිමාණ ගොවීන් ඒකාබද්ධ කරගැනීම උදෙසා ‘නිව් ඇන්තනීස්’ සමාගම දැක්වූ දීර්ඝකාලීන කැපවීම, හදිසි අර්බුදයකට දැක්වූ ක්ෂණික ප්‍රතිචාරයකට වඩා, මෙවැනි අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට ස්ථාවරව මුහුණ දීමට හැකි වූ ප්‍රධානතම හේතුව ලෙස සදහන් කළ හැකිය.


