පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා Janashakthi Life තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

IMAGE 01 (LBN)

රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු  මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් සිය තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව දැන් එම ශාඛාව අංක 2/1, වෙරළ පාර, තංගල්ල යන ස්ථානයේ පිහිටා ඇත.

ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම ශාඛාව, ඔවුන්ට විශිෂ්ට හා සුහදශීලී සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය. මේ හේතුවෙන් මින් ඉදිරියට තංගල්ල ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට, මෙතෙක් ලබාදුන් සේවාවටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීමට Janashakthi Life සමාගමට හැකි වනු නිසැකය.




තම ගනුදෙනුකරුවන් සමඟ සමීපව සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන,  එම අවශ්‍යතා කාර්යක්ෂම ලෙස සපුරාලීමට Janashakthi Life සෑම විටම උත්සාහ කරයි. තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම එම උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

නව ශාඛාව ඔස්සේ තම ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් කරගනිමින්, ගනුදෙනුකරුවන් කවදත් තමන්ගෙන් අපේක්ෂා කරන විශිෂ්ට තලයේ සේවාව අඛණ්ඩව එලෙසින්ම ලබාදීම Janashakthi Life හි අරමුණ වී ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව