
බස්නාහිර පළාතෙන් පිටත සිය උසස් මට්ටමේ අලෙවි ජාලය තවදුරටත් ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කුරුණෑගල මීගමුව පාරේ ‘Sumidag Prime’ හි සිය නවතම ‘Shop-in-Shop’ (SIS) අලෙවිසැල විවෘත කර ඇත. මෙමගින් එම ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට සමාගමේ ටයර් නිෂ්පාදන සමඟ වෘත්තීය මට්ටමේ වාහන සේවා වඩාත් සමීප කරවයි.
මල්කඩුවාව ප්‍රදේශයේ වෙලගෙදර විද්‍යාලය අසල පිහිටි මෙම නවතම අලෙවිසැල, මෙරට තුළ සියැට් සතු 14 වන SIS අලෙවිසැල වේ. ටයර් මිලදී ගැනීම සහ සේවා ලබා ගැනීම, වඩාත් පහසු, ආකර්ෂණීය හා පාරිභෝගික කේන්ද්‍රීය අත්දැකීමක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සියැට් හි මෙම අලෙවි සංකල්පය පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙස මෙම අලෙවිසැල ස්ථාපිත කර ඇත.
සියැට් කැලණි හි දිගුකාලීන අලෙවි හවුල්කරුවෙකු වන ‘Sumidag’ ආයතනයට මෙම දියත් කිරීම විශේෂිත වූ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. 1986 වසරේදී අජිත් කරුණාරත්න මහතා විසින් ආරම්භ කරන ලද ‘Sumidag’ ආයතනය, සියැට් ටයර් සන්නාමය ශ්‍රී ලංකා වෙළඳපලට පිවිසි මුල් අවධියේදී ම සියැට් සමාගම සමඟ අත්වැල් බැඳගත් අතර, එතැන් පටන් දශක තුනකට අධික කාලයක් තිස්සේ පැවත එන ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනඟාගෙන ඇත. මේ වනවිට එම ව්‍යාපාරය සියැට් හි ප්‍රමුඛතම අලෙවි හවුල්කරුවෙකු මෙන් ම කුරුණෑගල කලාපය තුල සියැට් යතුරු පැදි ටයර් බෙදාහරින ප්‍රධාන ආයතනයක් බවට පත්වී ඇත.
චමෝද් කරුණාරත්න මහතාගේ නායකත්වය යටතේ කරුණාරත්න පවුලේ ඊළඟ පරම්පරාව සමඟ ඇතිකර ගන්නා එම දිගුකාලීන හවුල්කාරීත්වයේ ඊළඟ අදියර නියෝජනය කරන මෙම ‘Sumidag’ ප්‍රයිම් දියත් කිරීම, වර්ධනය, පාරිභෝගික අත්දැකීම් සහ විශිෂ්ටත්වය සමඟ මුසු වූ නව මානයකට යොමු කරමින් ව්‍යාපාරය ඉදිරියට ගෙන යනු ඇත.
සියැට් හි අග්‍රගන්‍ය ‘Shop-in-Shop’ අලෙවිසැල් සංකල්පය මත ගොඩනඟන ලද මෙම Sumidag Prime අලෙවිසැල මගින් සාම්ප්‍රදායික බහු-සන්නාම අලෙවි නියෝජිත පරිශ්‍රයක් තුල සියැට් සන්නාමයට වෙන්වූ අග්‍රගන්‍ය අලෙවි ප්‍රදේශයක් ඇති කරයි. මෙම නව දියත් කිරීම මත සිදුකළ ආයෝජනයට පුළුල් අභ්‍යන්තර හා බාහිර වෙළඳ සන්නාම පුවරු සවි කිරීම, ආලෝකමත් වෙළඳ නාම මුහුණත, වැඩිදියුණු කළ සිවිලිම් සහ ඔප දැමීම්, උසස් තත්වයේ ආලෝකකරණය, නවීන ගෘහ භාණ්ඩ, ආකර්ෂණීය ටයර් ප්‍රදර්ශන රාක්ක සහ අන්තර්ක්‍රියාකාරී වෙළඳ විසඳුම් ඇතුළත් වේ. වාහන වල කටයුතු සිදුවන අතරතුර පාරිභෝගිකයින්ට තම අත්දැකීම තවදුරටත් පහසු කිරීමට ඔවුන් සඳහා ම වෙන් වූ විවේකාගාරයක් ද මෙහි ස්ථාපිත කර ඇත.
මෙම නව අලෙවි මධ්‍යස්ථානය වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට ඉතා හොඳ වට්ටම් සහිතව පුළුල් පරාසයක සියැට් ටයර් මිලදී ගැනීමේ අවස්ථාව මෙන් ම, කුරුණෑගල ප්‍රදේශයේ පවතින නවීනතම ටයර් හා රෝද ආශ්‍රිත සේවා ලබා ගැනීමට හැක. මෙහිදී නයිට්‍රජන් හා වායු පිරවීම, රෝද පෙළගැස්ම (wheel alignment), රෝද සමතුලිත කිරීම (wheel balancing), කැම්බර් (camber) සහ කාස්ටර් (caster) සීිරුමාරු කිරීම මෙන් ම ඇලෝයි වීල් සහ බැටරි සම්බන්ධ සේවාවන් ද ලබාගත හැක. පහසු හා ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම් ද මෙහි තිබීම මගින් මෙම මධ්‍යස්ථානය වෙත ළඟා වීමේ පහසුව තවදුරටත් වැඩි වනු ඇත.
දේශීය වෙළඳපොළෙහි වාර්ෂිකව ටයර් මිලියන 1.6කට වඩා අලෙවි කරන සියැට් 2026 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් 2025 සහ 2026 ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කරන ලදී. සියැට් සමාගම ශ්‍රී ලංකාවේ මෝටර් රථ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර මෑතකදී තවත් රුපියල් බිලියන 4.5 ක් කැප කරමින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන අතර ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.


